slc
logo
Home   |    News
අගෝස්තු 24, 2023
පුහුණු තරගය මෙහෙයවීමේ වගකීම හිරාන් ජයසුන්දරට

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව හෙට (25 දා) කොළඹ සී.සි.සී. ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ.

මරදාන ‌ශාන්ත ජෝෂප් විදුහල නියෝජනය කරනු ලබන දකුණත් පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක හිරාන් ජයසුන්දරගේ නායකත්වයෙන් යුතුව තරග වදින් ලබන ඒම කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත නිල නොවන ඒක්දින තරග 3 ක්ද තරග 2 කින් සමන්විත සිවුදින ටෙස්ට් තරග 2 ක්ද පැවැත්වෙනු ඇත. මෙම තරග සියල්ලම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අගෝස්තු මස 27 වැනිදා ආරම්භ වනු ඇත. පළමුව තරග 2 කින් සමන්විත ඒක්දින තරගාවලි පැවැත්වෙන අතර අනතුරුව පැවැත්වෙන සිව්දින තරග 2 න් පසු තරගාවලිය සැප්තැම්බර් මස 15 වැනිදා අවසන් වනු ඇත.

විශේන් හැළඹගේ, හිරුණ කපුරුබණ්ඩාර, විමත් දින්සර, සුපුන් වඩුගේ, හිරාන් ජයසුන්දර, ගයන වීරසිංහ, ප්‍රවීන් මනීෂ, ගීතික ද සිල්වා, දිනුර අබේවික්‍රමසිංහ, තරණ විමලධර්ම, දිනුක තෙන්නකෝන්, යූරි කොත්තිගොඩ, තිසර ඒ්කනායක, ජනිත් ප්‍රනාන්දු, මනුල කුලරත්න

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar