slc
logo
Home   |    News
අගෝස්තු 17, 2023
කොදෙව්‌ යෞවනයෝ ශ්‍රී ලංකාවට එති

sinhala editor

නිල නොවන එක්දින සහ ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළට පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින තරග 2 ක් ඇතුළත් වේ.

ලබන 25 වැනිදා කොළඹ සී. සී. සී. පිටියේ පැවැත්වෙන පුහුණු තරගයෙන් අනතුරුව ලබන 27 වැනිදා දෙරට අතර එක්දින දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වීම විශේෂත්වයක් වේ.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 05 වැනිදා සිට 08 වැනිදා දක්වාත් දෙවැනි තරගය 12 වැනිදා සිට 15 වැනිදා දක්වාත් පැවැත්වෙනු ඇත.

දිනය

තරගය

ක්‍රීඩාංගණය

අගෝස්තු 25 පුහුණු තරගය සී.සී.සී.
අගෝස්තු 27 පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල
අගෝස්තු 30 දෙවැනි ඒක්දින තරගය රංගිරි දඹුල්ල
සැප්තැම්බර් 01 තෙවැනි ඒක්දින තරගය රංගිරි දඹුල්ල
සැප්තැම්බර් 05-08 පළමු සිවු දින තරගය රංගිරි දඹුල්ල
සැප්තැම්බර් 12-15 දෙවැනි සිවුදින තරගය රංගිරි දඹුල්ල

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee