By Chamila Karawita
මතීෂ පතිරණ, නසීම් ෂා සහ ජෙෆ්රි වැන්ඩර්සිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ බි ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද (31 දා) රාත්‍රියේ සමත්විය. මෙය කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මෙම තරගාවලිය යටතේ වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.
තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් රැස් කරන ලද ලකුණු 157 ක ලකුණු සංඛ්‍යාව, ආර්. ප්‍රේමදාස තණතීුවේදී ප්‍රමාණවත් නොවනු ඇතැයි අපේක්ෂා කෙරුණද ඉහත පන්දු යවන්න්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ප්‍රතිවාදී කැන්ඩි ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130 ක් පමණි.
මුලු ලකුණු සංඛ්‍යාව 28 ක් වන විටත් තනුක දාබරේ සහ කමිදු මෙන්ඩිස්ව නරඹන්නන් බවට පත් කළ නසීම් ෂා සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දවා ගනිමින් කඩුලු දඩයම ආරම්භ කළ මතීෂ පතිරණ අනතුරුව වනිඳු හසරංග සහ ඉසුරු උදානගේ කඩුල් ද සමග තම පන්දුවාර 4 දී ලකුණු 24 කට නවතාලූවේ ඉනිමේ හොඳම පන්දු යැවීමට හිමිකම් කියමිනි. ඔහුට අමතරව ජෙෆ්රි වැන්ඩර්සි අනේන් බණ්ඩාරගේ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුලු පන්දු 5 ක් ඇතුළතදී දවාලමින් කැන්ඩි කණ්ඩායම අපහසුතාවයට පත් කළහ.
එතැනින් වැටුණු කැන්ඩි කණ්ඩායමට නැවත අවස්ථාවක් සලසා ලීමට කලම්බු පන්දු යවන්නෝ අවස්තාව ලබා නොදුන්හ. ඔවුන් 12 වැනි පන්දුවාරයේ සිට ඉනිම හමාර වෙන තෙක් යවන ලද පන්දු 54 න් හතරේ සීමාව ඉක්මවා යෑමට ප්‍රතිවාදී පිතිකරුවන්ට අවස්ථාව සලසා දෙන ලද්දේ අවස්ථා 2 කදී පමණි. එයින්ද පළමු අවස්ථාව පැමිණෙන්නේ 12 වැනි පන්දුවාරයේ ආරම්භයේ සිට පන්දු 41 ක් යැවීමෙන් අනතුරුව වීම කැපී පෙනෙයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ඇන්ජලෝ මැතිව්ස් පමණක් වන අතර හේ පන්දු 22 කදී ලකුණු 25 ක් රැස් කළේය.
මහනුවර කිසි විටෙකත් හඹා යාමට නොහැකි විය. මැතිව්ස් ලකුණු 22කින් ලකුණු 25ක් රැස් කළේ වෙනත් කිසිදු දස්කම් දැක්වීමකින් තොරවය. නව පන්දුවේදී නසීම් ෂා ලකුණු 19කට කඩුලු 2ක් දවාගත් අතර මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 3ක් දවාගත්තේය. ජෙෆ්රි වැන්ඩර්සේ ද කඩුලු 2ක් දවා ගැනීමට මහනුවර පිලට හැකිවූයේ කඩුලු 8කට ලකුණු 130ක් පමණි. ඉදිරිපත් කිරීම සඳහා රැඳී සිටින්න.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල වෙනුවෙන් ඉනිම ඇරැමි බාබර් අසාම් 19 වැනි පන්දුවාරය වන තෙක්ම පන්දුවට පහර දෙමින් මුහුණ දුන් 48 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත්තේය. තරගය පැවැති තණතීරුවෙන්ද පිතිකරුවන්ට එතරම්ම වාසි දායක තත්ත්වක් පෙන්නුම් නොකළ නමුත් කඩුල්ල ආරක්ෂා කරගත් අසාම් 19 වැනි පන්දුවාරය තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
බහුතර පිතිකරුවනට ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට නොහැකිවද්දී බාබර් අසාම් පන්දු 52 කින් ලකුණු 59 ක් රැස් කළේ තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සරසා ගනිමිනි.
17 වැනි පන්දුවාරය අවසන් වන විටත් ස්ට්‍රයිකර්ස් ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 කට ලකුණු 124 ක් ලෙසිනි. කෙසේ වෙතත් අවසන් පන්දු 18 දී ලකුණු ලබා ගැනිමේ වේගය වැඩි කළ කලම්බු පිතිකරුවෝ ලකුණු 33 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගත්හ. වේගය අඩාල කරමින් ඉසුරු උදාන යොමු කරන ලද පන්දුවකට උඩ පන්දුවක් ලබා දී බාබර් අසාම් දැවී ගියේය. අනතුරුව වනගකීම කරට ගත් චාමික කරුණාරත්න පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් ලලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.
සමාරම්භක තරගයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් බොහෝ දෙනාගේ අවධානය දිනාගත් නිරෝෂන් දික්වැල්ලට අද රැස් කර ගත හැකි වූයේ ලකුණු 04 ක් පමණි. ඉසුරු උදානගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දික්වැල්ල දැවී ගියේය. පළමු තරගයේදී ලකුණු අතරට පැමිණීමට අසමත් වුණු පැතුම් නිස්සංක අද දිනයේදීද ලබා ගත්තේ ලකුණු 15 ක් පමණි. කඩුලු අතර දිව යෑමේදී වූ සිදුවූ අතපසුවකදී නිස්කාරණේ පැතුම් පිටියෙන් ඉවත් විය. කෙසේ වෙතත් බාබර් අසාම්ට එක් වුණු නුවනිදු ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල සදහා පන්දු 57 කදී ලකුණු 60 ක් එක් කරමින් කලම්බු ඉනිමට ජීවයක් ගෙන ආහ.
අද තරගය සඳහා කලම්බු පිල වෙනස්කම් දෙකක් සිදුකරමින් අවතීර්ණව සිටි අතර එහිදී යශෝධ ලංකා වෙනුවට කණ්ඩායමට පැමිණි ධනංජය ලක්ෂාන් පන්දු 6 කදී ලකුණු 10 ක් රැස් කරගත්තේය. ඊට අමතරව අද තරගයේදී ලක්ෂාන් සඳකැන්ගේ ස්ථානය සඳහා ජෙෆ්රි වැන්ඩර්සි කැඳවා තිබුණේය.
පන්දු යැවිමේදී වනිඳු හසරංගගේ නම ඉදිරියෙන් කඩුලු සටහන් නොවුණත් ඔහුගේ පන්දුවාර 4 දී ප්‍රතිවාදීන් ලබාගෙන තිබුනේ ලකුණු 22 ක පමණි. ඉසුරු උදාන කඩුලු 3 ක් දවා ගනිමින් කැන්ඩි පිලේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වද්දී මොහොමඩ් හස්නේන් කඩුලු 2 ක් දවා ගත්තේය.
තරගයේ වීරයා – බාබර් අසාම්
ලකුණු පුවරුව |
|||||||||
කලම්බු ස්ට්‍රයිකර්ස් | ල | ප | 4 | 6 | |||||
නිරෝෂන් දික්වැල්ල | කඩුල්ල මුවා කළා | ප.ඉසුරු උදාන | 4 | 4 | 1 | 0 | |||
බාබර් අසාම් | ඇ.රමේෂ් මෙන්ඩිස් | ප.ඉසුරු උදාන | 59 | 52 | 4 | 1 | |||
පැතුම් නිස්සංක | දුවද්දී දැවී ගියා | සෆ්‍රාස්/දාබරේ | 15 | 12 | 2 | 0 | |||
නුවනිඳු ප්‍රනාන්දු | ඇ.අෂේන් බණ්ඩාර | ප.මොහොමඩ් හස්නේන් | 28 | 31 | 2 | 1 | |||
ධනංජය ලක්ෂාන් | ඇ.අෂේන් බණ්ඩාර | ප.ඉසුරු උදාන | 12 | 11 | 1 | 1 | |||
මොහොමඩ් නවාස් | ප.මොහොමඩ් හස්නේන් | 10 | 6 | 2 | 0 | ||||
චාමික කරුණාරත්න | නොදැවී | 9 | 4 | 0 | 1 | ||||
රමේෂ් මෙන්ඩිස් | නොදැවී | 6 | 3 | 1 | 0 | ||||
අතිරේක | 14 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු | 157 | ||||||||
කඩුලු වැටීම / 1-04 (දික්වැල්ල 0.4), 2-33 (නිස්සක 3.6), 3-93 (නුවනිඳු 13.1), 4-120 (ලක්ෂාන් 16.5), 5-141 (අසාම් 18.2), 6-151 (නවාස් 19.3) | |||||||||
පන්දු යැවීම | |||||||||
ඉසුරු උදාන 4-0-39-3 | මොහොමඩ් හස්නේන් 4-0-27-2 | ||||||||
ආමර් ජමාල් 4-0-28-0 | වනිඳු හසරංග 4-0-22-0 | ||||||||
තනුක දාබරේ 2-0-14-0 | කමිඳු මෙන්ඩිස් 1-0-11-0 | ||||||||
බී ලව් කැන්ඩි | |||||||||
තනුක දාබරේ | කඩුල්ල මුවා කළා | ප.නසීම් ෂා | 4 | 6 | 1 | 0 | |||
දිනේෂ් චන්දිමාල් | ප.මතීෂ පතිරණ | 10 | 11 | 2 | 0 | ||||
කමිඳු මෙන්ඩිස් | ප.නසීම් ෂා් | 15 | 10 | 2 | 0 | ||||
ඇන්ජලෝ මැතිව්ස් | ඇ.නුවනිඳු ප්‍රනාන්දු | ප.ජෙෆ්රි වැන්ඩර්සි | 25 | 22 | 2 | 1 | |||
අෂේන් බණ්ඩාර | ප.ජෙෆ්රි වැන්ඩර්සි | 12 | 14 | 0 | 1 | ||||
වනිඳු හසරංග | ඇ.නිරෝෂන් දික්වැල්ල | ප.මතීෂ පතිරණ | 9 | 4 | 1 | 0 | |||
සෆ්‍රාස් අහමඩ් | නොදැවී | 16 | 21 | 1 | 0 | ||||
ආමර් ජමාල් | ප.මොහොමඩ් නවාස් | 7 | 9 | 0 | 0 | ||||
ඉසුරු උදාන | ඇ.මොහොමඩ් නවාස් | ප.මතීෂ පතිරණ | 7 | 11 | 0 | 0 | |||
මොහොමඩ් හස්නේන් | නොදැවී | 7 | 12 | 1 | 0 | ||||
අතිරේක | 18 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු | 130 | ||||||||
කඩුලු වැටීම / 1-04 (දාබරේ 0.6), 2-28 (කමිඳු 4.1), 3-34 (චන්දිමාල් 5.3), 4-66 (මැතිව්ස් 10.1), 5-75 (බණ්ඩාර 10.4), 6-84 (වනිඳු 11.3), 7-93 (ජමාල් 13.1), 8-115 (උදාන 16.4) | |||||||||
පන්දු යැවීම | |||||||||
නසීම් ෂා 4-0-19-2 | චාමික කරුණාරත්න 4-0-28-0 | ||||||||
මතීෂ පතිරණ 4-0-24-3 | ජෙෆ්රි වැන්ඩර්සි 4-0-32-2 | ||||||||
මොහොමඩ් නවාස් 4-0-18-1 | |||||||||