slc
logo
Home   |    News
අගෝස්තු 8, 2023
දඹුල්ල හමුවේ ජැෆ්නා කිංග්ස් දෙවැනි වතාවටත් දණ නමයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

41 වැනි වියේ පසු වුවත් තරුණ ක්‍රීඩකයින්ට ආදර්ශයක් වෙමින් ෂොයෙබ් මලික් පන්දු 53 කදී නොදැවී ලකුණු 74 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගේ සහාය නොමැතිවීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල අවුරා පිලට එරෙහිව අද (07 දා) පැවැති තරගයේදී ලකුණු 09 ක පරාජයක් අත්වින්දේය. අද ජැෆ්නා පිල ලැබු‌වේ මෙවර තරගාවලියේදී පිට පිටම ලද තෙවැනි පරාජය විය.

මීට පෙර පැවැති තරගාවලි ත්‍රිත්වයේදීම ශූරතා දිනා ගැනීමට සමත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එකම තරගාවලියකදීවත් ප්‍රතිවාදී කණ්ඩායමක් හමුවේ පිට පිටම දෙවතාවක් පරාජයට පත්ව නොමැත. නමුත් අද ඔවුන් දඹුලු කණ්ඩායම හමුවේ පිට පිටම ලද දෙවැනි පරාජය ලෙසින් සටහන් විය. මීට පෙර ඔවුන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදීද දඹුල්ල අවුරා පිල හමුවේ කඩුලු 8 ක පරාජයක් අත්වින්දේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී ජැෆ්නා කණ්ඩායම සම්පූර්ණයෙන්ම අසීරුතාවයට පත් කළ හසන් අලී ප්‍රමුඛ දඹුලු ක්‍රීඩකයින් හමුවේ ජැෆ්නා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ට ලකුණු 134 කි.

තරගය නිමා වන විටත් කඩුල්ලේ රැදී සිටි මලික් තම ඉනිමට ලකුණු 74 ක් දක්වා ඉහළ දමා ගනිද්දී දුනිත් වෙල්ලාලගේ හැරුණු විට සෙසු එකම පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉවක්මවාලීමට දඹුලු පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

මෙහිදී කැපී පෙනන පන්දු යැවිමක නිරත වුණු හසන් අලී තම පන්දුවාර 4 ලකුණු 20 කට සීමා කළේ ඔවුන් සතු ප්‍රබලම පිතිකරුවන් වූ රාමනුල්ලා ගුර්බාස් (03), චරිත් අසලංක (05) සහ දුනිත් වෙල්ලාලගේ (16) කඩුලු දවා ගනිමිනි.ඒ හැරුණු විට බිනුර පන්දුවාර 4 කදී ලකුණු 08 කට එක් කඩුල්ලක් දවා ගනිද්දී සහ හේඩ්න් කර් ලකුණු 21 කට  කඩුල්ලක් දවා ගනිමින් ජැෆ්නා පිල අසීරුතාවයට පත් කළහ.

ජැෆ්නා නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පැමිණි දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම පළමු පන්දු වාරයේදී දැවී යෑම ඔවුනට දැඩි පාඩුවක් විය. පළමු පන්දුවේදීම අවිශ්ක කඩුලු අතර දිව යෑමට ගොස් දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත් වද්දී කුසල් මෙන්ඩිස් මහීෂ් තීක්ෂණගේ පන්දුවකට උඩ පන්දුවක් දී ලකුණු නොලබාම දැවී ගියේය.

කෙසේ වෙතත් තෙවැනි කඩුල්ලට එක් වුණු සධීර සහ කුසල් පෙරේරා පන්දු 46 කදී ලකුණ 52 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු දඹුලු පිල යළි ඔසවා තැබීමේ දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් ඒ අතර කඩා පැන් දුනිත් වෙල්ලාලගේ සධීරව (30) දවා ගනිමින් යළි තරගයේ වාසිය ජැෆ්නා වෙත ළඟා කර දුන්නේය.

පිතිකරුවන් ලබා දුන් සියුම් අවස්ථාවලදී පවා පන්දු යවන්නන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 79 ක්ව තිබියදී කණ්ඩායමේ කොඳු නාරටිය බඳු ධනංජය ද සිල්වාගේ කඩුල්ලද දඹුලු පිලට අහිමි කර මිනි. කැන්ඩාවේ පැවැති විස්සයි-20 ලීගයට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ සිටින ෂොයෙබ් මලික් දඹුලු කණ්ඩායමේ මැද පෙළ බිඳ දැමීමේ වගකීම කරට ගත්තේය. ඔහු ධනංජය ද සිල්වාට අමතරව ප්‍රවේගකාරී පිතිකරුවා වන කුසල් පෙරේරාගේ කඩුල්ලද දවා ගත්තේ තම පන්දුවාර 4 ලකුණු 13 කට සීමා කරමිනි.

ඔවුන් සතු තවත් විශ්වාසනීයම පිතිකරුවකු වන ඇලෙක්ස් රොස්වද කඩුලු අතර දිව යෑමට යද්දී දවා ගත් ජැෆ්නා පන්දු යවන්නෝ 17 වැනි පන්දුවාරය වන විට කඩුලු 6 කට ලකුණු 106 කට තබා ගැනීමට සමත්වූහ. කෙසේ වෙතත් පසු පෙළින් පැමිණි හේඩ්න් කර් පන්දු 20 කදී ලකුණු 25 ක් ලබා ගනිමින් දඹුලු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 134 දක්වා රැගෙන ගියේය.

තරගයේ වීරයා – හසන් අලී

ලකුණු පුවරුව
දඹුල්ල අවුරා ලකුණු පන්දු 4 6
අවිශ්ක ප්‍රනාන්දු දුවද්දී දැවී ගියා මදුශංක/ගුර්බාස් 0 1 0 0
කුසල් මෙන්ඩිස් ඇ.ෂොයෙබ් මලික් ප.මහීෂ් තීක්ෂණ 0 2 0 0
සධීර සමරවික්‍රම   ප.දුනිත් වෙල්ලාලගේ 30 25 4 0
කුසල් පෙරේරා   ප.ෂොයෙබ් මලික් 41 36 3 0
ධනංජය ද සිල්වා   ප.ෂොයෙබ් මලික් 4 9 0 0
ඇලෙක්ස් රොස් දුවද්දී දැවී ගියා රිඩෝයි/මලික් 5 8 0 0
ජනිත් ලියනගේ ඇ.ඩේවිඩ් මිලර් ප.නුවන් තුෂාර 6 9 0 0
හේඩ්න් කර් නොදැවී   25 20 2 1
හසන් හලී ඇ.ඩේවිඩ් මිලර් ප.නුවන් තුෂාර 8 8 0 0
නූර් අහමඩ් නොදැවී   7 2 0 1
අතිරේක 8  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 134
කඩුලු වැටීම / 1-00 (අවිශ්ක 0.1), 2-01 (කුසල් මෙන්ඩිස් 0.4), 3-52 (සධීර 7.4), 4-69 (ධනංජය 10.3), 5-79 (රොස් 12.4), 6-85 (කුසල් පෙරේරා 14.2), 7-107 (ජනිත් 17.4), 8-126 (අලී 19.4)
පන්දු යැවීම
මහීෂ් තීක්ෂණ 4-0-26-1 නුවන් තුෂාර 4-0-26-2
ඩිල්ෂාන් මදුශංක 3-0-22-0 විජයකාන්ත් වියස්කාන්ත් 2-0-18-0
දුනිත් වෙල්ලාලගේ 3-0-28-1 ෂො‌‌යෙබ් මලික් 4-0-13-2
ජැෆ්නා කිංග්ස්
රාමනුල්ලා ගුර්බාස් ඇ.ධනංජය ද සිල්වා ප.හසන් අලී 3 11 0 0
චරිත් අසලංක ඇ.දුෂාන් හේමන්ත ප.හසන් අලී 5 9 1 0
ටව්හිඩ් රිඩෝයි ඇ.සධීර සමසරවික්‍රම ප.බිනුර ප්‍රනාන්දු 0 1 0 0
ඩේවිඩ් මිලර් ඇ. සහ ප.හේඩ්න් කර් 2 7 0 0
ෂොයෙබ් මලික් නොදැවී   74 53 5 6
දුනිත් වෙල්ලාලගේ   ප.හනස් අලී 16 17 1 0
තිසර පෙරේරා ඇ.අවිශ්ක ප්‍රනාන්දු ප.නූර් අහමඩ් 2 5 0 0
වී. වියස්කාන්ත් දුවද්දී දැවී ගියා ධනංය ද සිල්වා 2 6 0 0
මහීෂ් තීක්ෂණ නොදැවී   9 11 1 0
අතිරේක 12  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 7 කට ලකුණු 125
කඩුලු වැටීම / 1-07 (අසලංක 1.6), 2-08 (රිඩෝයි 2.5), 3-10 (ගුර්බාස් 3.6), 4-27 (මිලර් 6.1), 5-66 (වෙල්ලාලගේ 12.1), 6-69 (තිසර 13.1), 7-72 (වියස්කාන්ත් 14.4)
පන්දු යැවීම
බිනුර ප්‍රනාන්දු 4-0-08-1 හසන් අලී 4-0-20-3
නූර් අහමඩ් 4-0-46-1 හේඩ්න් කර් 4-0-21-1
ධනංජය ද සිල්වා 4-0-30-0  

 

 

Active filters

Recent Posts

  • ෆ්ලෙචර් – ශකීබ් ගෝල් මාවල්ස්ට පළමු ජය රැගෙන එති
    පන්දු 25 කදී ලකුණු 66 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුවත් සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොමැතිවීම නිසා ලංකා ටී-10 තරගාවලිය යටතේ අද (11 දා) පැවැති දෙවැනි […]
  • ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවට ටී-10 ක්‍රිකට් එක්වූ වගයි…
    වසර දෙදහස් හයසියයකට ඈත අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් අද (11) දිනයේ නැවත වරක් ජගත් ප්‍රජාවගේ විශේෂ අවධානයට යොමු වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් සහ ක්‍රිකට් […]
  • ටී-10 පළමු තරගයෙන් ජැෆ්නා ටයිටෑන්ස්ට ජය
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම […]
  • ටී-10 පළමු අර්ධ ශතකය දසුන් ශානකගෙන්
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) ඇරැඹි අභිනව ටී-10 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය තමන් සතු කර ගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමත්වූවේය. ජැෆ්නා ටයිටෑන්ස් […]
  • ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස අගදී නවසීලන්තයට
    එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම දෙසැම්බර් මස අගදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය ලබන ජනවාරි මස මැද දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියට එක්දින තරග […]

Pin It on Pinterest

USD United States (US) dollar