slc
logo
Home   |    News
අගෝස්තු 4, 2023
LPL ඉතිහාසයේ ලකුණු 1000 ක් සම්පූර්ණ කළ පළමු පිතිකරුවාගේ වාර්තාව අවිශ්ක ප්‍රනාන්දුට

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 1000 සීමාව ඉක්මවා ලු පළමු ක්‍රීඩකයා බවට පත්වීමට දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අද (04 දා) සමත්වූවේය. අද තරගයේදී ලකුණු 29 ක් රැස් කිරීමත් සමඟ අවිශ්ක මෙම කඩඉම ඉක්මවාලූවේය.

ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියර යටතේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී බී ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේදී ඉනිම ආරම්භ කළ අවිශ්ක ‌හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 31 කදී ලකුණු 32 ක් රැස් කළේය. ඒ අනුව මේ වන විටත් අවිශ්ක තරග 32 කදී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1011 කි. ඉතිහාසයේ එක් ශතකයකට හිමිකම් කියන දකුණත් පිතිකරුවා මේ වන විටත් රැස් කරගෙන ඇති අර්ධ ශතක සංඛ්‍යාව 8 කි. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.10 ක් රදවා ගෙන ඇති අවිශ්ක එල්.පී.එල්. ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කරගෙන ඇති පිතිකරුවාගේ වාර්තාවටද හිමිකම් කියන්නේය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදි කඩුලු 6 කට ලකුණු 156 ක් ලබා ගත්තේය. අවිශ්ක හැරුණු කොට මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වද්දී තම අන්තය ආරක්ෂා කර ගත් ධනංජය ද සිල්වා පන්දු 39 කදී ලකුණු 61 ක් රැස් කළේය.

6 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ සිට පන්දුවට පහර දීමට පැමිණි ධනංජය අවසන් පන්දුව තෙක්ම කඩුල්ලේ රැදී සිටිමින් පන්දුවට පහර දුන්නේ තම ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කරමිනි. මෙය ඔහුගේ දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

ලකුණු 35 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී ධනංජය පිටියට පිවිසෙන විටත් අවිශ්ක ප්‍රනාන්දු කඩුල්ලේ රැඳී සිටි හෙයින් ඔහු සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදි ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ධනංජය සමත්විය. ඉන් නොනැවතුණු දකුණත් පිතිකරුවා ඇලක්ස් රොස් (21) සහ හෙඩ්න් කර් (12*) එක්ව පස්වැනි සහ හයවැනි කඩුලු වලට පිළිවෙළින් ලකුණු 40 සහ 39 වශයෙන් එක් කොට දඹුල්ල පිල ස්ථාවරත්වයකට රැගෙන ආහ.

අද තරගයට ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීරගේ පන්දුවාර 4 දී ලකුණු 40 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වද්දී ඔහු ඉනිමේ වටිනාම කඩුල්ල වූ කුසල් මෙන්ඩිස්ව (07) දවා ගත්තේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු මුජීබ් උර් රෙහ්මාන් පන්දුවාර 4 දී ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගනිද්දී ඉසුරු උදාන ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

 

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest