slc
logo
Home   |    News
අගෝස්තු 12, 2023
5වැනි ජයත් සමග දඹුල්ල අවසන් කණ්ඩායම් 4 අතරට

sinhala editor

By Chamila Karawita

ගිලිහීගිය ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛස්ථානය හෝරා කීපයක් ගත වීමට මත්තෙන් යළි අත්පත් කර ගැනීමට දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ අද (12 දා) රාත්‍රියේ සමත් වූහ. ඒ කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 50 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟය. දඹුල්ල කණ්ඩායම මෙවර තරග වාරයේ වාර්තා කරන ලද 5 වැනි තරග ජයග්‍රහණය වූ අතර ඒ සමඟම ඔවුන් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය හෙවත් ‘ප්ලේඔෆ්’ තරග වටය සඳහා සුදුසුකම් ලබාගෙන සිටිති.

ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට දුෂාන් හේමන්ත, හසන් අලී, නූර් හමඩ් සහ බිනුර ප්‍රනාන්දුගේ පන්දු යැවීම හමුවේ පන්දුවාර 19.4 දී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි.

දඹුල්ල ඉනිම ආරම්භයේ සිටම කිසිදු පිතිකරුවකුට පිටියේ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට ඉහත පන්දු යවන්නෝ ඉඩ පහස ලබා නොදුන්හ. මෙහිදී වැඩිම ලකුනු ලාභියා වූයේ නිවනිදු (21) ප්‍රනාන්දු පමණි. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින බාබර් අසාම්ද අද දිනයේදී ලකුණු 11 කට හසන් අලීගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

කලම්බු ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගත් බිනුර ප්‍රනාන්දු පන්දුවාර විස්සයි-20 තරග වලදී කඩුලු 100 සීමාව ඉකමවාලීමට සමත්වීම තරගයේ විශේෂත්වයක් විය. පන්දුවාර 3.4 ක් යවන බිනුර ලකුණු 18 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගත්තේය. ඒ අනුව ඔහු මේ වන විට විස්සයි-20 තරග 80 කට ක්‍රීඩා කර ඇති බිනුර බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 101 කි. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය ලෙස 18.75 ක් සනිටුහන් වේ.

පළමු කඩුලු 4 ම ලකුණු 46 ක් ඇතුළතදී බිඳ වැටී තිබියදී පිටියට එක් වුණු බෙන් මැක්ඩමොට් සහ ඇලෙක්ස් රොස් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 102 ක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ ලකුණු පුවරුව ලකුණු 166 ක් දක්වා ඉහළ දමා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමට හැකියාව ලැබිණ.

කණ්ඩායම සතු ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙපළ වූ බෙන් මැක්ඩමොට් පන්දු 46 කදී ලකුණු 69 ක්ද  ඇලෙක්ස් රොස් පන්දු 38 කදී ලකුණු 52 ක්ද වාර්තා කළහ. මේ අතරින් 80 – 90 දශකයේදී ඔස්ට්‍රේලියානු පිල නියෝජනය කරන ලද ක්‍රෙක් මැක්ඩමට්ගේ පුත්‍රයා වන බෙන්ජමින් මැක්ඩමට් හෙවත් බෙන් මැක්ටමට් ලකුණු 40 ක්ම හයේ (4) සහ හතරේ (4) පහර වලින් වාර්තා කරන ලද ඒවා විය. ඔහු නොදෙවැනි පිතිහරඹයක නිරත වුණු ඇලෙක්ස් රොස් තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කළේ පන්දු 38 ක් පමණක් ඒ සඳහා වැය කරමිනි.

චාමික කරුණාරත්න විසින් යවන ලද තරගයේ 18 වැනි පන්දුවාරයේදී ලකුණු 24 ක් උදුරා ගැනීමට මැක්ඩමට් සහ රොස් යුගල සමත්විය. කඩුලු 7 වැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දුන් මොවුන් යුගලය, මුල් කාලය වැඩි අවධානමක් නොගෙන පන්දුවට පහර දුන්හ. මෙහිදී මැක්ඩමට් ලකුණු 28 ක් ලබා සිටියදී මතීෂ පතිරණගේ පන්දුවකට කඩුලු රැකි නිරෝෂන් දික්වැල්ල අතට දුන් පහසුම උඩ පන්දුව ගිලිහී යෑමෙන් ඔහුට තවදුරටත් පිටියේ රැදී සිටීමට වරම උදාවිය.

පන්දු යැවීමේදී මතිෂ පතිරණ ලකුණු 36 කට කඩුලු 2 ක් දවා ගනිද්දී නසීමා ෂා, ජෙෆ්රි වැන්ඩර්සි සහ චාමික කරුනාරත්න කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

 

ලකුණු පුවරුව
දඹුල්ල අවුරා ලකුණු පන්දු 4 6
අවිශ්ක ප්‍රනාන්දු ඇ.චාමික කරුනාරත්න ප.නසීම් ෂා 7 9 1 0
කුසල් මෙන්ඩිස්   ප.චාමික කරුණාරත්න 7 10 1 0
සධීර සමරවික්‍රම ඇ.නුවනිඳු ප්‍රනාන්දු ප.මතීෂ පතිරණ 1 3 0 0
බෙන් මැක්‌ඩමොට් නොදැවී   69 46 4 4
ධනංජය ද සිල්වා ඇ.ඉෆ්තිකාර් අහමඩ් ප.ජෙෆරි වැන්ඩර්සි 11 9 2 0
අලෙක්ස් රොස් ඇ.නිරෝෂන් දික්වැල්ල ප.මතීෂ පතිරණ 52 38 5 2
හසන් අලී නොදැවී   6 5 1 0
අතිරේක 13  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 166
කඩුලු වැටීම / 1-19 (අවිශ්ක 2.5), 2-19 (කුසල් මෙන්ඩිස් 3.2), 3-24 (සධීර 4.4), 4-46 (ධනංජය 6.5), 5-148 (රොස් 18.4),
පන්දුයැවීම
නසීම් සා 4-0-38-1 චාමික කරුණාරත්න 4-0-35-1
මතීෂ පතිරණ 4-0-36-2 මොහොමඩ් නවාස් 4-0-33-0
ජෙෆ්රි වැන්ඩර්සි 4-0-21-1  
කලම්බු ස්ට්‍රයිකර්ස්
පැතුම් නිස්සංක ඇ.ධනංජය ද සිල්වා ප.බිනුර ප්‍රනාන්දු 12 8 1 0
බාබර් අසාම් ඇ.සධීර සමරවික්‍රම ප.හසන් අලී 11 13 1 0
නිරෝෂන් දික්වැල්ල   ප.ජනිත් ලියනගේ 17 6 2 1
නුවනිඳු ප්‍රනාන්දු ඇ.සහ ප.දුෂාන් හේමන්ත 21 20 3 0
ඇන්ජලෝ පෙරේරා කඩුල්ල මුවා කළා ප.නූර් අහමඩ් 1 2 0 0
ඉෆ්තිකාර් අහමඩ්   ප.දුෂාන් හේමන්ත 18 26 0 0
මොහොමඩ් නවාස්   ප.නූර් අහමඩ් 20 24 2 0
චාමික කරුණාරත්න ඇ.කුසල් මෙන්ඩිස් ප.බිනුර ප්‍රනාන්දු 5 10 0 0
නසීම් ෂා ඇ.අවිශ්ක ප්‍රනාන්දු ප.හසන් අලී 1 5 0 0
මතීෂ පතිරණ ඇ.නූර් අහමඩ් ප.හසන් අලී 0 3 0 0
ජෙෆ්රි වැන්ඩර්සි නොදැවී   0 1 0 0
අතිරේක 10  
එකතුව පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 116
කඩුලු වැටීම / 1-19 (පැතුම් 2.5), 2-37 (දික්වැල්ල 3.5), 3-55 (අසාම් 5.3), 4-56 (පෙරේරා 6.1), 5-74 (නුවනිඳු 9.6), 6-102 (අහමඩ් 15.3), 7-112 (නවාස් 16.6), 8-116 (නසීම් 18.2), 9-116 (මතීෂ 18.5)
පන්දු යැවීම
බිනුර ප්‍රනාන්දු 3.4-0-18-2 හසන් අලී 4-0-16-3
ජනිත් ලියනගේ 2-0-26-1 ධනංජය ද සිල්වා 2-0-24-0
නූර් අහමඩ් 4-0-14-2 දුෂාන් හේමන්ත 4-0-16-2

 

 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee