slc
logo
Home   |    News
අගෝස්තු 9, 2023
LPL ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල ලක්ෂ 45 ක් දක්වා ඉහළට

sinhala editor

සිව්වැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 13 ක් අවසන් වද්දී කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 4.5 ක් හෙවත් ලක්ෂ 45 ක මුදලක් එකතුවී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කර සිටියි.

තරගාවලිය ආරම්භයට පෙර තරගයකදී එල්ල වන සෑම හයේ පහරක් සඳහා රුපියල් 6000 ක මදුලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000 ක මුදලක්ද ලබා දෙන අතර ඊට අමතරව තරගයකදී වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට (Dot Ball) රුපියල් 2000 බැගින් පිරිනැමීමට තරගාවලි සංවිධායකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

ඒ අනුව පැවැති තරග 13 තුළදී පමණක් හයේ පහර 136 ක්, හතරේ පහර 339 ක් සහ නිලකුණු පන්දු 1176 ක් වාර්තා වී ඇත. ඒ අනුව මේ සියල්ලේ වටිනා කම රුපියල් ලක්ෂ 45 ක් වේ.

හෘද රෝග ඇතුළුව බරපතල රෝගාබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් රිජ්වේ ළමා රෝහලේ ඉදිවන හදවත් රෝග ඇති දරුවන් ඉක්මනින් හඳුනා ගැනීම වෙනුවෙන් ඉදිවන Cardiac and Critical Care සංකීර්ණයට අවශ්‍ය අරමුදල් රැස් කිරීම මේ හරහා සිදුවනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් එකතුවන මුදලින් කොටසක්ද ලිට්ල් හාර්ට්ස් අරමුදළට ලබා දීමට තීරණය කර ඇති බවයි.

 

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

USD United States (US) dollar