BY CHAMILA KARAWITA
සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ ශූරතාව දිනා ගැනීමට බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ අද (20 දා) රාත්‍රියේ සමත්වූහ. ලකුණු 148 ක ජයග්‍රාහී ඉලක්කයක් කරා ගිය බී-ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් එම ශූරතා කුසලාන දිනා ගනු ලැබීය.
නිත්‍ය නායක වනිඳු හසරංග විවේක ගැන්වීම නිසා තාවකාලික නායකයා ලෙස කටයුතු කිරීමට වරම් ලැබි ඇන්ජලෝ මැතිව්ස් තරගය ජයග්‍රහණය කරන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් කැන්ඩි ජයග්‍රහණයේ පෙර ගමන් කරුවා බවට පත්වූවේය. පන්දු 21 කදී හතරේ පහර 3 ක් ද සමඟින් ලකුණු 25 ක් ලබා සිටියේය. පන්දු යවමින් පන්දුවාර 2 ක ලකුණු 11 කට සීමා කළ මැතිව්ස් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ඉදිරි පෙළ පිතිකරුවන්ගෙන් ලද සාර්ථක ආරම්භයත් සමඟ ඉලක්කය කරා ගිය කැන්ඩි පිතිකරුවන්ට ප්‍රමෝද් මදුෂාන් යවන ලද තීරණාත්මක අවසන් පන්දු 6 දී ඉලක්කය ලකුණු 6 ක් විය. අවසන් පන්දු 2 දී කැන්ඩි ඉලක්කය එක් ලකුණකට සීමා වූ අතර එහිදී ප්‍රමෝද් මදුෂාන් විසින් එවන ලද කෙටි පන්දුව මදුශංකගේ අතේ වැදී පන්දුව හතරේ සීමාව කරා ඇදී යෑමත් සමඟ බී-ලව් කැන්ඩි පිලේ ජයග්‍රහණය සනිටුහන් විය.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී වේගවත් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වූ මොහොමඩ් හැරිස් (26) සහ කමිඳු මෙන්ඩිස් (44) සාර්ථක ආරම්භයක් එක් කළහ. කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ චතුරංග ද සිල්වා ලකුණු 13 ක් ඇතුළත දැවී ගියද මැතිව්ස්ට එක්වූ අසිෆ් අලී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 10 කදී ලකුණු 19 ක් ලබා බී ලව් ජයග්‍රහණයට දැවැන්ත සවියක් ලබා දුන්නේය.
පාදයේ ආබාධයකින් පීඩ විඳීම නිසා බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනි දු හසරංග අද තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි නමුත්, දඹුලු කණ්ඩායම කඩුලු 4 කදී ලකුණු 147 කදී නවතාලීමට එම පන්දු යවන්නෝ සමත්වූහ. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05 ක් ලබා සිටියදී නුවන් ප්‍රදීප් හමුවේ දැවී ගියද කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම එක්ව පන්දු 47 කදී ලකුණු 57 ක් එක් කළද ඒ අතරතුරදී නිලකුණු පන්දු වැඩි වශයෙන් යැවීමට කැන්ඩි පන්දු යවන්නෝ සමත්වීම නිසා ඒතරම් වාසියක් දඹුලු කණ්ඩායම අත නොවීය.
ඒම සම්බන්ධය පැවැත්වෙන අතරවාරයේදී ඊට කඩා වැදි වනිඳුගේ වැඩි මහල් සහෝදරයා වූ චතුරංග ද සිල්වා වැඩි බරක් කරට ගනිමින් තම පන්දුවාර 4 දී ලකුණු 25 ක් පමණක් ලබා දෙමින් අවශ්‍යතාම පිතිකරුවන් වූ නායක කුසල් මෙන්ඩිස් (22) සහ සධීර සමරවික්‍රම (36) දවා ගැනීමට සමත්වූවේය.
ඔහුට අනගි සහායක් ලබා දුන් මුජීබ් උර් රෙහ්මාන් ද තම පන්දුවාර 4 දී පන්දුවාරයකට ලකුණු 6 ක් වන සේ ලකුණු තබා ගනිමින් පන්දු යැවීමට සමත්වීම නිසා දඹුල්ල කණ්ඩායමේ පන්දුවාර 14 ක් අවසනදී සටහන් වූයේ කඩුලු 4 කට ලකුණු 84 කි. කැන්ඩි පන්දු යවන්නන් අතරින් පන්දුවාර 4ම සම්පූර්ණ කළ නුවන්, මුජීබ් සහ චතුරංග යන තිදෙනාම යවන ලද පන්දුවර 12 දී ප්‍රතිවාදී පිතිකරුවන් රැස්කරගෙන තිබුණේ පන්දුවාරයකට ලකුණු 6.58 ක වේගයකි.
දෙවැනි සුදුසුකම් ලබා ගැනිමේ තරගයේදී ඇතිවූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අද තරගයට වනිඳු හසරංග සහභාගි නොවී සිටියේය. එම තරගාවසානයේදී තමාට අවසන් මහ තරගයට ක්‍රීඩා කළ හැකි බව වනිඳු සදහන් කර සිටියද ඉදිරියේ එන ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලි සදහා ඔහුගේ සේවය කණ්ඩායමට අත්‍යාවශ්‍යම බැවින් අද තරගයට ඔහු ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටියේය. දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදීත් මෙම ආබාධිත තත්ත්වය පැවැතියද ඔහු අසීරුවෙන් වුවද පන්දු යවමින් ලකුණු 21 කට කඩුලු 2 ක් දවා ලමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන ගියේය.
ස්ථාවර වීමට මඳ වේලාවක් ගත වුවද මොහොමඩ් හස්නේයින් යැවූ 15 වැනි පන්දුවාරයේදී පිට පිටම අලංකාර හයේ පහර දෙකක් එල්ල කළ ධනංජය ද සිල්වා කුසල් පෙරේරා සමඟ ඒක්ව තවත් ලකුණු 50 කට වැඩි වැඩි කඩුලු සම්බන්ධතාවක් පවත්වමින් දඹුලු ලකුණු පුවරුවට ජීවයක් ලබා දුන්. එම පන්දුවාරයේ ලද ලකුණු16 සමඟින් අවසන් පන්දුවාර 6 දී දඹුලු කණ්ඩායමට ලකුණු 62 ක් එක් කිරීමට ධනංජය සහ කුසල් පෙරේරා සමත්වූහ. පන්දු 46 කදී වාර්තා වුණු මෙම ලකුණු 63 නිසා දඹුලු කණ්ඩායමට ලකුණු 150 සීමාව කරා ළඟා වීමට අවස්ථාව උදාවිය.
මෙම සම්බන්ධතාවයේදී ධනංජය ද සිල්වාගේ දායත්වය පන්දු 29 කදී ලකුණු 40 ක් විය. ඊට හයේ පහර 3 ක්ද ඇතුළත් විය. 19 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී ධනංජය ව දවා ගැනීමට මොහොමඩ් හස්නේන් සමත්වූවේය. ධනංජයගේ මෙම ඉනිම නොවන්නට දඹුලු කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බෙහෙවින්ම ඉවහල් විය.
තරගයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස්
තරගාවලියේ වීරයා – වනිඳු හසරංග
නැගීඑන ක්‍රීඩකයා – ලසිත් කෲස්පුල්ලේ
දක්ෂතම පිතිකරුවා – වනිඳු හසරංග
දක්ෂතම පන්දු යවන්නා – වනිඳු හසරංග
ලකුණු පුවරුව |
|||||||||
ගෝල් ටයිටෑන්ස් | ල | ප | 4 | 6 | |||||
අවිශ්ක ප්‍රනාන්දු | ඇ.මොහොමඩ් හැරිස් | ප.නුවන් ප්‍රදීප් | 5 | 10 | 0 | 0 | |||
කුසල් මෙන්ඩිස් | ඇ.දිනේෂ් චන්දිමාල් | ප.චතුරංග ද සිල්වා | 22 | 23 | 3 | 0 | |||
සධීර සමරවික්‍රම | ප.චතුරංග ද සිල්වා | 36 | 30 | 5 | 0 | ||||
කුසල් පෙරේරා | නොදැවී | 31 | 25 | 2 | 1 | ||||
ධනංජය ද සිල්වා | ඇ.ඇන්ජලෝ මැතිව්ස් | ප.මොහොමඩ් හස්නේන් | 22 | 20 | 1 | 1 | |||
ඇලෙක්ස් රොස් | නොදැවී | 2 | 3 | 0 | 0 | ||||
අතිරේක | 11 | ||||||||
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු | 147 | ||||||||
කඩුලු වැටීම / 1-11 (අවිශ්ක 2.2), 2-68 (සධීර 10.1), 3-71 (කුසල් මෙන්ඩිස් 10.5), 4-134 (ධනංජය 18.3 | |||||||||
පන්දු යැවීම | |||||||||
ඇන්ජලෝ මැතිව්ස් 2-0-11-0 | මුජීබ් උර් රහ්මාන් 4-0-24-0 | ||||||||
නුවන් ප්‍රදීප් 4-0-30-1 | චතුරංග ද සිල්වා 4-0-25-2 | ||||||||
මොහොමඩ් යස්නේනි 4-0-28-1 | කමිඳු මෙන්ඩිස් 2-0-16-0 | ||||||||
දඹුල්ල අවුරා | |||||||||
මොහොමඩ් හැරිස් | ප.නූර් අහමඩ් | 26 | 22 | 3 | 1 | ||||
කමිඳු මෙන්ඩිස් | ඇ.සධීර සමරවික්‍රම | ප.නූර් අහමඩ් | 44 | 37 | 3 | 1 | |||
දිනේෂ් චන්දිමාල් | ඇ.ප්‍රමෝද් මදුශාන් | ප.බිනුර ප්‍රනාන්දු | 24 | 22 | 3 | 0 | |||
ඇන්ජලෝ මැතිව්ස් | නොදැවී | 25 | 21 | 3 | 0 | ||||
චතුරංග ද සිල්වා | ඇ.හේඩ්න් කර් | ප.නූර් අහමඩ් | 0 | 4 | 0 | 0 | |||
අසීෆ් අලී | ඇ.කුසල් පෙරේරා | ප.බිනුර ප්‍රනාන්දු | 19 | 10 | 2 | 1 | |||
ළහිරු මදුශංක | නොදැවී | 5 | 3 | 1 | 0 | ||||
අතිරේක | 8 | ||||||||
එකතුව පන්දුවාර19.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු | 151 | ||||||||
කඩුලු වැටීම / 1-49 (හැරිස් 6.3), 2-94 (කමිඳු 12.4), 3-105 (චන්දිමාල් 14.6), 4-107 (චතුරංග 15.5), 5-132 (අලී 18.1) | |||||||||
පන්දු යැවීම | |||||||||
බිනුර ප්‍රනාන්දු 4-0-31-2 | ධනංජය ද සිල්වා 3-0-16-0 | ||||||||
ප්‍රමෝද් මදුශාන් 2.5-0-20-0 | හේඩ්න් කර් 3-0-30-0 | ||||||||
නූර් අහමඩ් 4-0-27-3 | දුෂාන් හේමන්ත 3-0-21-0 | ||||||||