slc
logo
Home   |    News
අගෝස්තු 1, 2023
මා උත්සාහ කළේ කඩුල්ලේ රැඳී ඉන්න – බාබාර් අසාම්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කළම්බු ස්ට්‍රයිකර්ස් සහ බී – ලව් – කැන්ඩි කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ලංකා තෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බාබාර් අසම් තරගයෙන් පසුව ප්‍රකාශ කළේ තමා සබඳතා ගොඩනැඟීමට කිහිපවරක් උත්සාහ ගත්තත් එය සාර්ථක නොවන බව වැටහී යාමෙන් පසු තම ඉනිම දිගටම පවත්වාගෙන යෑමට තීරණය කළ බවයි.

මේ තරගයෙන් කළම්බු ස්ට්‍රයිකර්ස් ලකුණු 27කින් ජයගත් අතර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබාර් අසම් නොදැවී ලකුණු 59ක් රැස් කරමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ පන්දු 52කට මුහුණ දී හතරේ පහර හතරක් සහ හයේ පහරක් ද සමඟිනි.

“තරගය පැවැති තණතිල්ල දඟපන්දු යවන්නන්ට මෙන්ම වේග පන්දු යවන්නන්ටත් වාසිදායක වූවා. මා සබඳතා ගොඩනැඟීමට උත්සාහ දරද්දී එය අසාර්ථක වීමෙන් පසුව දිගටම කඩුල්ලේ රැඳී සිටීමට ගත් උත්සාහය සාර්ථක වූවා” යැයි ආරම්භක පිතිකරු බාබාර් අසම් පවසයි.

දඟපන්දුවලට හොඳින් මුහුණ දී තණතිල්ලේ ස්ථාවර වීමට තමා උත්සාහ ගත් අවස්ථාවේමෙම තණතිල්ල වේග සහ දඟපන්දු යවන්නන් දෙපිරිසටම සහාය වූ බවද සඳහන් කර සිටියේය.

මෙයින් තමාට හැඟී ගිය ප්‍රධානම කරුණ වූයේ පන්දුවාර 15ක් යනතුරුම කඩුල්ලේ රැඳී සිට ලකුණු රැස්කර පසුව අවසාන පන්දුවාර පහේදී ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කළ යුතු බව යැයි ද පාකිස්තාන නායකයා කීය.

කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් හොඳින්ම ක්‍රීඩා කළ බව කී බාබාර් අසම් අප ලබාගත් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 15කින් පමණ අඩු බවක් කිහිපදෙනෙකු පැවසුවත් ලකුණු 157 මේ තණතිල්ලේ ප්‍රමාණවත් බව තමා විශ්වාස කරන බව ද පැවසීය.

මේ තරගයේදී ලකුණු අතරට ඒමට ප්‍රථම තරගයේදී මෙන් තමාට අවස්ථාව නොලැබුණත් තම කණ්ඩායමට ප්‍රථම ජය වාර්තා කිරීමට ලැබීම පිළිබඳව කණ්ඩායමම ප්‍රීතියට පත් වන බව ද කළම්බු ස්ට්‍රයිකර්ස් නායකයා කීවේය.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee