slc
logo
Home   |    News
අගෝස්තු 1, 2023
LPL ඉතිහාසයේ පළමු වරට ජැෆ්නා කිංග්ස් දඹුල්ල හමුවේ දණ නමති

sinhala editor

By Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරාවලිය යටතේ අද (01 දා) සවස් යාමයේ පැවැති තරගයේදී ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්විය. මෙය එල්.පීි.එල්. ඉතිහාසයේ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව දඹුලු කණ්ඩායමක් වාර්තා කරන ලද පළමු ජය ලෙසින් සටහන් විය.

2020 වසරේ ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරාගවලියේදී දෙපිළ මෙම තරගයට පෙර අවස්ථා 8 කදී මුණ ගැසී තිබෙන නමුත්, ඉන් එක වතාවක හෝ ජය වාර්තා කිරීමට දඹුලු කණ්ඩායම අසමත්විය. තරග 7 ක ජය ජැෆ්නා කිග්ස් සතු වද්දී එක් තරගයක් තීරණ රහිතව අවසන් වී තිබේ.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා කණ්ඩායම තීරණය කළත් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ඔවුනට රැස් කරගත හැකි වූයේ ලකුණු 129 ක් පමනි. එම ඉලක්කය හඹා ගිය දඹුලු පිතිකරුවෝ ඒ සදහා පන්දුවාර 16.2 ක් පමණක් වැය කළේ කඩුලු 2 ක් පමණක් දැවී ගොස් තිබූ පසුබිමකය.

දඹුලු පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් අවිශක් ප්‍රනාන්දු සහ නායක කුසල් මෙන්ඩිස් පන්දු 49 කදී වේගවත් ලකුණු 76 ක් එක් කළහ. මෙය දඹුලු කණ්ඩායමට පහසු ජයග්‍රහණයකට මං පෙත් විවර වුණු ප්‍රධානම අඩිතාලම බවට පත්විය. මෙහිදී පන්දු 32 කට මුහුණ දුන් අවිශ්ක හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ස ද සමඟින් ලකුණු 52 ක් රැස් කළේය.

අවිශ්ක කෙතරම් වේගයෙන් ලකුණු රැස් කළේද කිවහොත් ඔහු වියස්කාන්තාගේ පන්දුවක් හමුවේ ලකුණු 52 ක් ලබා දැවී යන විටත් කුසල් මෙන්ඩිස් රැස් රකගෙන සිටියේ පන්දු 17 කදී ලකුණු 24 ක් පමණි. මෙම ඉනිමත් සමග අවිශ්ක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලුකනු 1000 සීමාව ආසන්නයට පැමිණිමට සමත්ව සිටියි. අවිශ්ක මේ දක්වා තරග 31 කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 979 ක් වන අතර තවත් ලකුණු 21 ක් ලබා ගතහොත් එල්.පී.එල්. ඉතිහාසයේ ලකුණු 1000 ක් සම්පූර්ණ කරන ලද පළමු පිතිකරුවා වීමේ විරළ භාග්‍ය ඔහු සතු වනු ඇත. කෙසේ වෙතත් අද තරගයේ ලද අර්ධ ශතකයත් සමග ඔහු එල්.පී.එල්. වැඩිම අර්ධ ශතක ලාභීන් අතර පෙරමුණ ගත්තේ සිය අර්ධ ශතක සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ දමා ගනිමිනි. මෙම තරගයට පෙර අවිශ්ක කුසල් සමඟින් (7) සම තැන් ගෙන සිටියේය.

පළමු තරගයේ පරිදිම වේගවත් පිහිහරඹයක් දියත් කළ කුසල් පෙරේරා පන්දු 22 කදී  හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 34 ක් රැස් කරමින් දඹුලු පිලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

විස්සයි-20 තරග පිටියේ විරළම දක්ෂතාවක් වශයෙන් සැලකෙන නිලකුණු පන්දුවාරයකින් බිනුර ප්‍රනාන්දු තරගය ආරම්භ කළේය. ආරම්භයේ සිටම කිසියම් පීඩනයකට නතු කිරීමට දඹුල්ල පන්දු යවන්නන් සමත් වද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියාබවට පත්වීමට චරිත් අසලංක සමත්වූයේ. ඔහු හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 52 කදී ලකුණ 56 ක් රැස් කර ගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව  20 ක්ව සටහන් තිබියදී ගුර්බාස් දැවී ගියද චරිත්ට එක්වූ ටව්හිඩ් රිඩෝයි දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 55 ක් රැස් කළහ.

ඉනිමේ හරි හඩක් හෙවත් පළමු පන්දුවාර 10 අවසන් වන විට ජැෆ්නා ලකුණු පුවරුව කඩුල්ලකට ලකුණු 67 ක් වශයෙන් සටහන් විය. එල්. පී. එල්. ඉතිහාසයේ මංගල තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් අද තරගයට ක්‍රීඩා කළ නමුත් ඔහුට රැස් කරගත හැකි වූයේ පන්දු 18 කදී ලකුණු 14 ක් පමණි. විස්සයි-20 තරග පිටියේ වාර්තා ගොන්නකට හිමිකම් කියන මිලර් හේඩ්න් කර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

මෙම තරගයේදී කණ්ඩායම් දෙකම එක් වෙනස්කම් සිදුකරමින් අවතීර්ණව සිටි අතර එහිදී ජැෆ්නා පිල නිශාන් මදුෂ්ක වෙනුවෙන් ‌මිලර් වද දඹුල්ල පිල ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට නූර් අහමඩ්වද කැඳවමින් අවතීර්ණව සිටියහ.

තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු

ලකුණු පුවරුව
ජැෆ්නා කිංගස් 4 6
රාමනුල්ලා ගුර්බාස් ඇ.කුසල් මෙන්ඩිස් ප.බිනුර ප්‍රනාන්දු 14 12 3 0
චරිත් අසලංක ඇ.ධනංජය ද සිල්වා ප.නූර් අහමඩ් 56 52 5 1
ටව්හිඩ් රිඩෝයි ඇ.ඇලෙක්ස් රොස් ප.ධනංජය ද සිල්වා 24 20 2 0
ප්‍රියමාල් පෙරේරා කඩුල්ල මුවා කළා ප.ශහනවාස් දහානි 5 3 1 0
ඩේවිඩ් ‌මිලර් ඇ.ජනිත් ලියනගේ ප.හේඩ්න් කර් 14 18 1 0
තිසර පෙරේරා දුවද්දී දැවී ගියා දහානි 6 5 1 0
හාඩස් විල්ජෝන්   ප.බිනුර ප්‍රනාන්දු 4 6 1 0
දුනිත් වෙල්ලාලගේ නොදැවී   0 1 0 0
මහීෂ් තීක්ෂණ නොදැවී   2 3 0 0
අතිරේක 4  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 129
කඩුලු වැටීම / 1-20 (ගුර්බාස් 2.6), 2-75 (රිඩෝයි 11.3), 3-83 (ප්‍රියමාල් 12.2), 4-107 (අසලංක 16.1), 5-121 (තිසර 17.4), 6-126 (විල්ජෝන් 18.5), 7-126 (මිලර් 19.3)
පන්දු යැවීම
බිනුර ප්‍රනාන්දු 4-1-27-2 ශහන්වාස් දහානි 4-0-36-1
හේඩ්න් කර් 3-0-16-1 ධනංජය ද සිල්වා 4-0-17-1
නූර් අහමඩ් 4-0-27-1 රවිඳු ප්‍රනාන්දු 1-0-05-0
දඹුල්ල අවුරා
අවිශ්ක ප්‍රනාන්දු   ප.වියස්කාන්ත් 52 32 6 3
කුසල් මෙන්ඩිස් ඇ.තිසර පෙරේරා ප.දුනිත් වෙල්ලාලගේ 29 23 4 1
සධීර සමරවික්‍රම නොදැවී   12 22 0 0
කුසල් පෙරේරා නොැවී   34 22 3 2
අතිරේක 5  
එකතුව පන්දුවාර 16.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 132
කඩුලු වැටීම / 1-76 (අවිශ්ක 8.1), 2-85 (මෙන්ඩිස් 9.1)
පන්දු යැවීම
ඩිල්ෂාන් මදුශංක 2-0-22-0 දුනිත් වෙල්ලාලගේ 4-0-27-1
මහීෂ් තීක්ෂණ 4-0-23-0 හාඩස් විල්ජෝන් 1-0-20-0
විජයකාන්ත් වියස්කාන්ත් 4-0-24-1 චරිත් අසලංකා 1.2-0-14-0

 

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee