By Chamila Karawita
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වූ ජැෆ්නා කිංග්ස් සහ බී – ලව් කැන්ඩි කණ්ඩායම අතර අද (12 දා) පස්වරුවේ පැවැති තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කළ බී ලව් කැන්ඩි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. ඒ සමඟ ඔවුන් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටය හෙවත් ප්ලේ ඔ්ෆ් තරග වටයටද කල්තියාම වැඩි ඉඩ කඩක් වෙන් කර ගැනීමටද අද පස්වරුවේ සමත්විය.
ලකුණු 179 ක අසීරු ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට දුෂ්මන්ත චමීර විසින් යවන ලද තීරණාත්මක අවසන් පන්දුවාරයේදී ලකුණු 18 ක් ලබා ගත යුතු වුවත් ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි ෂොයෙබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේ දෙදෙනාට ලබාගත හැකි වූයේ ලකුණු 09 ක් පමණි.
තමන් සතු අත්දැකීම් සම්භාරයත් සමග ඔ්නෑම වෙලාවක පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යැවිය හැකි පිතිකරුවකු ලෙසින් නම් දරා සිටින ෂොයෙබ් මලික් හමුවේ පන්දු යැවූ දුෂ්මන්ත චමීර යෝකර්ස් පන්දු මෙන්ම වයිඩ් යෝකර්ස් පන්දු භාවිතා කරමින් කැන්ඩි කණ්ඩායමට බලාපොරොත්තුවෙන් පසුවූ පිට පිටම සිව්වැනි ජය කරා රැගෙන ගියේය. තරගය නිමා වන විට ෂොයෙබ්ගේ ඉනිම සටහන් වූයේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 37 කදී ලකුණු 55 ක් වශයෙනි.
ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ අත්‍යවශ්‍ය කඩුලු 3 ක් වූ නිශාන් මදුෂ්ක (08), රාමනුල්ලා ගුර්බාස් (01) සහ චරිත් අසලංකගේ (02) කඩුලු ලකුණු 16 ක දවා ගනිමන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට ඇන්ජලො මැතිව්ස් සමත්වූවේය. අද පළමු වතාවට එල්.පී.එල්. වරම් දිනූ ක්‍රිස් ලින්ටද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නුවන් ප්‍රදීප් අවස්ථාව ලබා නොදුන්නේය. කෙසේ වෙතත් ලින් (27) දැවී යෑමට මත්තෙන් ෂොයෙබ් මලික් සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35 ක් එක් කිරීමට දායකත්වය දක්වා තිබුණි.
ඩේවිඩ් මිලර් ද (24) මුලු ලකුණු සංඛ්‍යාව 90 ක් ව තිබියදී දැවී යෑම නිසා ජැෆ්නා හඹා යෑම අඩපණ විය. කෙසේ වෙතත් ෂොයෙබ් මලික්ට එක් වූ නායක තිසර පෙරේරා පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් වේගවත් ලකුණු 36 ක් ලබා නැවතත් ජැෆ්නා පිලට ජයග්‍රාහී බලාපොරොත්තු රැගෙන ආවේය. කෙසේ වෙතත් තරගයේ 18 වැනි පන්දුවාරය යැවූ නුවන් ප්‍රදීප් තිසරව දවා ගනිමින් නැවතත් අවස්ථාව කැන්ඩි කණ්ඩායම වෙත ලබා දුන්නේය.
පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගනිද්දී නුවන් ප්‍රදීප් ලකුණු 48 කට කඩුලු 2 ක් දවා ගෙන සිටියේය.
අද තරග සඳහා භාවිතයට ගෙන තිබෙන තණතීරුව පිතිකරුවන්ට එතරම් යෝග්‍ය, පන්දුව පිතත්ටම නොපැමිණෙන එකකි. එහෙත් එම අසීරුතාව මැද වුවද ඉතාහොද ආරම්භයක් ලබා දුන් මොහොමඩ් හැරිස්ගේ ලකුණු 81 ක ඉනිම කැන්ඩි ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය. ඔහුගේ ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 178 ක් ලකුණු පුවරුවේ රැඳවීමට කැන්ඩි පිතිකරුවෝ සමත්වූහ.
ෆකාර් සමාන් එක්වූ හැරිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් වැය කළේ පන්දු 33 ක් පමණක් උපයෝගී කර ගනිමිනි. පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන් සමාන් දැවී යන විට ඔහු හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් පන්දු 17 කදී ලකුණු 22 ක් ලබා සිටියේය.
ජැෆ්නා නායකයා අද සිය ප්‍රධානම වේග පන්දු යවන්නන් දෙදෙනා වූ ඩිල්ෂාන් මදුශංක නුවන් තුෂාරව තරමක් ප්‍රමාද කොට භාවිතා කිරීම කැපී පෙනිණ. මෙහිදී නුවන් තුෂාර පන්දු යැවීම සඳහා 6 වැනි පන්දුවාරයේදී කැඳවද්දී ඩිල්ෂාන් මදුශංකව කැඳවීම 8 වැනි පන්දුවාරය දක්වා ප්‍රමාද කෙරිණ. නායකයා තමන් කෙරෙහි තබන ලද විශ්වාසය ඔවුන් දෙපළ ඉටු කරන ලද්දේ යවන ලද පළමු පන්දුවාරවලදීම කඩුල්ලක් දවා ගනිමිනි. මෙහිදී තුෂාර සමාන්ව දවා ගනිද්දී ඩිල්ෂාන් මදුශංක සහන් ආරච්චිගේව (02) දවා ගත්තේය.
වචනයේ පරිසමාර්ථයෙන්ම මොවුන් දෙපළ ඉතා හොඳින් පන්දු යැවූ අතර තරගය නිමා වන විට මදුශංකගේ පන්දු යැවීම පන්දුවාර 4 කදී ලකුණු 31 කට කඩුලු 2 ක් සහ නුවන් තුෂාර පන්දුවාර 4 කදී ලකුණු 31 කට කඩුලු 3 ක් වශයෙන් දවාගෙන සිටියහ. ඊට අමතරව දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 ක් දවාගෙන තිබුණද ඔහුගේ පන්දුවාර 4දී ලකුණු 43 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. අද තරගයට පෙර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට ලබා දෙනු ලබන තැඹිළි වර්ණයෙන් යුත් හිස් වැස්ම වනිඳු හසරංග පැළඳ ක්‍රීඩා කළද දුනිත් ලබා ගත් කඩුලු 2 ත් සමග එම සටහනේ පෙරමුණ ගැනීමට වෙල්ලාලේගේ සමත්වූවේය. ඒ අනුව ඔහු මේ වන විට බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 10 කි.
කැන්ඩි ඉනිමෙහි සාර්ථකම සම්බන්ධතාව වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ මොහොමඩ් හැරිස් සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 75 ක සම්බන්ධතාවයයි. පන්දු 43 ක් වැය වුණු එම සම්බන්ධතාවයේදී ඇන්ජලෝ මැතිව්සගේ දායකත්වය පන්දු 18 කදී ලකුණු 22 කි. ඊට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු හැරිස් තම ලකුණු 81 සඳහා පන්දු 51 ක් වැය කළේය. ඒ ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් කරමිනි.
ලකුණු පුවරුව |
|||||||||
බී-ලව් කැන්ඩි | ලකුණු | පන්දු | 4 | 6 | |||||
මොහොමඩ් හැරිස් | ප.දුනිත් වෙල්ලාලගේ | 81 | 51 | 10 | 2 | ||||
ෆකාර් සමාන් | ප.නුවන් තුෂාර | 22 | 17 | 1 | 1 | ||||
දිනේෂ් චන්දිමාල් | ප.දුනිත් වෙල්ලාලගේ | 1 | 3 | 0 | 0 | ||||
සහන් ආරච්චිගේ | ප.ඩිල්ෂාන් මදුශංක | 2 | 5 | 0 | 0 | ||||
ඇන්ජලෝ මැතිව්ස් | ඇ.ඩේවිඩ් මිලර් | ප.නුවන් තුෂාර | 22 | 18 | 1 | 1 | |||
වනිඳු හසරංග | ඇ.ප්‍රියමාල් පෙරේරා | ප.නුවන් තුෂාර | 19 | 14 | 1 | 1 | |||
අසීෆ් අලී | දුවද්දී දැවී ගියා | ලින්/මදුශංක | 6 | 6 | 0 | 0 | |||
ඉසුරු උදාන | ඇ.ප්‍රියමාල් පෙරේරා | ප.ඩිල්ෂාන් මදුශංක | 9 | 6 | 0 | 1 | |||
දුෂ්මන්ත චමීර | නොදැවී | 0 | 0 | 0 | 0 | ||||
මුජීබ් උර් රෙහ්මාන් | නොදැවී | 1 | 1 | 0 | 0 | ||||
අතිරේක | 15 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු | 178 | ||||||||
කඩුලු වැටීම / 1-51 (සමාන් 5.3), 2-52 (චන්දිමාල් 6.1), 3-63 (සහන් 7.4), 4-138 (හැරිස් 14.5), 5-145 (මැතිව්ස් 16.1), 6-167 (වනිදු 18.5), 7-168 (අලී 19.1), 8-177 (උදාන 19.5) | |||||||||
පන්දු යැවීම | |||||||||
තිසර පෙරේරා 1-0-05-0 | ෂොයෙබ් මලික් 3-0-34-0 | ||||||||
මහීෂ් තීක්ෂණ 4-0-34-0 | නුවන් තුෂාර 4-0-31-3 | ||||||||
දුනිත් වෙල්ලාලගේ 4-0-43-2 | ඩිල්ෂාන් මදුශංක 4-0-31-2 | ||||||||
ජැෆ්නා කිංග්ස් | |||||||||
නිශාන් මදුශංක | ඇ.අසීෆ් අලී | ප.ඇන්ජලෝ මැතිව්ස් | 8 | 9 | 1 | 0 | |||
රාමනුල්ලා ගුර්බාස් | ඇ.දිනේෂ් චන්දිමාල් | ප.ඇන්ජලෝ මැතිව්ස් | 1 | 2 | 0 | 0 | |||
ක්‍රිස් ලින් | ඇ.මොහොමඩ් හැරිස් | ප.නුවන් ප්‍රදීප් | 27 | 26 | 4 | 1 | |||
චරිත් අසලංක | ඇ.දිනේෂ් චන්දිමාල් | ප.ඇන්ජලෝ මැතිව්ස් | 2 | 7 | 1 | 0 | |||
ෂොයෙබ් මලික් | නොදැවී | 55 | 37 | 4 | 1 | ||||
ඩේවිඩ් මිලර් | ප.ඉසුරු උදාන | 24 | 16 | 4 | 0 | ||||
තිසර පෙරේරා | ඇ.දිනේෂ් චන්දිමාල් | ප.නුවන් ප්‍රදීප් | 36 | 20 | 2 | 2 | |||
දුනිත් වෙල්ලාලගේ | නොදැවී | 6 | 5 | 0 | 0 | ||||
අතිරේක | 11 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු | 170 | ||||||||
කඩුලු වැටීම / 1-03 (ගුර්බාස් 0.6), 2-10 (මදුෂ්ක 2.1), 3-16 (අසලංක 4.1), 4-51 (ලින් 8.3), 5-90 (මිලර් 12.4), 6-150 (තිසර 17.5) | |||||||||
පන්දු යැවීම | |||||||||
ඇන්ජලෝ මැතිව්ස් 3-0-10-3 | මුජීබ් උර් රෙහ්මාන් 3-0-23-0 | ||||||||
වනිඳු හසරංග 2-0-22-0 | දුෂ්මන්ත චමීර 4-0-33-0 | ||||||||
නුවන් ප්‍රදීප් 4-0-48-2 | ඉසුරු උදාන 4-0-30-1 | ||||||||