slc
logo
Home   |    News
අගෝස්තු 1, 2023
ගෝල් ටයිටෑන්ස් දෙවැනි ජය ලබද්දී බී ලව් කැන්ඩි දෙවැනි පරාජය ලබයි

sinhala editor

By Chamila Karawita

ටිම් සීෆර්ට්ගේ අනුකම්පාවිරහිත ඉනිමත් පන්දු යවන්නන් නිවැරදි ඉලක්කයට පන්දු යැවීමට සමත්වීම නිසා ප්‍රබල පන්දු යවන්නන්ගෙන් සමන්විත බී ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 83 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ගෝල් ටැයිටෑන්ස් කණ්ඩායම අද (01 දා) රාත්‍රියේ සමත්විය. මෙය මෙවර තරගාවලියේ ගෝල් පිල තරග 2 කදී ලද දෙවැනි ජය ලෙසින් සටහන් වද්දී කැන්ඩි කණ්ඩායම ලද ‌දෙවැනි පරාජය ලෙසින් සනිටුහන් විය.

ලකුනු 181 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිස් කැන්ඩි කණ්ඩායමට කසුන් රජිත සහ රිචර්ඩ් න්ගරාවා ප්‍රමුඛ ගෝල්  පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 17.1 ක් අවසනදී ලකුණු 97 ක් පමණි. ඉනිම ඇරැඹි දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගත් කසුන් රජිත තවත් පන්දු 8 කින් පසු කමිදු මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගනිමින් කැන්ඩි පෙරමුණ බිඳ දැමීය. තම දෙවැනි පන්දුවාරය යැවීමේ පසු කසුන් නවතපු තැනින් පටන් ගත් රිචර්ඩ් න්ගරාවා පළමුව ඇන්ජලෝ මැතිව්ස් (02) සහ නායක වනිඳු හසරංගගේ (09) කඩුලු දවා ගනිමින් කැන්ඩි ආරම්භය තවත් ආගාධයට ඇද දැම්මේය.

ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා ලබා දුන් තල්ලුවද සමඟ තරගයට අවතීර්ණ වුණු ගෝල් පන්දු යවන්නෝ පන්දුවට පහර දුන් පිතිකරුවන්ගෙන් 7 දෙනෙකුම ලකුණු 10 ට අඩුවෙන් තබා ගනිමින් පන්දු යැවූහ. එ් අතුරින් අෂේන් බණ්ඩාර (27) හැරුණු කොටා කිසිවකුටත් ලකුණු 20 සීමාව ඉක්මවාලීමට පන්දු යවන්නෝ අවසර ලබා නොදුන්හ.

කැන්ඩි පන්දු යවන්නන් හමුවේ ඉවක් බවක් නැතිව පන්දුවට පහර දුන් ටිම් සීෆර්ට් මුහුණ දුන් 24 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත්තේය. එය මෙවර තරගාවලියේදී පිතිකරුවකු වාර්තා කරන ද වේගවත්ම අර්ධ ශතකය ලෙසින් සටහන් විය. ශකීබ් අල් හසන් සමඟ සිව්වැනි කඩුල්ලට එක් වුණු සීෆර්ට් පන්දු 52 කදී ලකුණු 93 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩ නැංවූයේ 11 වැනි පන්දුවාරයේ සිට 15 වැනි පන්දුවාරය දක්වා වූ කාල සිමාවේ යවන ලද පන්දු 30 දී රැස් කරන ලද ලකුණු 63 ද සමගිනි.

ඒ අතරතුරදී පන්දු 39 කට මුහුණ දුන් සීෆර්ට් හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 74 ක් ලබා ගත්තේය. තනුක දාබරේගේ දක්ෂ පන්දු රැකීම හේතුවෙන් ශකීබ් දැවී නොයන්නට ගෝල් ලකුණු පුවරුව ලකුණු 200 ට කිට්ටු කිරීමට ඉඩ කඩ පැවතිණ.

ලකුණු 63 කට කඩුලු 3 ක් දැවී ගොස් තිබියදී පිටියට එක් වුණු ශකීබ් අල් හසන් දැවී යන විටත් පන්දු 21 කට මුහුණදෙමින් ලකුණු 30 ක් රැස් කරගෙන සිටියේ හයේ පහර 2 ක් ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. වනිඳුගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ සීෆර්ට් දැවී යන විටත් බී – ලව් කැන්ඩි පිලට කළ යුතු විනාශ කර තිබුණි.

ඉනිමේ අවසන් පන්දුවාර කීපයේදී අල් හසන් සහ සීෆර්ට් දැවී ගියද එම පන්දු 30 දීද ලකුණු 54 ක් එක් කර ගැනීමට ගෝල් පිතිකරුවෝ සමත්වූහ. පළමු භාගයේදී ලකුණු 63 ක් රැස් කළද දෙවැනි භාගයේදී ලකුණු 117 ක් රැස් කර ගැනීමට ගෝල් පිතිකරුවෝ සමත්ව සිටියහ. පන්දු යවන්නන් අතර වැඩිම ප්‍රහාරයකට ලක් වූයේ අමීර් ජමාල් වන අතර ඔහුගේ පන්දුවාර 3 දී ලකුණු 43 ක් රැස් කර ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

අද තරගයේදී කැන්ඩි පිල එක් වෙනස්කමක් සහිතව අවතීර්ණ වුවත් පෙර තරගයේදී කඩුලු රැකි සෆ්‍රාස් අහමඩ් වෙනුවට කඩුලු රැකීමේ කාර්යය දිනේෂ් චන්දිමාල්ට පැවැරී තිබිණ. සෆ්‍රාස්ගේ ස්ථානය සඳහා අසීෆ් අලී කැඳවා තිබිණ. මේ අතර ගෝල් කණ්ඩායමේ කළ වෙනස්කම් අතර සීකුගේ ප්‍රසන්න සහ විශ්ව ප්‍රනාන්දු වෙනූවට අකිල ධනංජය සහ රිචඩ් න්ගරාවා කණ්ඩායමට කැඳවා තිබිණ.

තරගයේ වීරයා – ටිම් සීෆර්ට්

ලකුණු පුවරුව

ගෝල් ටයිටෑන්ස් 4 6
ෂෙවෝන් ඩැනියල් ඇ.කුසල් මෙන්ඩිස් ප.වනිඳු හසරංග 25 31 3 1
ලසිත් කෲස්පුල්ලේ දුවද්දී දැවී ගියා මැතිව්ස් 11 14 1 0
භානුක රාජපක්ෂ ඇ.තනුක දාබරේ පආමර් ජමාල් 4 7 0 0
ටිම් ‌සයිෆර්ට් ඇ.වනිඳු හසරංග ප.මොහොමඩ් හස්නේන් 74 39 5 5
ශකීබ් අල් හසන් දුවද්දී දැවී ගියා දාබරේ/උදාන 30 21 0 2
දසුන් ශානක නොදැවී   9 5 2 0
ළහිරු සමරකෝන් නොදැවී   6 4 1 0
අතිරේක 21  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 180
කඩුලු වැටීම / 1-33 (කෲස්පුල්ලේ 4.5), 2-50 (භානුක 8.3), 3-60 (ඩැනියල් 9.2), 4-155 (අල් හසන් 17.5), 5-165 (සයිෆර්ට් 18.3)
පන්දු යැවීම
මුජීබ් උර් රෙහ්මාන් 4-0-25-0 ඉසුරු උදාන 4-0-30-0
ආමර් ජමාල් 3-0-43-1 මොහොමඩ් හස්නේන් 4-0-26-1
වනිඳු හසරංග 4-0-27-1 කමිදු මෙන්ඩිස් 1-0-16-0
කැන්ඩි බී – ලව්
තනුක දාබරේ ඇ.කසුන් රජිත ප.ළහිරු සමරකෝන් 12 11 2 0
දිනේෂ් චන්දිමාල් ඇ.ටිම් සීෆර්ට් ප.කසුන් රජිත 0 2 0 0
කමිඳු මෙන්ඩිස් ඇ.ෂෙවෝන් ඩැනියල් ප.කසුන් රජිත 3 9 0 0
ඇන්ජලෝ මැතිව්ස්   ප.න්ගරාවා 2 6 0 0
වනිඳු හසරංග ඇ.ටබ්‍රේස් ශම්සි ප.න්ගරාවා 9 7 2 0
අෂේන් බණ්ඩාර ඇ.අකිල ධනංජය ප.ටබ්‍රේස් ශම්සි 27 19 1 2
අසීෆ් අලී ඇ. අකිල ධනංජය ප.ශකීබ් අල් හසන් 3 8 0 0
ආමර් ජමාල්   ප.ශකීබ් අල් හසන් 6 22 0 0
ඉසුරු උදාන කඩුල්ල මුවා කළා ප.ටබ්‍රේස් ශම්සි 16 12 3 0
මොහොමඩ් හස්නේන් ඇ.කසුන් රජිත ප.අකිල ධනංජය 0 6 0 0
මුජීබ් උර් රෙහ්මාන් නොදැවී   0 1 0 0
අතිරේක 19  
එකතුව පන්දුවාර 17.1 කදී සියලු දෙනා දැවී ලකුණු 97
කඩුලු වැටීම / 1-01 (චන්දිමාල් 0.3), 2-08 (කමිදු 2.2), 3-16 (මැතිව්ස් 3.4), 4-26 (දාබරේ 4.6), 5-36 (වනිඳු 5.6), 6-48 (අලී 8.1), 7-63 (ජමාල් 12.6), 8-84 (බණ්ඩාර 14.2), 9-97 (උදාන 16.5)
පන්දු යැවීම
කසුන් රජිත 2-0-08-0 රිචර්ඩ් න්ගරාවා 3-0-15-2
ළහිරු සමරකෝන් 2-0-08-1 ටබ්‍රේස් ශම්සි 4-0-20-2
ශකීබ් අල් හසන් 3-0-10-2 අකිල ධනංජය 3.1-0-21-1

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee