slc
logo
Home   |    News
අගෝස්තු 17, 2023
ආසියානු කුසලානේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

sinhala editor

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය අගෝස්තු 17 වැනිදා ආරම්භ කරන බව දැනුම් දී සිටියි. අදියර 2 ක් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍ර වල පළමු අදියර මධ්‍යාහ්න 12 සිටත්, දෙවැනි අදියර තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අද ප.ව. 6.30 සිට ආරම්භ වනු ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම නිවේදනය ලබා දී තිබෙන අතර ඒහිදී ප්‍රවේශ පත්‍ර pcb.bookme.pk දරණ වෙබ් අඩෙවිය හරහා මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත. මෙම ප්‍රවේශ පත්‍ර අළෙවිය අතරට ලබන සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තානු ඒක්දින තරගයේ ප්‍රවේශ ද ඇතුළත් වේ.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී ඒක් ජාතික හැඳුණුම්පතකින්, විදේශ ගමන් බලපත්‍රයකින් ප්‍රවේශ පත්‍ර 4 ක් වෙන් කර ගැනීමේ හැකියාව පවතින නමුද්ධ ඉන්දු – පාකිස්තානු තරගය සඳහා පමණක් ඒය ප්‍රවේශ පත්‍ර 2 කට සීමා වන බවද ඔවුන් දැනුම් දී සිටියි.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තනය සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාව තරග වදිනු ලබන පළමු තරගය අගෝස්තු මස 31 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පල්ලේකැලේ පැවැත්වෙනු ඇත.

ඒම තරගයද ඇතුළුව මෙවර ආසියානු කුසලාන තරගාවලිය යටතේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර ඉන් තරග 3 ක් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද ඉතිරි තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

මේ අතර පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර ඉකුත් සතියේදී ආරම්භ විණ.

දිනය තරගය ක්‍රීඩාංගණය

මූලික වටයේ තරග

අගෝස්තු 30 පාකිස්තානය සහ නේපාලය මුල්තාන් – පාකිස්තානය
අගෝස්තු 31 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයට පල්ලේකැලේ – ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 02 පාකිස්තානය සහ ඉන්දියාව පල්ලේකැලේ – ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 03 බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ලාහෝර් – පාකිස්තානය
සැප්තැම්බර් 04 ඉන්දියාව සහ නේපාලය පල්ලේකැලේ – ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 05 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ලාහෝර් – පාකිස්තානය

සුපිරි කණ්ඩායම් 4

සැප්තැම්බර් 06 A1 සහ B2 ලාහෝර් – පාකිස්තානය
සැප්තැම්බර්ර් 09 B1 සහ B2 ආර්. ප්‍රේමදාස – ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 10 A1 සහ A2 ආර්. ප්‍රේමදාස – ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 12 A2 සහ B1 ආර්. ප්‍රේමදාස – ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 14 A1 සහ B1 ආර්. ප්‍රේමදාස – ශ්‍රී ලංකාව
සැප්තැම්බර් 15 A2 සහ B2 ආර්. ප්‍රේමදාස – ශ්‍රී ලංකාව

අවසන් මහ තරගය

සැප්තැම්බර් 17 අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee