slc
logo
Home   |    News
අගෝස්තු 16, 2023
මූලික වටය අවසන්වද්දී ‘ලිට්ල් හාට්ස්’ අරමුදලට ලක්ෂ 67 ක්

sinhala editor

සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූළික තරග වට‌ය යටතේ පැවැති පළමු තරග 20 අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 6.7 ක් හෙවත් ලක්ෂ 67 ක මුදලක් එකතුවී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කර සිටියි.

තරගාවලිය ආරම්භයට පෙර තරගයකදී එල්ල වන සෑම හයේ පහරක් සඳහා රුපියල් 6000 ක මදුලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000 ක මුදලක්ද ලබා දෙන අතර ඊට අමතරව තරගයකදී වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට (Dot Ball) රුපියල් 2000 බැගින් පිරිනැමීමට තරගාවලි සංවිධායකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

ඒ අනුව පැවැති තරග 20 තුළදී පමණක් හයේ පහර 185 ක්, හතරේ පහර 497 ක් සහ නිලකුණු පන්දු 1802 ක් වාර්තා වී ඇත. ඒ අනුව මේ සියල්ලේ වටිනා කම රුපියල් ලක්ෂ 67 ක් වේ.

හෘද රෝග ඇතුළුව බරපතල රෝගාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් රිජ්වේ ළමා රෝහලේ ඉදිවන හදවත් රෝග ඇති දරුවන් ඉක්මනින් හඳුනා ගැනීම වෙනුවෙන් ඉදිවන Cardiac and Critical Care සංකීර්ණයට අවශ්‍ය අරමුදල් රැස් කිරීම මේ හරහා සිදුවනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් එකතුවන මුදලින් කොටසක්ද ලිට්ල් හාර්ට්ස් අරමුදළට ලබා දීමට තීරණය කර ඇති බවයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee