slc
logo
Home   |    News
අගෝස්තු 20, 2023
සොහොයුරන් ඒක්ව බී-ලව් කැන්ඩි අවසන් මහ තරගයට රැගෙන යයි

sinhala editor

BY CHAMILA KARAWITA

සහෝදරයින් වන වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ටයිටෑන්ස් පිලට ඒරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 34 ක පහසු ජයක් කරා බී-ලව් කැන්ඩි කණ්ඩායම කැඳවාගෙන ගියහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (19 දා) පැවැති මෙම තරගයේ ලද ජයග්‍රහණයත් සමඟ මේ මස 20 වැනිදා දඹුල්ල අවුරා කණ්ඩායම සමඟ පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට පත්වීය.

සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (ඉරිදා)  දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම අතර තරගය ප.ව. 7.30 ට ආරම්භ වනු ඇත.

ලකුණු 158 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වාගේ පන්දු යැවීම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි ලකුණු 123 ක් පමණි. පන්දු යැවිමේදී කැපී පෙනුණු අයියා මලෝ පන්දුවාර 8 ක් යවන ලද්දේ ප්‍රතිවාදීන් හමුවේ ලකුණු 37 ක් පමණක් ලබා දෙමිනි. ඒ් අතර දෙදෙනාම දැවී ගිය කඩුලු 8 න් 2 බැගින් දවා ගැනීමට සමත්වූහ. මේ අතරින් චතුරංග ද සිල්වා තම පන්දු වාර 4 සටහන් කරගත්තේ ලකුණු 16 කට කඩුලු 2 ක් ලෙසිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලිටන් දාස් (25) සහ සොහාන් ඩි ලිවේරා (14) ඒක්ව ලකුණු 38 ක් රැස් කළද චතුරංගගේ පන්දු වක් හමුවේ ලිටන් දාස් දැවී ගියේය. ඒතැනින් නොනැවතුණු චතුංග තවත් ලකුණක් ලකුණු පුවරුවට ඒක් වදිදී සොහාන් ඩි ලිවේරාවද දවා ගත්තේය. ඒතැනින් පටන් ගෝල් කණ්ඩායමේ කඩුලු බිඳ වැටීඹ හැරුණු කොට සඳහන් කළ හැකි විශේෂ දෙයක් සිදුවූයේ නම් ඒ් පළමු වතාවට ඒල්.පී.ඒල්. තරගයකට ක්‍රීඪා කළ සොනාල් දිනූෂ ලකුණු 28 ක් ලබා ගැනීම පමණි.

පාදයේ හට ගත් ආබාධයක් හේතුවෙන් අසීරුතාවයෙන් යුතුව වුවද පන්දුවට පහර දුන් වනිඳු හසරංග පන්දු 30 කදී රැස් කරගත් ලකුණු 48 නිසා පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 157 ක් දක්වා ඉහළ දමා ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායමට හැකියාව ලැබිණ.

ලකුණු 20 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි වනිඳු හසරංග ආරම්භයේ සිටම ප්‍රවේගකාරීව පන්දුවට පහර දීමට උත්සාහ ගත්තේය. ඒහි සාර්ථක ප්‍රතිඵලය වූයේ තමා මුහුණ දුන් 6 වැනි පන්දුව වන විටත් හයේ පහර 3 ක් තම ඉනිමට ඇතුළත් කිරීමට වනිඳු සමත්වීමය. ඒසේ ඒල්ල කරන ලද හයේ පහර 2 ක් ටබ්‍රේස් ශම්සි හමුවේ පිට පිට ඒල්ල කරන ලද ඒ්වා විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වූයේ ළහිරු කුමාර සිව්වැනි පන්දුවාරය වන විටම ආරම්භක පිතිකරුවන් වූ මොහොමඩ් හැරිස් (07) සහ තනුක දාබරේ (05) දැවී යෑමත් සමගය. පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන්ම සහන් ආරච්චිගේ ද ලකුණු නොලබා දැවී යෑම කැන්ඩි කණ්ඩායම කබලෙන් ලිපට වැටුණු සිදුවීමක් බවට පත්විය.

කෙ‌සේ වෙතත් දිනේෂ් චන්දිමාල්ට ඒක් වුණු වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 72 ක් ඒක් කළේ කැන්ඩි පිල අසීරුතාවයෙන් මුදවා ගනිමිනි. කඩුලු දැවී ගිය නිසාදෝ ලකුණු ලබා ගැනීමට වඩා කඩුල්ල ආරක්ෂා කර ගැනීම චන්දිමාල්ගේ අභිලාෂය වූයෙන් ඔහු දැවී යන විටත් ලබා සිටි ලකුණු 38 සඳහා පන්දු 37 කට මුහුණ දී සිටියේය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.

වැඩිම කඩුලු ලාභියා වෙනුවෙන් පිරිනමනු ලබන තැඹිලි වර්ණයෙන් යුතු කැප් තොප්පිය ඉකුත් තරගයේදී තමන් සතු කර ගත් වනිඳු හසරංග පාදයේ ආබාධයද සමඟින් අද ලබා ගත් ලකුණු 48 ත් සමඟ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලද පිතිකරුවා වෙනුවෙන් පිදෙන ‘දම්’ වර්ණයෙන් යුතු කැප් තොප්පියේද හිමිකරුවා බවට පත්වූයේය. ඒ් මෙතෙක් දිනක් වැඩිම ලකුණු ලබා සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බාබර් අසාම්ව (261) දෙවැනි තැනට පත් කර දමමිනි. අද රැස් කරන ලද ලකුණු 48 ත් සමඟි වනිඳු මේ වන විට ඉනිම 9 කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 279 කි.

හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ද සමගින් වනිඳු රැස් කරන ලද ලකුණු 48 සඳහා හේ පන්දු 30 ක් පමණක් වැය කර තිබුණේය. ලකුණු 35 ක් ලබා සිටියදී දසුන්ගේ පන්දුවකට ඒක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රැකි නජිබුල්ලා සද්‍රාන්ගේ අතින් ගිලිහී ගියේ. නායකයා ලබාදුන් තල්ලුවත් සමඟ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ගොඩ දැමීමේ කර්තව්‍ය ඉදිරියට රැගෙන ගියහ.

පන්දු යැවීමට අමතරව පන්දුවට පහර දීමේදී චතුරංග සිල්වා පන්දු 6 කදී හයේ පහරක් සහ හතරේ පහර ක් සමගින් නොදැවී ලකුණු 15 ක් ලබා කැන්ඩි පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට දායකත්වය දැක්වීය.

තරගයේ වීරයා – වනිඳු හසරංග

ලකුණු පුවරුව
බී-ලව් කැන්ඩි 4 6
මොහොමඩ් හැරිස් ඇ.කසුන් රජිත ප.ළහිරු කුමාර 7 7 1 0
තනුක දාබරේ ඇ.නජිබුල්ලා සද්‍රාන් ප.ළහිරු කුමාර 5 8 1 0
දිනේෂ් චන්දිමාල් ඇ.ලසිත් කෲස්පුල්ලේ ප.සොනාල් දිනූෂ 38 37 3 1
සහන් ආරච්චිගේ ස්ට.සොහාන් ඩි ලිවේරා ප.ශකීබ් අල් හසන් 0 4 0 0
වනිඳු හසරංග ඇ.කසුන් රජිත ප.සොනාල් දිනූෂ 48 30 3 4
ඇන්ජලෝ මැරතිව්ස් දුවද්දී දැවී ගියා ලිවේරා 24 17 2 1
අසීෆ් අලී ඇ.දසුන් ශානක ප.කසුන් රජිත 10 11 0 1
චතුරංග ද සිල්වා නොදැවී 15 6 1 1
ළහිරු මදුශංක නොදැවී 1 1 0 0
අතිරේක 9
ඒකතුව පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 157
කඩුලු වැටීම / 1-07 (හැරිස් 1.3), 2-19 (දාබරේ 3.4), 3-20 (සහන් 4.4), 4-92 (වනිඳු 13.2), 5-105 (චන්දිමාල් 15.2), 6-139 (අලී 18.3), 7-154 (මැතිව්ස් 19.4)
පන්දු යැවීම
කසුන් රජිත 4-0-27-1 ළහිරු කුමාර 4-0-21-2
ශකීබ් අල් හසන් 4-0-24-1 ටබ්‍රේස් ශම්සි 2-0-22-0
සීක්කුගේ ප්‍රසන්න 2-0-19-0 දසුන් ශානක 1-0-12-0
සොනාල් දිනූෂ 3-0-32-2
ගෝල් ටයිටෑන්ස්
ලිටන් දාස් ප.චතුරංග ද සිල්වා 25 19 4 0
ලසිත් කෲස්පුල්ලේ ඇ.ළහිරු මදුශංක ප.චතුරංග ද සිල්වා 14 13 1 0
සොහාන් ඩි ලිවේරා ඇ.මොහොමඩ් හස්නේන් ප.මුජීබ් උර් රෙහ්මාන් 1 4 0 0
ශකීබ් අල් හසන් ඇ.මොහොමඩ් හැරිස් ප.සහන් ආරච්චිගේ 17 15 2 0
සොනාල් දිනූෂ ඇ.දිනේෂ් චන්දිමාල් ප.වනිඳු හසරංග 28 32 0 1
දසුන් ශානක ඇ.දිනේෂ් චන්දිමාල් ප.වනිඳු හසරංග 4 8 0 0
නජිබුල්ලා සද්‍රාන් ඇ.මුජීබ් උර් රෙහ්මාන් ප.මොහොමඩ් හස්නේන් 1 5 0 0
සීක්කුගේ ප්‍රසන්න ඇ.ඇන්ජලෝ මැතිව්ස් ප.වනිඳු හසරංග 1 2 0 0
කසුන් රජිත නොදැවී 10 14 1 0
ළහිරු කුමාර නොදැවී 10 8 0 1
අතිරේක 12
ඒකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 123
කඩුලු වැටීම / 1-38 (දාස් 4.3), 2-39 (ලිවේරා 5.2), 3-45 (කෲස්පුල්ලේ 6.2), 4-73 (හසන් 11.1), 5-87 (ශානක 13.4), 6-90 (සද්‍රාන් 14.4), 7-93 (ප්‍රසන්න 15.1), 8-104 (දිනූෂ 17.3)
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 3-0-31-0 මුජීබ් උර් රෙහ්මාන් 3-0-29-1
වනිඳු හසරංග 4-0-21-2 චතුරංග ද සිල්වා 4-0-16-2
සහන් ආරච්චිගේ 2-0-10-1 මොහොමඩ් හස්නේන් 3-0-08-2
ළහිරු මදුශංක 1-0-05-0

 

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee