slc
logo
Home   |    News
අගෝස්තු 13, 2023
ගෝල් ටයිටෑන්ස්ට පැරදුණු ජැෆ්නා කිංග්ස් අවධානම් කළාපයට

sinhala editor

BY CHAMILA KARAWITA

පන්දු 13 ක් ඇතුළත ජැෆ්නා කණ්ඩායම සතු හොඳම පිතිකරුවන් සිව්දෙනා ක්‍රීඩා ගාරයට යැවීමට කසුන් රජිත සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කරගත් ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය සදහා තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට අද (13 දා) සමත්විය.

ලකුණු 90 ක ජයග්‍රාහී ඉලක්කයක් හමා ගිය ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමේ ටිම් සීෆර්ට් ඉන් ලකුනු 55 ක් ම තම නමින් සනිටුහන් කර ගත්තේය. පන්දු 42 කින් සමන්විත සේෆර්ට්ගේ ඉනිම හයේ පහර පහකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

ඉලක්කය කුඩා වුවත් වඩා කල්පනාකාරීව පන්දුවට පහර දුන් සීෆර්ට් ඇතුළු ගෝල් පිතිකරුවෝ එම ඉලක්කය සපුරා ගැනීමේදී කඩුලු 7 ක් සහ  පන්දුවාර 6.3 ක් පමණක් ඉතිරිව තබා ගත්හ. තරගාවලියේ මීළඟ තරග වටය වන පිලිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මේ වන විට දළ ලකුණු ලබා ගැනීමේ වේගයද ප්‍රසාද ලකුණු තරමටම වැදගත් වුවත්, මෙම ජයග්‍රහණයත් සමඟ ගෝල්  පිලේ ශුද්ධ ලකුණු වේග – 0.269 ක් ලෙස සටහන් ව තිබේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ලද පරාජයත් සමඟ ඉකුත් වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීම මේ වන විටත් අවදානම් තත්ත්වයකට පත්ව ඇත්තේ මූලික තරග වටයේ ඔවුන් සියලුම තරග වලට මේ වන විටත් සහභාගිව අවසන්ව ඇති බැවිනි. මේ වන විටත් ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්තානයේ රැදී සිටියත් ඔවුනට පහලින් සිටින ගෝල් ටයිටෑන්ස්ට එක් තරගයක් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට තවත් තරග 2 කට සහභාගිවීමට නියමිත තිබෙන බැවින් එම තරග වලදී ඔවුන් වැඩි ලකුණු වේගයක් සහිතව ජය ගැනීමට සමත් වුවහොත් ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථාන  දක්වා පහළ යෑම නවතාලිය නොහැක්කකි.

ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන කසුන් රජිතගේ ලකුනු 20 කට කඩුලු 4 ක් දවා ගනිමින් දක්වන ලද විශිෂ්ට පන්දු යැවීම හමුවේ ජැෆ්නා කිංග්ස් පිලට පන්දුවාර 20 අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 89 ක් පමණි. මෙය එල්.පී.එල්. තරග ඉතිහාසයේ ජැෆ්නා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය. මීට පෙර ජැෆ්නා කණ්ඩායමක් දැවී ගොස් ඇති අවම ලකුණු සංඛ්‍යාව වනුයේ 2021 වසරේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල හමුවේ දැවී ගිය ලකුණු 109 වේ.

එල්.පී.එල්. ඉතිහාසයේ කඩුලු 5 කට වැඩියෙන් දවාගෙන ඇති පන්දු යවන්නන් සිව්දෙනා අතරට එක්ව සිටින කසුන් රජිතගේ පන්දූ යැවීම නිසා පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන්ම ජැෆ්නා පිලේ ලකුණු 36 කට කඩුලු 5 ක් බිඳ වැටිණ. ඉන් සිව් දෙනෙකු කසුන් රජිතගේ නම ඉදිරියෙන් ලියැවෙද්දී ක්‍රිස් ලින්ගේ කඩුල්ල ළහිරු කුමාර විසින් දවා ගත්තේය.

මෙම තරගයේදී ජැෆ්නා පිලේ කිසිම පිතිකරුවකුට ලකුණු 22 සීමාව ඉක්මවාලීමට ගෝල්පන්දු යවන්නෝ අවස්ථාව සලසා නොදුන්හ. ඒ අතරින් ලකුණු 22 ක් ලබා ගත්තේ දුනිත් වෙල්ලාලගේ පමණි. පෙර තරග වලට සාපේක්ෂව පිතිකරණ අනුපිළිවෙළේ උසස්වීමක් ලද වෙල්ලාලගේ අංක 4 ස්තානයෙන්  පන්දුවට පහර දීමට පැමිණ වෙල්ලාලගේගේ එම ඉනිම නොවන්නට මෙතෙක් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 69 ට අඩුවෙන් දැවී ගිය කණ්ඩායම බවට ජැ‌ෆ්නා කණ්ඩායම  පත්වීමට බඩ තිබිණ.

කසුන්ට අමතරව ජැෆ්නා කිංග්ස් අමාරුවේ දැමූ කුමාර ලකුණු 13 කට කඩුලු 2 ක්ද සහ ටබ්‍රේස් ශම්සි ලකුනු 19 කට කඩුලු 2 ක් ද දවාලූහ.

තරගයේ වීරයා – කසුන් රජිත

ලකුණු පුවරුව

ජැෆ්නා කිංග්ස් ලකුණු පන්දු 4 6
නිශාන් මදුශ්ක ඇ.සොහාන් ඩි ලිවේරා ප.කසුන් රජිත 2 3 0 0
රාමනුල්ලා ගුර්බාස් ඇ.චැඩ් බෝව්ස් ප.කසුන් රජිත 0 2 0 0
ක්‍රිස් ලින්   ප.ළහිරු කුමාර 4 4 1 0
දුනිත් වෙල්ලාලගේ ඇ.සොහාන් ඩි ලිවේරා ප.‌ටබ්‍රේස් ශම්සි 22 31 4 0
ෂොයෙබ් මලික්   ප.කසුන් රජිත 0 2 0 0
ඩේවිඩ් මිලර් ඇ.සහ ප.කසුන් රජිත 5 6 1 0
අසේල ගුණරත්න කඩුල්ල මුව ාකළා ප.ශකීබ් අල් හසන් 7 8 1 0
තිසර පෙරේරා   ප.ටබ්‍රේස් ශම්සි 13 9 1 1
මහීෂ් තීක්ෂණ නොදැවී   13 23 0 0
ඩිල්ෂාන් මදුශංක   ප.ළහිරු කුමාර 12 29 1 0
නුවන් තුෂාර දුවද්දී දැවී ගියා කසුන්/සමරකෝන් 7 3 0 1
අතිරේක 4  
එකතුව පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 89
කඩුලු වැටීම / 1-01 (ගුර්බාස් 0.3), 2-07 (ලින් 1.2), 3-07 (මදුෂ්ක 2.1), 4-07 (මලික් 2.3), 5-21 (මිලර් 4.2), 6-38 (ගුණරත්න 6.6), 7-55 (තිසර 9.4), 8-56 (වෙල්ලාලගේ 11.3), 9-80 (මදුශංක 18.6)
පන්දු යැවීම
කසුන් රජිත 4-0-20-4 ළහිරු කුමාර 4-1-13-2
දසුන් ශානක 1-0-08-0 ශකීබ් අල් හසන් 4-0-13-1
ටබ්‍රේස් ශම්සි 4-0-19-2 සීක්කුගේ ප්‍රසන්න 2-0-06-0
ළහිරු සමරකෝන් 1-0-09-0  
ගෝල් ටයිටැන්ස්
භානුක රාජපක්ෂ ඇ.සොයෙබ් මලික් ප.මහීෂ් තීක්ෂණ 15 11 3 0
ටිම් සෆර්ට් ඇ.තිසර පෙරේරා ප.ඩිල්ෂාන් මදුහංක 55 42 5 1
චැඩ් බෝව්ස් නොදැවී   13 23 0 0
ශකීබ් අල් හසන් ඇ.ඩේවිඩ් මිලර් ප.ෂොයෙබ් මලික් 2 4 0 0
දසුන් ශානක නොදැවී   2 1 0 0
අතිරේක 3  
එකතුව පන්දුවාර 13.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 90
කඩුලු වැටීම / 1-34 (භානුක 4.3), 2-85 (සීෆර්ට් 12.3), 3-88 (ශකීබ් 13.2)
පන්දු යැවීම
ඩිල්ෂාන් මදුහංක 4-0-28-1 මහීෂ් තීක්ෂණ 4-0-12-1
නුවන් තුසාර 4-0-38-0 දුනිත් වෙල්ලාලගේ 1-0-09-0
ෂොයෙබ් මලික් 0.3-0-02-1  

 

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar