slc
logo
Home   |    News
අගෝස්තු 25, 2023
ආසියා ක්‍රිකට් තරගාවලියේ ‘ටිකට්’වලට පෙර නොවූ ඉහළම ඉල්ලුමක්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම හැරුණු කොට ශ්‍රී ලංකාව සහභාගීවන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්වලට ඉහල ඉල්ලුමක් පවතියි. මේ හේතුවෙන් ඇතැම් තරගවල පුවේශපත් දැනටමත් අවසන් වෙමින් පවතින තත්ත්වයක් උදා වෙමින් පවතී. අන්තර්ජාලය ඔස්සේ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ පහසුකම් සලසා ඇති හෙයින් මෙම වැඩ්ම ඉල්ලුම නිර්මාණය වී ඇත.පල්ලේකැලේ ජාත්‍යන්තර  ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියා හා පාකිස්තාන ක්‍රිකට් තරගයේ ප්‍රවේශ පත්‍රයකට උපරිම මිළ ඇමෙරිකානු ඩොලර් 300ක් (රුපියල් ලක්ෂ 1ක් පමණ) වන අතර, තණකොළ සහිත විවෘත ප්‍රදේශයේ ප්‍රවේශ පත්‍රයක අවම මිළ ඇමෙරිකානු ඩොලර් 30ක් (රුපියල් 9,660) වේ. එමෙන්ම එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ පුවේශපතක ඉහළම මිල රුපියල් 16000ක් වී තිබේ. එම තරගයේ අවම මිල රුපියල් 1600කි.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සුපි රි කණ්ඩායම් හතර අතරේ තරග වටයේදී ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මහලයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිළ ඇමෙරිකානු ඩොලර් 400ක් (රුපියල් 128,800ක්) වේ. මූලික වටයේ ඉන්දියා – පාකිස්තාන හා ශ්‍රී ලංකා නොවන තරගවල ප්‍රවේශ පත්‍රයක අවම මිළ ඇමෙරිකානු ඩොලර් 3ක් (රුපියල් 966ක්) වැනි මුදලකට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම් විවෘතව පවතී.ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඊයේ සිට ආරම්භ වූ අතර, ආරක්ෂක හේතු මත ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නා සෑම පුද්ගලයෙකුගේම ජාතික හැදුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රයේ විස්තර මුදල් ගෙවීමට පෙර ලබාදීම අනිවාර්ය කර ඇත. පකිස්තාන – ඉන්දියා තරගය සඳහා හැඳුනුම්පතකින් හෝ විදේශ ගමන් බලපත්‍රයකින් එක් පුද්ගලයෙකුට ප්‍රවේශපත්‍ර දෙකක් පමණක් මිලදී ගැනීමේ සීමාවක් ද පනවා ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee