slc
logo
Home   |    News
අගෝස්තු 4, 2023
වෙල්ලාලගේගේ පන්දු යැවීමෙන් ජැෆ්නා කිංග්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

sinhala editor

By Chamila Karawita reporting from Pallekele

ශකීබ් අල් හසන් ඇතුළු නම් දැරූ පිතිකරුවන් සිව් දෙනෙකුම ලකුණු 10 ක් අතුළතදී දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ දක්වන ලද දක්ෂතාව හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (04 දා) රාත්‍රියේදී සමත්විය. ඒ සමඟම ඔවුහු ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමටද අද සමත්වූහ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී තණතීරුව තරමක් මන්දාගාමිවීමේ වාසිය තමන් වෙතට හරවා ගත් වෙල්ලාලගේ ප්‍රමුඛ ජැෆ්නා  පන්දු යවන්නෝ ගෝල් ඉනිම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දවා ලමින් ලකුණු 117 කට සීමා කළහ. එම ඉලක්කය හඹා යෑමේදී ප්‍රබල ආරම්භයක් ලබා දුන් රාමනුල්ලා ගුර්බාස් ඇතුලු ජැෆ්නා ඉදිරි පෙළ පිතකිරුවෝ පන්දුවාර 12.4 ක් තුළදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි.

පළමු වතාවට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් නියෝජනය කිරීමට වරම් ලබා සිටින බංග්ලාදේශ ක්‍රීඩක ටව්හිඩ් රිඩෝයි විසින් අකිල ධනංජයගේ පිට පිට පන්දු 2 කදී හයේ පහර 2 ක් එල්ල කරමින් තරගය නිමා කළේය. තරගය නිමා වන විටත් රිඩෝයිගේ නම ඉදිරියෙන් හ‌යේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 23 කදී ලකුණු 44 ක් ලෙස සටහන්ව තිබිණ. අනෙක් අන්තයේ රැදී සිටි ඩේවිඩ් මිලර් පන්දු 4 කදී ලකුණු 07 ක් ලබා සිටියේය.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙස චරිත් අසලංක (05) මුලු ලකුණු 17 දී පිටියෙන් ඉවත් කිරීමට ශකීබ් අල් හසන් සමත් වුවත්, දෙවැනි කඩුල්ලට එක් වුණු රිඩෝයි සහ රාමනුල්ලා ගුර්බාස් ලකුණු 83 ක වේගවත් සම්බන්ධතාවක් පැවැත්වූහ. ඒ සඳහා ඔවුන් දෙපළ වැය කරන ලද්දේ පන්දු 52 ක් පමණි. කසුන් රජිත විසින් යවන ද පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කල ගුර්බාස්, පන්දු 39 කට මුහුණ දෙමින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ද සමගින් ලකුණු 54 ක් රැස් කළේ ජැෆ්නා කිංග්ස්හි ජයග්‍රහණය ඉක්මන් කරමිනි.

ගෝල් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු දුනිත් වෙල්ලාලගේ තම පන්දුවාර 4  ලකුණු 10 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳ හෙළීය. අල් හසන් (06) හැරුණු කොට ෂෙවෝන් ඩැලියල් (25), ටිම් සීෆර්ට් (18) සහ ළහිරු සමරකෝන් (01) වෙල්ලාලගේ ගොදුරු බවට පත්වූහ.

වෙල්ලාලගේගේ පන්දු යැවීම නිසා ටයිටෑන්ස් ඉනිමේ පළමු කඩුලු 5 ම ලකුණු 75 කදී බිඳ වැටිණ. මැද පෙළින් පැමිණ නායක දසුන් ශානක හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ද සමඟ පන්දු 24 කදී ලකුණු 30 ක් රැස් කරමින් ටයිටෑන්ස් ලකුණු පුවරුව ලකුණු 100 එහාට රැගෙන යෑමට දායකත්වයක් දැක්වීය.

තරගයේ වීරයා – දුනිත් වෙල්ලාලගේ

ලකුණු පුවරුව
ගෝල් ටයිටෑන්ස් ලකුණු පන්දු 4 6
ෂෙවෝන් ඩැනියල් ඇ.ඩේවිඩ් මිලර් ප.දුනිත් වෙල්ලාලගේ 25 25 2 1
ලසිත් කෲස්පුල්ලේ   ප.මහීෂ් තීක්ෂණ 19 12 3 0
භානුක රාජපක්ෂ ඇ.ඩේවිඩ් මිලර් ප.චරිත් අසලංක 0 1 0 0
ටිම් සීෆර්ට් කඩුල්ල මුවා කළා ප.දුනිත් වෙල්ලාලගේ 18 23 0 1
ශකීබ් අල් හසන් ප්‍රියමාල් පෙරේරා ප.දුනිත් වෙල්ලාලගේ 6 9 0 0
දසුන් ශානක   ප.නැන්ඩ්‍රෙ බර්ගර් 30 24 2 2
ළහිරු සමරකෝන් ස්ට.රාමනුල්ලා ගුර්බාස් ප.දුනිත් වෙල්ලාලගේ 1 9 0 0
අකිල ධනංජය ඇ.නුවන් තුෂාර ප.නැන්ඩ්‍රෙ බර්ගර් 1 8 0 0
කසුන් රජිත   ප.නුවන් තුෂාර 2 4 0 0
ටබ්‍රේස් ශම්සි නොදැවී   2 3 0 0
රිච්ර්ඩ් න්ගරාවා නොදැවී   6 3 1 0
අතිරේක 7  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 117
කඩුලු වැටීම / 1-28 (කෲස්පුල්‌ලේ 28 3.6), 2-29 (භානුක 4.3), 3-63 (ඩැනියල් 8.6), 4-66 (සීෆර්ට් 10.1), 5-75 (අල් හසන් 12.3), 6-89 (සමරකෝන් 14.4), 7-107 (දසුන් 18.1), 8-108 (අකිල 18.3), 9-110 (කසුන් 19.2)
පන්දු යැවීම
තිසර පෙරේරා 2-0-06-0 නැන්ඩ්‍රෙ බර්ගර් 2-0-15-2
මහීෂ් තීක්ෂණ 4-0-19-1 චරිත් අසලංක 1-0-01-1
විජයකාන්ත් වියස්කාන්ත් 3-0-35-0 නුවන් තුෂාර 4-0-28-1
දුනිත් වෙල්ලාලගේ 4-0-10-4  
ජැෆ්නා කිංග්ස්
රාමනුල්ලා ගුර්බාස්   ප.ශකීබ් අල් හසන් 54 39 3 5
චරිත් අසලංක කඩුල්ල මුවා කළා ප.ශකීබ් අල් හසන් 5 10 1 0
ටව්හිඩ් රිඩෝයි නොදැවී   44 23 2 4
ඩේවිඩ් මිලර් නොදැවී   7 4 1 0
අතිරේක 10  
එකතුව පන්දුවාර 12.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 120
කඩුලු වැටීම / 1-17 (අසලංක 2.4), 2-100 (ගුර්බාස් 11.2),
පන්දු යැවීම
කසුන් රජිත 1-0-09-0 රිචර්ඩ් න්ගරාවා 2-0-04-0
ශකීබ් අල් හසන් 4-0-31-2 අකිල ධනංජය 2.4-0-45-0
ටබ්‍රේස් ශම්සි 3-0-26-0  

 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar