BY CHAMILA KARAWITA
ලකුණු 09 ක් ඇතුළත කඩුලු 6 ක් බිඳ හෙළමින් වසර 4 ක ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිඳු හසරංගගේ සුපිරිතම පන්දු යැවීම හමුවේ වසර 3 ක් තිස්සේ ඒල්.පී.ඒල්. කිරුළ දරා ගනිමින් ජැෆ්නා කිංග්ස් තබා තිබූ ජයග්‍රාහී ගමනට තිත තැබීමට බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ අද (17 දා) රාත්රියේදී සමත්වූහ. ඒ් ලකුණු 61 ක දැවැන්ත ජයකින් ජැෆ්නා කිංග්ස් පිල පරාජයට පත් කරමිනි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම පරාජිතයින් පිටුදැකීමේ තරගය හෙවත් එලිමිනේටර් තරගයෙන් බී ලව් කැන්ඩි පිල ජය ලැබුවද අවසන් මහ තරග වරම උදාකර ගැනීමට නම් ඔවුනට ලබන 19 වැනිදා රාත්‍රියේ ගෝල් ටයිටෑන්ස් පිලට එරෙහිව පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගයෙන් අනිවාර්යයයෙන්ම ජය වාර්තා කිරීමට සිදුවනු ඇත.
ලකුණු 189 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17 කුත් පන්දු 2 කදී ලකුණු 127 කදී නිමා කිරීමට වනිඳු හසරංග ප්රමුඛ කැන්ඩි පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 3.3 කදී ලකුණු 09 කට කඩුලු 6 ක් දවා ගත්තේ මෙතෙක් තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නකු වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාවද සියතට ගනිමිනි. මීට පෙර එහි හිමිකරුවා වූයේ ද දකුණත් පා දඟ පන්දු යවන්නකු වන ජෙෆ්රි වැන්ඩර්සි වන අතර ඔහු 2021 වසරේදී කැන්ඩි ෆැල්කන්ස් පිලට ඒරෙහිව ලකුණු 25 කදී දවා ගන්නා ලද කඩුලු 6 මීට පෙර හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් විය.
මෙම දක්ෂතාවත් සමග මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමටද වනිඳු සමත්වූවේය. ඔහු මේ දක්වා ඉනිම 9 කදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 17 ක් වන අතර ඒ් සමඟම ඔහුට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙනුවෙන් හිමිවන තැඹිළි වර්ණයෙන් යුතු කැප් තොප්පියද තරගාවසානයේ පිරිනැමිණ.
ප්‍රභලම පිතිකරුවන් රැසකගෙන් සමන්විත ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස චරිත් අසලංකත්(01) දෙවැනි කඩුල්ල ලෙස ගුර්බාසුත් (19) පිටියන් ඉවත්වන විට මුලු ලකුණු සංඛ්‍යාව 32 ක් ලෙස සටහන් විය. දුනිත් වෙල්ලාලගේගේ කඩුල්ල තම පළමු ගොදුර බවට පත් කර ගත් වනිඳු ක්‍රිස් ලින්වද පිටියෙන් ඉවත් කරන විට ජැෆ්නා ලකුණු පුවරුව කඩුලු 4 ට ලකුණු 49 ක් ලෙසින් සටහන් විය.
කඩුලු පිට කඩුලු දැවී ගියද ෂොයෙබ් මලික්ට එක් වු ඩේවිඩ් මිලර් ජැෆන් පිල ජයග්‍රාහී මාවතට රැගෙන යෑමට උත්සාහ දරද්දී පන්දුව රැගෙන ඒ් අතරට පැමිණි වනිඳු යළිත් මිලර්ව(26) සහ අසේල ගුණරත්න (00) පන්දු 3 ක් ඇතුළතදී දවා ගනිමින් ජයග්‍රහණය සඳහා වැඩි වාසි බීලව් කැන්ඩි පිල වෙත ගෙන ආවේය.
ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියද දෙවැනි කඩුල්ලට ඒක් වුණු දිනේෂ් චන්දිමාල් සහ මොහොමඩ් හැරිස් පවර් ප්ලේ පන්දුවාර 6 අවසානයේ ලකුණු 58 ක් රැස් කිරීමට සමත්වූහ. අසේල ගුණරත්නගේ පලමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව චන්දිමාල් දැවී යන විට මොහොමඩ් හැරිස් සමඟ ඒක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 68 ක් රැස් කර තිබිණ. මෙම සම්බන්ධතාවයෙන් ලකුණු 41 ක්ම චන්දිමාල්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු විය. වේගවත් ඉනිමක් දියත් කළ චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 41 ක් ලබා ගත්තේ ජැෆ්නා පිලේ උද්යෝගය ධෛර්යමත් කරමිනි.
මෙම සුවිශේෂී සම්බන්ධතාව ප්‍රධාන කොට බී-ලව් කැන්ඩි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 189 ක ඉලක්කයක් ලබා දීමට අවස්ථාව ලැබිණ.
පන්දු යවන්නන් අතරින් නුවන් තුෂාරගේ නම ඉදිරියෙන් කඩුලු 4 ක් ලියැවුණිද ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 40 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. ඔහු හැරුණු කොට මෙවර තරගාවලිය සඳහා වැඩිම ලංසුව හිමි පන්දු යවන්නා වූ ඩිල්ෂාන් මදුශංකගෙන්ද බී-ලව් කැන්ඩි පිතිකරුවෝ ලකුණු 43 ක් උදුරා ගත්තේ ඒකම කඩුල්ලක් හෝ ඔහු හමුවේ ලබා නොදෙමිනි. පන්දු යවන්නන් අතරින් දුනිත් වෙල්ලාලගේ පමණක් තම පන්දුවාර 4 ලකුණු 25 කදී නවතා ගත්තේය.
ඉනිමේ කොඳු නාරටිය වු මෙන්ම ලකුණු මැෂිම වූ මොහොමඩ් හැරිස්, වනිඳු හසරංග සමඟ ඒක් වෙමින් ජැෆ්නා පන්දු යවන්නන් අසීරුවට ඇද දැම්මේ ගුණරත්නගේ පිට පිට පන්දු 2 කදී හසරංග ඒල්ල කරන ලද හයේ පහර 2 ක සමගිනි.
වැඩිම ලකුණු ලාභියා වුණු හැරිස් අසේල ගුණරත්න විසින් යවන ලද 14 වැනි පන්දුවාරයේදී ලකුණු 18 ක් උදුරා ගත්තේ 0-6-4-2-0-6 වශයෙනි පහර ඒල්ල කරමිනි. 18 වැනි පන්දුවාරයේදී හැරිස් දැවි යන විට්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 49 කදී ලකුණු 79 ක් ලබා සිටියේය.
තරගයේ වීරයා – වනිඳු හසරංග
|
ලකුණු පුවරුව |
|||||||||
| බී-ලව් කැන්ඩි | ල | ප | 4 | 6 | |||||
| මොහොමඩ් හැරිස් | ස්ට.රාමනුල්ලා ගුර්බාස් | ප.මහීෂ් තීක්ෂණ | 79 | 49 | 8 | 4 | |||
| ෆකාර් සමාන් | ප.නුවන් තුෂාර | 0 | 2 | 0 | 0 | ||||
| දිනේෂ් චන්දිමාල් | කඩුල්ල මුවා කළා | ප.අසේල ගුණරත්න | 41 | 24 | 6 | 1 | |||
| වනිඳු හසරංග | ප.අසේල ගුණරත්න | 19 | 11 | 0 | 2 | ||||
| කමිඳු මෙන්ඩිස් | ප.මහීෂ් තීක්ෂණ | 17 | 13 | 1 | 0 | ||||
| අසීෆ් අලි | ඇ.ඩේවිඩ් මිලර් | ප.නුවන් තුෂාර | 15 | 13 | 0 | 1 | |||
| ඇන්ජලෝ මැතිව්ස් | ඇ.තිසර පෙරේරා | ප.නුවන් තුෂාර | 7 | 5 | 1 | 0 | |||
| සහන් ආරච්චිගේ | නොදැවී | 1 | 1 | 0 | 0 | ||||
| ඉසුරු උදාන | ඇ.දුනිත් වෙල්ලාලගේ | ප.නුවන් තුෂාර | 2 | 2 | 0 | 0 | |||
| අතිරේක | 7 | ||||||||
| ඒකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු | 188 | ||||||||
| කඩුලු වැටීම / 1-01 (සමාන් 0.4), 2-69 (චන්දිමාල් 7.1), 3-91 (හසරංග 9.5), 4-146 (කමිඳු 15.2), 5-176 (හැරිස් 17.5), | |||||||||
| පන්දු යැවීම | |||||||||
| නුවන් තුෂාර 4-0-40-4 | මහීෂ් තීක්ෂණ 4-0-37-2 | ||||||||
| ඩිල්ෂාන් මදුශංක 4-0-43-0 | දුනිත් වෙල්ලාලගේ 4-0-25-0 | ||||||||
| අසේල ගුණරත්න 4-0-41-2 | |||||||||
| ජැෆ්නා කිංග්ස් | |||||||||
| ක්‍රිස් ලින් | කඩුල්ල මුවා කළා | ප.වනිඳු හසරංග | 19 | 19 | 3 | 0 | |||
| චරිත් අසලංක | ඇ.අසීෆ් අලී | ප.මුජීබ් උර් රෙහ්මාන් | 1 | 6 | 0 | 0 | |||
| රාමනුල්ලා ගුර්බාස් | දුවද්දී දැවී ගියා | හැරිස්/උදාන | 19 | 10 | 1 | 2 | |||
| දුනිත් වෙල්ලාලගේ | ඇ.කමිඳු මෙන්ඩිස් | ප.වනිඳු හසරංග | 3 | 5 | 0 | 0 | |||
| ෂොයෙබ් මලික් | ඇ.ඇන්ජලෝ මැතිව්ස | ප.නුවන් ප්‍රදීප් | 31 | 23 | 3 | 1 | |||
| ඩේවිඩ් මිලර් | ප.වනිඳු හසරංග | 26 | 20 | 0 | 2 | ||||
| අසේල ගුණරත්න | කඩුල්ල මුවා කළා | ප.වනිඳු හසරංග | 0 | 2 | 0 | 0 | |||
| තිසර පෙරේරා | ප.සහන් ආරච්චිගේ | 0 | 4 | 0 | 0 | ||||
| මහීෂ් තීක්ෂණ | ඇ.සහන් ආරච්චිගේ | ප.වනිඳු හසරංග | 15 | 14 | 3 | 0 | |||
| ඩිල්ෂාන් මදුශංක | නොදැවී | 0 | 1 | 0 | 0 | ||||
| නුවන් තුෂාර | ඇ.ළහිරු මදුශංක | ප.වනිඳු හසරංග | 0 | 1 | 0 | 0 | |||
| අතිරේක | 13 | ||||||||
| ඒකතුව පන්දුවාර 17.2 කදී සියලු දෙනා දැවී ලකුණු | 127 | ||||||||
| කඩුලු වැටීම / 1-06 (අසලංක 1.3), 2-ගුර්බාස් 4.2), 3-48 (වෙල්ලාලගේ 6.3), 4-49 (ලින් 6.5), 5-101 (මිලර් 12.2), 6-101 (ගුණරත්න 12.4), 7-108 (තිසර 13.4), 8-127 (මලික් 16.5), 9-127 (තීක්ෂණ 17.1) | |||||||||
| පන්දු යැවීම | |||||||||
| ඇන්ජලෝ මැතිව්ස් 3-0-23-0 | මුජීබ් උර් රහ්මාන් 4-0-45-1 | ||||||||
| ඉසුරු උදාන 1-0-02-0 | වනිඳු හසරංග 3.2-0-09-6 | ||||||||
| සහන් ආරච්චිගේ 3-0-23-1 | නුවන් ප්‍රදීප් 3-0-24-1 | ||||||||





