slc
logo
Home   |    News
අගෝස්තු 26, 2023
කොදෙව් යෞවනයන්ට එරෙහි සටනේ නායකත්වය සිනෙත් ජයවර්ධනට

sinhala editor

එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ‌එරෙහිව හෙට (27 දා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ සිව්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ සිනෙත් ජයවර්ධන පත් කර තිබේ.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ සිනෙත්ගේ උප නායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ මල්ෂ තරුපති කටයුතු කරනු ඇත. අගෝස්තු මස 27 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සැප්තැම්බර් 15 වැනිදා දක්වා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අංකය

ක්‍රීඩකයා

පාසල

1 සිනෙත් ජයවර්ධන (නායක) රාජකිය විදුහල – කොළඹ
2 පුලිඳු පෙරේරා ධර්මරාජ විදුහල – මහනුවර
3 සුපුන් වඩුගේ ත්‍රිත්ව විදුහල – මහනුවර
4 රුෂධ ගමගේ ශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
5 දිනුර අබේවික්‍රමසිංහ ශාන්ත සිල්වෙස්තර විදුහමල – මාතර
6 රවිෂාන් නෙත්සර පී. ද ඒස්. කුලරත්න විදුහල – ගාල්ල
7 හිරාන් ජයසුන්දර ශාන්ත ජෝෂප් විදුහල – මරදාන
8 සරුජන් ශම්මුගනාතන් ශාන්ත බෙනටික්ට් විදුහල – කොටහේන
9 වි‌ශ්ව ළහිරු ශ්‍රී සුමගංල විදුහල – පානදුර
10 විශේන් හැළඹගේ ශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
11 මල්ෂ තරුපති (උප නායක) රිච්මන්ඩ් විදුහල – ගාල්ල
12 තරණ විමලධර්ම ත්‍රිත්ව විදුහල – මහනුවර
13 කවීෂ පියුමාල් ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට
14 විහස් තෙව්මික තර්ස්ටන් විදුහල – කොළඹ
15 ජනිත් ප්‍රනාන්දු ශාන්ත ජෝසප් වාස් විදුහල  – වෙන්නප්පුව
16 දිනුර කලුපහන මහින්ද විදුහල – ගාල්ල
17 පැතුම් මලිත ධර්මාශෝක විදුහල – අම්බලන්ගොඩ
18 රුවිෂාන් පෙරේරා ආනන්ද විදුහල – කොළඹ
19 ගරුක සංකෙත් ලයිසියම් ජාත්‍යන්තර පාසල
20 විශ්ව රාජපක්ෂ ශාන්ත ජෝසප් වාස් විදුහල – වෙන්නප්පුව

 

Active filters

Recent Posts

  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]
  • අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ […]

Pin It on Pinterest

USD United States (US) dollar