slc
logo
Home   |    News
අගෝස්තු 14, 2023
දඹුල්ල අවුරා LPL ප්‍රසාද ලකුණු සටහන් පෙරමුණට

sinhala editor

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග දෙකක් ඉතිරිව තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා පිල සමත්ව සිටී. දඹුල්ල අවුරා තරග 7කදී ජයග්‍රහණ 5ක් හා තරග 2ක් පරාජයට පත්වී ලකුණු 10ක් ලබා සිටී. ඔවුන් පරාජයට පත්වූයේ මහනුවරදී කැන්ඩි පිලට එරෙහිව කඩුලු 7කින් හා කොළඹදී ගෝල් ටයිටෑන්ස් සමග තරගය සමවී සුපිරි ඕවරයේ ප්‍රතිඵල මතය. දඹුල්ල අවුරා පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය 0.763කි.

දඹුල්ල අවුරා පිලේ පිතිකරුවන් අතර සධීර සමරවික්‍රම අර්ධ ශතකයක් සමග ලකුණු 154ක් ලබා සිටින අතර, එම පිලේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් ලෙස කඩුලු 4 බැගින් බිඳහෙලා සිටින බිනුර ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, හෙයිඩන් කේර් හා නූර් අහමඩ් සිටිති.

වනිඳු හසරංග නායකත්වය දරණ බී-ලව් කැන්ඩි පිල තරග 7කදී ජයග්‍රහණ 4ක් හා පරාජ 3ක් සමග ලකුණු 8ක් ලබා දෙවැනි තැන රැදී සිටී. ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය 0.362කි. බී-ලව් කැන්ඩි පිල තරගාවලිය ආරම්භයේදීම ආර්. ප්‍රේමදාස පිටියේදී කලම්බු ස්ට්‍රයිකර්ස් හා ගෝල් ටයිටෑන්ස් හමුවේ පරාජය වූ අතර, ඊයේ (13) යළිත් වරක් කලම්බු ස්ට්‍රයිකර්ස් වෙතින් පරාජයට පත්විය.

බී-ලව් කැන්ඩි පිලේ පිතිකරුවන් අතර නායක වනිඳු හසරංග ඉදිරියෙන්ම සිටින අතර ඔහු අර්ධ ශතක 2ක් සමග ලකුණු 193ක් ලබා සිටී. කැන්ඩි පිලේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස ද වනිඳු හසරංග ඉදිරියෙන් සිටිමින් කඩුලු 10ක් දවාගෙන සිටී.

ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 6ක් ගෙන තෙවැනි ස්ථානයට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් පත්ව ඇත්තේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුවය. ජැෆ්නා පිල තරග 8කදී ජයග්‍රහණ 3ක් හා පරාජ 5ක් සමග ලකුණු 6ක් ලබා සිටින අතර, දළ ලකුණු ලබා ගැනීමේ වේගය -0.179ක් වේ. ජැෆ්නා පිල ප්‍රේමදාස පිටියේදී දඹුල්ල අවුරා වෙතින් පරාජය වූ අතර, මහනුවරදී බී- ලව් කැන්ඩි හා යළිත් දඹුල්ල අවුරා වෙතින් පරාජය විය. එමෙන්ම ප්‍රේමදාස පිටියේදී කැන්ඩි හා ගෝල් වෙතින් පරාජයට පත්විය.

ජැෆ්නා පිලේ  තව්හිඩ් රිඩෝයි තරග 6කදී අර්ධ ශතකයක් සමග ලකුණු 155ක් ලබා එම පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරු බවට පත්ව සිටින අතර, වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා ලෙස දුනිත් වෙල්ලාලගේ කඩුලු 10ක් ලබා ඇත.

ලකුණු 6ක් ලබා ඇති දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටෑන්ස් පිල ද දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත සිවුවැනි ස්ථානයේ සිටී. ගෝල් තරග 7කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරග 4ක් පරාජයට පත්වී සිටින අතර, දළ ලකුණු ලබා ගැනීමේ වේගය -0.269ක් ලෙස පවතී. ජැෆ්නා කිංග්ස්, කළම්බු ස්ට්‍රයිකර්ස්, බී-ලව් කැන්ඩි හා දඹුල්ල අවුරා හමුවීම්වලදී ගෝල් පිල පරාජයට පත්විය.

ගෝල් ටයිටෑන්ස් පිලේ ටිම් සෙයිෆිර්ට් තරග 7කදී අර්ධ ශතක 3ක් සමග ලකුණු 231ක් ලබා සිටින අතර, කසුන් රාජිත කඩුලු 10ක් බිද හෙලා සිටී.

නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ද තරග 7කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරග 4ක් පරාජයවී සිටී. ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටින කළම්බු පිල -0.627ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා සිටී. ජැෆ්නා කිංග්ස් වෙතින් දෙවතාවක් පරාජය වූ අතර, දඹුල්ල අවුරා හමුවූ අවස්ථා දෙකේදී ද පරාජයට පත්විය.

එම පිලේ බාබර් අසාම් තරග 7කදී ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 255ක් ලබා සිටින අතර වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස මතීෂ පතිරණ කඩුලු 12ක් ගෙන කලම්බු පිලේ ඉදිරියෙන් සිටී.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest