slc
logo
Home   |    News
අගෝස්තු 27, 2023
17න් පහළ ‘නැෂනල් යූත්’ අවසන් ගැටුම කොළඹ උතුර සහ මහනුවර අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ අවසන් මහ තරගයට කොළඹ උතුරු 17න් පහළ පිල හා මහනුවර 17න් පහළ පිල සුදුසුකම් ලබාගත්හ. කොළඹ උතුරු පිල තරග 4කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරගයක් විසදුමකින් තොරව නිමා කොට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණි අතර, මහනුවර පිල තරග 4කට සහභාගීවී තරග 3ක් ජයගෙන තරගයක් පරාජයවී දෙවැනි ස්ථානයට පත්විය.

කොළඹ උතුරු 17න් පහළ පිල වෙතින් කොළඹ දකුණ කඩුලු 8ක්නි පරාජය වූ අතර, මහනුවර පිල ලකුණු 17කින් හා ගාල්ල කඩුලු 7කින් පරාජයට පත්විය. අද මුවර්ස් පිටියේදී පැවැති දඹුල්ල සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

මහනුවර 17න් පහළ පිල වෙතින් ගාල්ල පිල ලකුණු 103කින් පරාජය වූ අතර, කොළඹ දකුණ කඩුලු 4කින් හා දඹුල්ල කඩුලු 7කින් පරාජයට පත්විය. කොළම උතුර පිල වෙතින් මහනුවර පිල ලකුණු 17කින් පරාජයට පත්විය.

පළාත් 5ක් නියෝජනය කරමින් තරග වැදුණු  වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ කොළඹ දකුණ, දඹුල්ල හා ගාල්ල කණ්ඩායම් සහභාගී වූහ.

අද මුවර්ස් පිටියේදී වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ තරගයේ මුලින් පන්දුවට පහරදුන් කොළඹ උතුර 17න් පහළ පිල කඩුලු 8කට ලකුණු 201ක් ලබාගත් අතර, තරගය නතර කරද්දී දඹුල්ල 17න් පහළ පිල කඩුලු 4කට ලකුණු 58ක් ලබා තිබිණි.

මේ අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ පැවැති කොළඹ දකුණ සමග තරගයේදී ගාල්ලට කඩුලු 5ක ජයක් හිමි විය. ගාල්ල පිලේ  විශ්ව සුපුන් පන්දු 73කදී හයේ 3ක් හා හතරේ 11ක් සමග නොදැවී ලකුණු 95ක් වාර්තා කළේය.

 

කොළඹ උතුර 17න් පහළ පිල කඩුලු 8කට ලකුණු 201 (ඕවර් 50)කෙනත් ලියනගේ 22, දෙනුර දම්සිත් 13, රහීඩ් කරීම් නොදැවී 70, රිෂ්ම අමරසිංහ 17, තනූග පළිහවඩන 19, යෙනුල දෙව්සුත නොදැවී 21, අතිරේක 23 (දමිත් අබේසිංහ 58/2, වී. අකේස් 27/2)

දඹුල්ල 17න් පහළ පිල කඩුලු 4කට ලකුණු 58 (ඕවර් 17.3)පන්සිළු රණසිංහ නොදැවී 23, ජිනජිත් දුල්මික 11, කවීත් ෂෙහාර 17, අතිරේක 7 (තරූෂ දිල්සර 15/2, කවීෂ මෙන්ඩිස් 18/1, සෙතුර ප්‍රනාන්දු 11/1)

 

 

කොළඹ දකුණ 17න් පහළ පිල කඩුලු 8කට ලකුණු 217 (ඕවර් 49.5)ඉසුරු නිදර්ශන 25, රුසිත් ජයවර්ධන 34, දිනෙත් සිතුමිණ 50, දෙනෙත් ප්‍රියංග 19, පසිඳු විමංස 40, අතිරේක 24 ( මලිත් මිහිරංග 55/2, කනිෂ්ක රසාංග 62/3, ඉමෙත් මනම්පේරි 9/2)

ගාල්ල 17න් පහළ පිල කඩුලු 5කට ලකුණු 221 (ඕවර් 30.3)දර්ශක සන්දීප 55, විශ්ව සුපුන් නොදැවී 95, ප්‍රවිශ්ක නාඩීන් 20, සදෙව් ගමගේ නොදැවී 16, අතිරේක 18 (කවිඳු ඩයස් 43/3, පසිඳු විමංස 27/1 )

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee