slc
logo
Home   |    News
අගෝස්තු 8, 2023
වනිඳුගේ තුන් ඉරියව් දක්ෂතා කැන්ඩි පිල ඉහළටම ඔසවා තබයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පිට පිටම දෙවැනි වතාවටත් මෙවර තරගාවලියේ අර්ධ ශතකයක් වාර්තා කළ වනිඳු හසරංගගේ අනුකම්පා විහිරත පිතිකරණයත් ඊට නොදෙවැනි පන්දු යැවීමත් නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ටයිටෑන්ස්ට එරෙහි තරගයේදී ලකුණු 89 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම අද (08 දා) සමත්විය. තරගාවලියේ පළමු තරග 2 ම පරාජයට පත්වෙමින් සිය නිජබිම බලා පැමිණි කැන්ඩි කණ්ඩායම සහභාගි වුණු තරග 3 ම ජය ගත් කැන්ඩි කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

මෙවර තරග වාරයේ කණ්ඩායමක් ලබා දුන් ඉහළම ඉලක්කය වශයෙන් සටහන් ලකුණු 204 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ගෝල් කණ්ඩායමට වනිඳු හසරංග ප්‍රමුඛ කැන්ඩි පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 16.4 ක් අවසනදී සියලු දෙනා ලකුනු 114 කට දැවී ගියේය.

කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු කැන්ඩි නායක වනිඳු හසරංග පන්දුවාර 4 කදී ලකුණු 17 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. මෙම තරගයට පෙර පැවැති තරගයේදී විස්සයි-20 තරග වලදී කඩුලු 200 සීමාව ඉක්මවාලීමට සමත්වීම නිසා අද තරගය සඳහා වනිදු පිටියට පිවිසියේ ඒ සඳහා විශේෂිත වූ ටී ෂර්ටයක් පැළඳගනිමිනි.

ගෝල් ඉනිම බිඳ දැමූමේ පුරෝගාමියා වූයේ මුජීබ් උර් රෙහ්මාන් වන අතර ඔහු ෂෙවෝන් ඩැනියල් (00) සහ භානුක රාජපක්ෂගේ (05) කඩුලු මුලු ලකුණු සංක්‍යාව 26 ක් වන විටම දවා ගත්තේය. එතැනින් අගාධයට ඇද වැටුණු ගෝල් කණ්ඩායමේ නම් දැරූ පිතිකරුවන් 6 දෙනාම මුලු ලකුණු 47 දී නරඹන්නන් බවට පත් කිරීමට වනිදු හසරංග ප්‍රමුඛ බල ඇණිය සමත්වූහ. මෙහිදී 7 වැනි කඩුල්ලට එක් වුණු ළහිරු සමරකෝන් සහ අශාන් ප්‍රියන්ජන් දෙදෙනා පන්දු 45 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් නොපවත්වන්නට එල්.පී.ඒ. තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ (දඹුල්ල ජයන්ස්ට් ලකුණු 69 කට දැවී යෑම අවම ලකුණු සංඛ්‍යාව වේ) වාර්තාව බිද දැමීමේ ආසන්නයට ගෝල් කණ්ඩායම පත්වීමේ අවධානමකට මුහුණ දී තිබිණ.

දැනෙන්න හයේ පහර 4 ක් සහ හතරේ පහරක් එල්ල කළ ළහිරු සමරකෝන් පන්දු 25 කදී ලකුණු 36 ක්ද අශාන් ප්‍රියන්ජන් පන්දු 23 කදී ලකුණු 25 ක්ද රැස් කළහ.

වනිඳු හසරංගගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 203 ක් ලකුණු පුවරුවේ රැඳවීමට බී-ලව් කැන්ඩි කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරග වාරයේදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. එමෙන්ම මෙය තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළතම ලකුණු අතර 10 වැනි ස්ථානය ලෙසින්ද සටහන් විය.

මුහුණ දුන් 18 වැනි පන්දුවේදී අර්ධ ශතකය ඉක්මවා ගිය වනිඳු මෙතෙක් තරග ඉතිහාසයේ තෙවැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කීවේය. ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මෙතෙක් වේගවත් අර්ධ ශතක වාර්තා කර ඇති පිතිකරුවන් අතරින් වනිඳු දෙවැනි වන්නේ පන්දු 14 කදී අර්ධ ශතකය සපුරා ගත් ඇන්ඩ්‍රෙ රසල් පන්දු 15 කදී සපුරා ගත් රොව්මන් පවෙල්ට පමණි.

පන්දු 27 කදී වාර්තා වුණු වනිඳුගේ ලකුණු 64 ක වේගවත් ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සනිටුහන් වූයේ 237.03 ක් වශයෙනි. හයේ හර 2 ක් සහ හතරේ පහර 9 කින් සමන්විත වුණු මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට ප්‍රතිවාදී ගෝල් කණ්ඩායමේ පන්දු යවන්නන්ට මෙන්ම පන්දු රකින්නන්ට සිදුවූයේ වේගයෙන් හතරේ සීමාව කරා යන පන්දු දෙස බලා සිටීමට පමණි. වනිඳු කෙතරම් වේගයෙන් ලකුණු රැස් කළේද කිවහොත් ඔහු ශකීබ් අල් හසන් යවන ලද 17 වැනි පන්දුවාරයට ලකුණු 17 ක්ද,

වේගවත් වුවත් ක්‍රීඩකයින් නොමැති ස්ථාන වෙත පන්දුව ස්ථාන ගත කරමින් වනිඳු පන්දුවට පහර දීම කැපී පෙනෙන සිදුවීමක් විය. පළපුරුදු පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමග එක් වුණු වනිඳු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 87 ක් රැස් කළේ ඔරලෝසුවේ තත්පර කටුව කැරකෙනවාට වඩා වැඩි වේගයකින් ලකුණු පුවරුවද ක්‍රියාත්මක කරමිනි.

වනිදුට අනගි සහායක් ලබා දුන් මැතිව්ස් පන්දු 23 කදී ලකුණු 40 ක් රැස් කළේය. ඒ ඊට ඇතුළත් කරන ලද හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ද සමඟිනි. පළමු එල්.පී.එල්. තරගයට ක්‍රීඩා කළ මොහමඩ් හැරිස්ට (17) එතරම් ලකුණු අතරට පැමිණීමට නොහැකි වුවද ෆකාර් සමාන්ට එකතු වුණු දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ඒ සඳහා ඔවුහු වැය කරන ලද්දේ පන්දු 33 ක් පමණි.

ගෝල් කන්ඩායමේ වැඩිම ප්‍රහාරයකට ලක්වූ පන්දු යවන්නන් දෙපළ වූයේ ටබ්‍රේස් ශම්සි (46) සහ කසුන් රජිත (42)ය. ඔවුන් දෙදෙනාගේ පන්දු වාර 4 හමුවේ ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 88 ක් රැස් කිරීමට සමත්ව තිබිණ.

තරගයේ වීරයා – වනිඳු හසරංග

ලකුණු පුවරුව

බී-ලව් කැන්ඩි ලකුණු පන්දු 4 6
මොහමඩ් හාරිස් ඇ.ටබ්‍රේස් ශම්සි ප.රිචර්ඩ් න්ගරාවා 17 14 3 0
ෆකාර් සමාන් ඇ.රිචර්ඩ් න්ගරාවා   45 35 3 2
දිනේෂ් චන්දිමාල් ඇ.රචීර්ඩ් න්ගරාවා ප.ටබ්‍රේස් ශම්සි 25 17 3 1
ඇන්ජලෝ මැතිව්ස් ඇ.කසුන් රජිත ප.ළහිරු සමරකෝන් 40 23 3 2
වනිඳු හසරංග ඇ.ෂෙවෝන් ඩැනියල් ප.කසුන් රිත 64 27 9 2
අසීෆ් අලී නොදැවී   2 3 0 0
ඉසුරු උදාන නොදැවී   3 2 0 0
අතිරේක 7  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 203
කඩුලු වැටීම / 1-26 (හාරිස් 3.4), 2-75 (චන්දිමාල් 8.6), 3-103 (සමාන් 12.1), 4-190 (මැතිව්ස් 18.3), 5-198 (වනිදු 19.2)
පන්දු යැවීම
කසුන් රජිත 4-0-42-1 ළහිරු සමරකෝන් 4-0-31-2
රිචර්ඩ් න්ගරාවා 4-0-31-1 ටබ්‍රේස් ශම්සි 4-0-46-1
දසුන් ශානක 1-0-20-0 ශකීබ් අල් හසන් 3-0-31-0
ගෝල් ටයිටෑන්ස්
ලසිත් කෲස්පුලලේ   ප.වනිඳු හසරංග 27 17 3 1
ෂෙවෝන් ඩැනියල් කඩුල්ල මුවා කළා ප.මුජීබ් උර් රහ්මාන් 0 2 0 0
භානුක රාජපක්ෂ ඇ.ඇන්ජලෝ මැතිව්ස් ප.මුජීබ් උර් රහ්මාන් 5 8 0 0
ටිම් සීෆර්ට් ඇ.ඉසුරු උදාන ප.දුෂ්මන්ත චමීර 1 5 0 0
ශකීබ් අල් හසන් ඇ.ෆකාර් සමාන් ප.වනිඳු හසරංග 11 12 1 0
දසුන් ශානක කඩුල්ල මුවා කළා ප.නුවන් ප්‍රදීප් 1 3 0 0
අශාන් ප්‍රියන්ජන් ඇ.සහන් ආරච්චිගේ ප.නුවන් ප්‍රදීප් 25 23 2 0
ළහිරු සමරකෝන්   ප.නුවන්  ප්‍රදීප් 36 25 1 4
කසුන් රජිත නොදැවී   2 2 0 0
ටබ්‍රේස් ශම්සි   ප.වනිඳු හසරංග 0 2 0 0
රිචර්ඩ් න්ගරාවා ඇ.දුෂ්මන්ත චමීර ප.වනිඳු හසරංග 0 1 0 0
අතිරේක 6  
එකතුව පන්දුවාර 16.4 කදී සියලු දෙනා දැවී ලකුණු 114
කඩුලු වැටීම / 1-20 (ඩැනියල් 1.4), 2-26 (භානුක 3.3), 3-27 (සසීෆර්ට් 4.2), 4-40 (කෲස්පුල්ලේ 6.3), 5-45 (ශානක 7.3), 6-47 (අල් හසන් 8.1), 7-109 (සමරකෝන් 15.4), 8-111 (ප්‍රියන්ජන් 15.6), 9-114 (ශම්සි 16.3)
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 1-0-11-0 මුජීබ් උර් රෙහ්මාන් 4-0-26-2
දුෂ්මන්ත චමීර 3-0-17-1 වනිඳු හසරංග 3.4-0-17-4
නුවන් ප්‍රදීප් 3-0-21-3 ඉසුරු උදාන 2-0-18-0

 

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee