BY CHAMILA KARAWITA
අවසන් සිවු දෙනා අතරට තේරී පත්වන කණ්ඩායම් 4 අතුරින් පළමු සහ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීම වෙනුවෙන් අද පැවැති තීරණාත්මක තරගයේදී බී-ලව් කැන්ඩි පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් වාර්තා කළ දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු 12 ක් ලබා එම සටහනේ පළමු ස්ථානයට පත්ව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට අද (14 දා) රාත්‍රියේ සුදුසුකම් ලබා ගත්තේය.
දඹුල්ල කණ්ඩායම පිට පිටම ලද 5 වැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන්විය. ඒ අනුව දඹුලු කණ්ඩායම පළමු සුදසූකම් ලැබීමේ තරගයේදී නැවතත් බී-ලව් කැන්ඩි කණ්ඩායම සමඟ අගෝස්තු 17 වැනිදා ප.ව. 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග වදිනු ලබති. තෙවැනි සහ සිව්වැනි ස්ථානයන අතර පැවැත්වෙන තරගයේ අවසන් ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න හෙට දිනයේ පැවැත්වීමට නියමිත ගෝල් ටයිටෑන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරගයෙන් අනතුරුව තීරණය වනු ඇත.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් බී-ලව් කැන්ඩි කණ්ඩායමට ධනංජය ද සිල්වා ප්‍රමුඛ දඹුලු පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 19 කුත් පන්දු 4 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 142 කි.
දඹුලු අවුරා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු ධනංජය ද සිල්වා පන්දුවාර 2 කදී ලකුණු 06 කට කඩුලු 4 ක් බිඳ හෙළුවේය. කුසල් මෙන්ඩිස් විවේක ගැනීම මත තරගය මෙහෙයවීමටද වරම් ලද ධනංජයගේ මෙම මෙම දක්ෂතාව නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.
දෙවැනි පන්දුවාරයේ සිටම පන්දු යැවීමට පැමිණි දකුණත් දඟ පන්දු යවන්නා සිව්වැනි ස හය වැනි පන්දු වලදී කැන්ඩි පිලේ ප්‍රබලම පිතිකරුවන් යුගලක් වන ෆකාර් සමාන් සහ මොහොමඩ් හැරිස්ගේ කඩුලු දවා ගත්තේය. එම පන්දුවාරයේදී ලද වාසියත් සමග නැවතත් තම කණ්ඩායමේ සෙසු පන්දු යවන්නන්ට අවස්ථාව ලබා දුන් තාවකාලික අවුරා නායකයා නැවතත් පන්දුව අතට ගත්තේ 12 වැනි පන්දුවාරයේදීය. එම අවස්ථාවේදී ඇන්ජලෝ මැතිව්ස් (26) සහ චතුරංග ද සිල්වාව දවා ගත් ධනංජයට මෙම තරගයේදී කඩුලු 5 ක් දවා ගැනීම සදහා තවත් පන්දුවාර 2 ක් පහසුවෙන්ම යැවීමට අවස්ථාව තිබූ නමුත් ඔහු ඉනිම හමාර වන තෙක්ම යළි පන්දුව අතට නොගත්තේය.
කෙසේ වෙතත් ඒ වන විටත් සිය විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් ධනංජය දවා ගත් ලකුණු 06 කට කඩුලු 4 ට සටහන් විය. තරගාවලියේ පන්දු යැවීමට අමතරව පන්දුවට පහර දීමේදීත් වැඩිම අවධානයක් දිනාගැනීමට සමත්ව සිටින වනිඳු හසරංගව (26) සචිත ජයතිලක දවා ගැනීමට සමත්වීමත් සමඟ ඉනිමේ කැපී පෙනෙන දෙයක් සිදුකළේ නම් ඒ දිනේෂ් චන්දිමාල් ලකුණු 50 ක් ලබා ගැනීම සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 26 ක් ලබා ගැනීම පමණි.
අද තරගය සඳහා දඹුල්ල අවුරා කුසල් මෙන්ඩිස් විවේක ගන්වා තිබූ බැවින් අවිශ්ක ප්‍රනාන්දු සමග ඉනිම ආරම්භ කිරීම සධීර සමරවික්‍රමට භාරව තිබිණ. ඒ නුව සාර්ථක ආරම්භයක් ලබා දුන් අවිශ්ක සහ සධීර දෙදෙනා එක් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 61 ක් ලබා ගත්හ. පන්දු 26 කින් සමන්විත වූ සධීරගේ ලකණු 31 ක ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වද්දී පන්දු 27 කින් සමන්විත අවිශ්කගේ ලකුණු 41 ක ඉනිම සදහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත්විණ.
ඒ අතරට කඩා පැන් චතුරංග ද සිල්වා, සධීරව දවා ගැනීමට සමත්වීමත් සමඟ දඹුල්ල ඉනිමේ ලකුණු වේගය මෙන්ම කඩුලු වැටීමද ඉක්මන් විය. එම දැවී යෑමත් සමග ඊළඟ කඩුලු 4 ම ලකුණු 43 ක් ඇතුළත දවා ගැනීමට පෙර තරගයේ විවේක ගන්වන ලද මුජීබ් උර් රෙහ්මාන් සහ නුවන් ප්‍රදීප් සමත්වූහ. එම දැවී ගිය පිතිකරුවන් සිවුදෙනා අතර අවිශ්ක ප්‍රනාන්දු සහ ලක්ෂාන් එදිරිසිංහගේ කඩූලු රේහාමාන් දවා ගනිද්දී අද තරගයේ නායකත්වය දැරූ ධනංජය ද සිල්වා (10)ගේ සහ ඇලෙක්ස් රොස්ගේ කඩුලු නුවන් ප්‍රදීප් විසින් දවා ගත්තේය.
කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි බෙන් මැක්ඩමට් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් වේගවත් ලකුණු 37 ක් ද හේඩ්න් කර් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 26 ක්ද රැස් කිරීම නිසා දඹුලු කණ්ඩායමට ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට අවස්ථාව සැලසිණ.
නියමිත පන්දුවාර 20 අවසනදී දඹුලු ලකුණු පුවරුව කඩුලු 7 කට ලකුණු 162 ක් ලෙසින් සටහන් විය. මෙහිදී කැපී පෙනෙනම පන්දු යවන්නා වූ නුවන් ප්‍රදීප් පන්දුවාර 4 දී එක් නිලකුණු පන්දුවාරයක්ද සමඟිල් ලකුණු 35 කට කඩුලු 3 ක් බිඳ හෙලීය. ඒ සමගම ඔහු මෛවර තරග වාරයේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගත්තේ ඉනිම 5 කදී කඩුලු 12 කට හිමිකම් කියමිනි. ඔහු සමඟ මතීෂ පතිරණ කඩුලු 12 බැගින් නුවන් සමසඟ සම තැන් ගෙන සිටියද කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය සංසන්දනාත්මකව බැලීමේදී මතීෂට වඩා (18.58) ඉදිරියෙන් නුවන් ප්‍රදීප් (14.75) පසුවන හෙයින් එහි පළමු ස්ථානය නුවන් ප්‍රදීප්ගේ නම ලියැවී තිබේ.
ලකුණු පුවරුව |
|||||||||
දඹුල්ල අවුරා | ලකුණු | පන්දු | 4 | 6 | |||||
අවිශ්ක ප්‍රනාන්දු | ඇ.වනිඳු හසරංග | ප.මුජීබ් උර් රෙහ්මාන් | 41 | 27 | 3 | 3 | |||
සධීර සමරවික්‍රම | ඇ.මොහොමඩ් හැරිස් | ප.චතුරංග ද සිල්වා | 31 | 26 | 6 | 0 | |||
ලක්ෂාන් එදිරිසිංහ | ප.මුජීබ් උර් රේහ්මාන් | 6 | 6 | 1 | 0 | ||||
බෙන් මැක්ඩමොට් | ඇ.අෂේන් බණ්ඩාර | ප.වනිඳු හසරංග | 37 | 23 | 3 | 2 | |||
ධනංජය ද සිල්වා | ප.නුවන් ප්‍රදීප් | 10 | 18 | 4 | 0 | ||||
ඇලෙක්ස් රොස් | ප.නුවන් ප්‍රදීප් | 0 | 2 | 0 | 0 | ||||
හේඩ්න් කර් | ඇ.වනිඳු හසරංග | ප.නුවන් ප්‍රදීප් | 26 | 16 | 3 | 1 | |||
සචිත ජයතිලක | නොදැවී | 4 | 5 | 0 | 0 | ||||
අතිරේක | 7 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු | 162 | ||||||||
කඩුලු වැටීම / 1-61 (සධීර 7.5), 2-80 (අවිශ්ක 9.4), 3-81 (එදිරිසිංහ 9.6), 4-104 (ධනංජය 14.3), 5-104 (රොස් 14.5), 6-142 (මැක්ඩමොට් 17.6), 7-162 (19.6) | |||||||||
පන්දු යැවීම | |||||||||
ඇන්ජලෝ මැතිව්ස් 1-0-09-0 | මුජීබ් උර් රෙහ්මාන් 4-0-32-2 | ||||||||
ඉසුරු උදාන 3-0-30-0 | චතුරංග ද සිල්වා 4-0-21-1 | ||||||||
වනිඳු හසරංග 4-0-33-1 | නුවන් ප්‍රදීප් 4-1-35-3 | ||||||||
බී – ලව් කැන්ඩි | |||||||||
මොහොමඩ් හැරිස් | ඇ.සහ | ප.ධනංජය ද සිල්වා | 2 | 7 | 0 | 0 | |||
ෆකර් සමාන් | ඇ.අවිශ්ක ප්‍රනාන්දු | ප.ධනංජය ද සිල්වා | 8 | 4 | 2 | 0 | |||
දිනේෂ් චන්දිමාල් | ප.හේඩ්න් කර් | 50 | 46 | 6 | 0 | ||||
වනිඳු හසරංග | ප.සචිත ජයතිලක | 19 | 11 | 2 | 1 | ||||
ඇන්ජලෝ මැතිව්ස් | ඇ.සහ | ප.ධනංජය ද සිල්වා | 26 | 15 | 2 | 1 | |||
චතුරංග ද සිල්වා | ඇ.ලක්ෂාන් එදිරිසිංහ | ප.ධනංජය ද සිල්වා | 1 | 2 | 0 | 0 | |||
අසීෆ් අලී | දුවද්දී දැවී ගියා | දුෂාන් හේමන්ත | 3 | 3 | 0 | 0 | |||
අෂේන් බණ්ඩාර | ඇ.සධීර සමරවික්‍රම | ප.ශහන්වාස් දහානි | 0 | 1 | 0 | 0 | |||
ඉසුරු උදාන | ප.ප්‍රමෝද් මදුෂාන් | 23 | 21 | 2 | 1 | ||||
මුජීබ් උර් රෙහ්මාන් | නොදැවී | 3 | 6 | 0 | 0 | ||||
නුවන් ප්‍රදීප් | ප්‍රමෝද් මදුෂාන් | 0 | 2 | 0 | 0 | ||||
අතිරේක | 7 | ||||||||
එකතුව පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු | 142 | ||||||||
කඩුලු වැටීම / 1-11 (සමාන් 1.4), 2-12 (හැරිස් 1.6), 3-47 (වනිඳු 6.2), 4-88 (මැතිව්ස් 11.2), 5-90 (චතුරංග 11.5), 6-102 (අලී 12.6), 7-102 (බණ්ඩාර 13.1), 8-120 (චන්දිමාල් 16.1). 9-142 (උදාන 19.2) | |||||||||
පන්දු යැවීම | |||||||||
ප්‍රමෝද් මදුෂාන් 3.4-0-27-2 | ධනංජය ද සිල්වා 2-0-06-4 | ||||||||
ශහාන්වාස් දහානි 4-1-25-1 | හේඩ්න් කර් 4-0-35-1 | ||||||||
සචිත ජයතිලක 4-0-22-1 | දුෂාන් හේමන්ත 2-0-23-0 | ||||||||