slc
logo
Home   |    News
අගෝස්තු 24, 2023
කොළඹ උතුර පිට පිටම දෙවැනි ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත් විය. කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේ ඊයේ (22) පැවැති කොළඹ උතුරු 17න් පහළ කණ්ඩායම හා මහනුවර 17න් පහළ කණ්ඩායම අතර තරගයේදී කොළඹ උතුරට ලකුණු 17ක ජයක් අත්විය. මෙයට පෙර කොළඹ උතුරු පිල වෙතින් කොළඹ දකුණු පිල කඩුලු 8කින් පරාජය විය.මේ හේතුවෙන් අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 5ක් ගෙන පෙරමුණේ පසුවීමට කොළඹ උතුරු පිලට හැකියාව ලැබී තිබේ. කොළඹ උතුරු 17න් පහළ කණ්ඩායම හා මහනුවර 17න් පහළ කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය මහනුවර පිල දිනා මුලින් පන්දුවට පහරදීමට කොළඹ උතුරු පිලට ආරාධණා කළේය.ඒ අනුව කොළඹ උතුරු පිල ඕවර් 40.1කදී සියලු දෙනා දැවී ලකුණු 138ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම හඹා ගිය මහනුවර 17න් පහළ ක්‍රීඩකයෝ ඕවර් 39.2කදී ලකුණු 121කට දැවී ගියහ. මහනුවර 17න් පහළ බලාපොරොත්තු සුන් කළ කොළඹ උතුරු පිලේ දුල්නිත් සිගේරා ලකුණු 12කට කඩුලු 2ක් හා යෙනුල දෙව්සිත ලකුණු 8කට කඩුලු 2ක් බිදහෙලූහ. එමෙනක්ම තරූෂ දිල්සර හා සෙතුර ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.කොළඹ උතුරු පිල විශාල ලකුණු ගණනකට යෑම වලක්වාලමින් දසුන් වැලිඅංග ලකුණු 20කට කඩුලු 4ක් හා ජයවි ලියනගම ලකුණු 11කට කඩුලු 3ක් බිදහෙලා දස්කම් දැක්වීය.

මේ අතර කොළඹ දකුණ 17න් පහළ පිල හා දඹුල්ල 17න් පහළ පිල අතර කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කොළඹ දකුණට ලකුණු 10ක සියුම් ජයක් අත්විය.කාසියේ වාසිය දිනාගත් දඹුල්ල 17න් පහළ පිල මුලින් පන්දුවට පහරදීමට කොළඹ දකුණු ක්‍රීඩකයින්ට ආරාධනා කළ බැවින් ලකුණු 147ක් වාර්තා වූ අතර පිළිතුරු ඉනිම හඹාගිය දඹුල්ල ක්‍රීඩකායෝ ලකුණු 136කට දැවී ගියහ.කොළඹ උතුරු පිල ලකුණු 140යි (ඕවර් 40.1) – තනූජ රාජපක්ෂ 20, දෙනුර දම්සිත් 12, සමිනුදු මධුරංග 28, රිහ්ම අමරසිංහ 13, යෙනුල දෙව්තුස 11, තනුග පළිහවඩන 24, අතිරේක 21 (දසුන් වැලිඅංග 20/4, ජයවි ලියනගම 11/3)මහනුවර 17න් පහළ පිල ලකුණු 121යි (ඕවර් 39.2)ජනුක රත්නායක 13, ඉසුරු පන්නල 15, ලක්වින් අඹේසිංහ 25, අහමඩ් නහයම් 19, චාරුක ඒකනායක 12, අතිරේක 18 (දුල්නිත් සිගේරා 12/2,යෙනුල දෙව්සිත 8/2, තරූෂ දිල්සර 27/2, සෙතුර ප්‍රනාන්දු 27/2)කොළඹ දකුණට ලකුණු 10 ජයක්

කොළඹ දකුණ 17න් පහළ පිල ලකුණු 147යි (ඕවර් 40.1) –  රිවිත් ජයසූරිය 11, දුරන්ක සිලග්වා 41, දිනෙත් සිතුමිණ 10, රමිරු පෙරේරා 19, දෙනෙත් ප්‍රියංග 12, කවිඳු ඩයස් 10, අතිරේක 22 ( ජෙ. ආර්. නිව්ටන් 34/2, ගීත්ක ද සිල්වා 30/4, දිමත් අඹේසිංහ 29/2, යස්මින් ජයසුන්දර 6/2)දඹුල්ල 17න් පහළ පිල ලකුණු 137යි (ඕවර් 36.1) – බුද්දිම සහන් 45, පන්සිළු රනසිංහ 16, පබසර දිසානායක 19, යස්මින් ජයසුන්දර නොදැවී 17, අතිරේක 21 ( රනුක මලවිආරච්චි 17/5, රෂාන් නවරංජන 30/3)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest