slc
logo
Home   |    News
අගෝස්තු 15, 2023
ගෝල් ටයිටෑන්ස් දෙවැන්නා වෙමින් අවසන් 4 ට සුදුසුකම් ලබයි

sinhala editor

BY CHAMILA KARAWITA

ලකුණු 20 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගැනීමට ට්‍රබේස් ශම්සි සමත්වීම ප්‍රධාන කොට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ගෝල් ටයිටෑන්ස් පිල ලබන 17 වැනිදා ආරම්භ වන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට අද (15 දා) රාත්‍රියේ සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අද තරගයේදී ශම්සිට අමතරව ප්‍රසන්න සීක්කුගේ සහ ළහිරු කුමාර පිළිවෙළින් කඩුලු 3 සහ 2 බැගින් දවා ගැනීමට සමත්වීම නිසා පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 74 කට සීමා කිරීමට ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. පන්දුවාර 15.4 කදී කලම්බු පිල දැවී ගිය මෙම ලකුණු 74, මෙම තරගාවලියේ කණ්ඩායමක් ලද අඩුම ලකුණු මෙන්ම සමස්ථ තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

එම පහසු ඉලක්කය හඹා ගිය ලසිත් කෲස්පුල්ලේ ප්‍රමුඛ ගෝල් ටයිටෑන්ස් ඉදිරි පෙළ පිතිකරුවෝ පන්දුවාර 8 කුත් පන්දු 3 කදී අපේක්ෂිත ඉලක්කය සපුරා ගත්හ. මෙම හඹා යෑමේදී ලකුණු 19 ක් ඇතුළත භානුක රාජපක්ෂ සහ ලිටන් දාස් දෙදෙනාම දැවී ගියද පිටියේ නොසැලුණු කෲස්පුල්ලේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 25 කදී වේගවත් ලකුණු 42 ක් වාර්තා කරමින් ජයග්‍රහණය ඉක්මන් කළේය. කෘෘස්පුල්ලේ පහර පිට පහර එල්ල කරද්දී  ශකීබ් අල් හසන් සිය ආධුනික පිතිකරුවාගේ වේගවත් පහර නරඹමින් අනෙක් කඩුල්ලේ රැඳී සිටියේ පන්දු 15 කදී ලකුණු 17 ක් ලබා සිටියේය.

පන්දු 69 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදී මෙම තරගය ජය ගැනීමට සමත්වීම නිසා අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලැබීමට පමණක් නොව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ගෝල් පිලට අවස්ථාව උදාවිය. මෙම තරගයේ ජයත් සමඟ ගෝල් ටයිටෑන්ස් පිලේ ශූද්ධ දළ ලකුණු වේගය 0.353 ක් දක්වා ඉදිරියට පැමිණ සිටින බැවින් දෙවැනි ස්ථානයේ පසු වුණු බී -ලව් කැන්ඩි පිල (0.185) තෙවැනි ස්ථානය දක්වා පහත බැස සිටිය.

ඒ අනුව පිලිමළුන් පිටුදැකීමේ තරග වටය යටතේ පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගය සඳහා සුදුසුකම් ලබා සිටින දඹුල්ල අවුරා කණ්ඩායම සමඟ ලබන 17 වැනිදා ප.ව. 3.00 ට ආරම්භ වන තරගයේ ප්‍රතිවාදීන් බවටද ‌ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම දැන් පත්ව සිටියි. අද තරග පරාජයත් සමඟ කලම්බු කණ්ඩායම මූලික වටයෙන් නතර වන අතර දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී බී-ලව් කැන්ඩි කණ්ඩායම වර්තමාන එල්.පීි.එල්. ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සමඟ එදිනම ප.ව. 7.30 ට තරග වදිනු ඇත.

දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම ප්‍රභලම පිතිකරුවන් වන පැතුම් නිස්සංක (02) සහ බාබර් අසාම් (06) මුලු ලකුණු සංඛ්‍යාව 19 ක්ව තිබියදී දවා ගැනීමට ළහිරු කුමාර සමත්විය. පෙරමුණ කැළඹුනු එම බිඳ වැටීමෙන් පසු යළි නැගී සිටීමට කලම්බු පිතිකරුවන් උත්සාහ දරද්දී ඒ අතරට කඩා වැදි ටබ්‍රේස් ශම්සි කලම්බු පිතිකරුවන් අල්ලා පොළොවේ ගසුවේය. වමතින් චයිනමන් පන්දු යවන ශම්සිගේ කඩුල්ලේ ඇතුළටත් පිටතටත් දඟ කැවෙන පන්දු හමුවේ අන්ද මන්ද වූ අංක 3 පිතිකරුවාගේ වූ ළහිරු උදාර (14) ගේ කඩුල්ලේ සිට පිතිකරණ අනුපිළිළිවෙලි ඉතිරි පිතිකරුවන් තිදෙනා වූ නිපුන් ධනංජය (13), නුවනිදු ප්‍රනාන්දු (14) සහ මොහොමඩ් නවාස් (11)  දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 68 කට කඩුලු 6 ක් ලෙස සටහන් කරමිනි. අනතුරුව වගකීම කරට ගත් සීක්කුගේ ප්‍රසන්න ඉතිරි පිතිකරුවන් තිදෙනාව දවා ගත්තේ තවත් ලකුණු 06 ක් එකතු වන අතර වාරයේදීය.

තරගයේ වීරයා – ටබ්‍රේස් ශම්සි

ලකුණු පුවරුව

කලම්බු ස්ට්‍රයිකර්ස් 4 6
පැතුම් නිස්සංක   ප.ළහිරු කුමාර 2 4 0 0
බාබර් අසාම්   ප.ළහිරු කුමාර 6 12 1 0
ළහිරු උදාර   ප.ටබ්‍රේස් ශම්සි 14 16 2 0
නිපුන් ධනංජය කඩුල්ල මුවා කළා ප.ටබ්‍රේස් ශම්සි 13 9 2 0
නුවනිඳු ප්‍රනාන්දු   ප.ටබ්‍රේස් ශම්සි 14 11 1 0
මොහොමඩ් නවාස් ඇ.ලිටන් දාස් ප.ට්‍රබේස් ශම්සි 11 15 1 0
ඉෆ්තිකාර් අහමඩ්   ප.ශකීබ් අල් හසන් 5 16 0 0
චාමික කරුණාරත්න   ප.සීක්කුගේ ප්‍රසන්න 2 7 0 0
ෂොරිෆුල් ඉස්ලාම්   ප.සීක්කුගේ ප්‍රසන්න 0 1 0 0
ජෙෆ්රි වැන්ඩර්සි කඩුල්ල මුවා කළා ප.සීක්කුගේ ප්‍රස්න 0 1 0 0
මතීෂ පතිරණ නොදැවී   0 2 0 0
අතිරේක 7  
එකතුව පන්දුවාර 15.4 කදී සියලු දෙනා දැවී ලකුණු 74
කඩුලු වැටීම / 1-04 (නිස්සංක 1.2), 2-19 (අසාම් 3.6), 3-36 (නිපුන් 6.4), 4-37 (උදාර 6.6), 5-63 (නුවනිඳු 10.5), 6-68 (නවාස් 12.4), 7-71 (චාමික 14.1), 8-74 (ඉස්ලාම් 14.3), 9-74 (වැන්ඩර්ස් 14.4)
පන්දු යැවීම
කසුන් රජිත 2-0-10-0 ළහිරු කුමාර 2-1-09-2
ලහිරු සමරකෝන් 1-0-11-0 ශකීබ් අල් හසන් 3.4-0-08-1
ටබ්‍රේස් ශම්සි 4-0-20-4 සීක්කුගේ ප්‍රසන්න 3-0-14-3
ගෝල් ටයිටෑන්ස්
භානුක රාජපක්ෂ ස්ට.ළහිරු උදාර ප.ඉෆ්තිකාර් අහමඩ් 6 7 1 0
ලසිත් කෲස්පුල්ලේ නොදැවී   42 25 4 3
ලිටන් දාස් ඇ.නුවනිඳු ප.ජෙෆ්රි වැන්ඩර්සි 1 4 0 0
ශකීබ් අල් හසන් නොදැවී   17 15 3 0
අතිරේක 9  
එකතුව පන්දුවාර 8.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 75
කඩුලු වැටීම / 1-13 (භානුක 1.6), 2-19 (දාස් 3.3),
පන්දු යැවීම
ෂොරිෆුල් ඉස්ලාම් 1-0-07-0 ඉෆ්තිකාර් අහමඩ් 3-0-26-1
මොහොමඩ් නවාස් 1-0-06-0 ජෙෆරි වැන්ඩර්සි 3-0-18-1
මතීෂ පතිරණ 0.3-0-18-0  

 

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar