slc
logo
Home   |    News
අගෝස්තු 17, 2023
කොදෙව්‌ යෞවනයෝ ශ්‍රී ලංකාවට එති

sinhala editor

නිල නොවන එක්දින සහ ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළට පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින තරග 2 ක් ඇතුළත් වේ.

ලබන 25 වැනිදා කොළඹ සී. සී. සී. පිටියේ පැවැත්වෙන පුහුණු තරගයෙන් අනතුරුව ලබන 27 වැනිදා දෙරට අතර එක්දින දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීම විශේෂත්වයක් වේ.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 05 වැනිදා සිට 08 වැනිදා දක්වාත් දෙවැනි තරගය 12 වැනිදා සිට 15 වැනිදා දක්වාත් පැවැත්වෙනු ඇත.

දිනය

තරගය

ක්‍රීඩාංගණය

අගෝස්තු 25 පුහුණු තරගය සී.සී.සී.
අගෝස්තු 27 පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල
අගෝස්තු 30 දෙවැනි ඒක්දින තරගය රංගිරි දඹුල්ල
සැප්තැම්බර් 01 තෙවැනි ඒක්දින තරගය රංගිරි දඹුල්ල
සැප්තැම්බර් 05-08 පළමු සිවු දින තරගය රංගිරි දඹුල්ල
සැප්තැම්බර් 12-15 දෙවැනි සිවුදින තරගය රංගිරි දඹුල්ල

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest