slc
logo
Home   |    News
අගෝස්තු 22, 2023
කාන්තා පිල හෙට එංගලන්තයට

sinhala editor

එංගලන්ත කාන්තා කණ්ඩායමට රෙහිව පැවැත්වෙන ක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 23 වැනිදා (හෙට) එංගලන්ත බලා පිටත්ව යනු ඇත. ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්ත සංචාරයකට සහභාගිවන පළමු තරගාවලිය වශයෙන් මෙම තරගාවලිය සනිටුහන් වීමද කැපී පෙනෙයි.

25 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා ලෝක ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුදුසුකම් ලැබීම වෙනුවෙන්  මෙම තරගාවලිය පැවැත්වෙන අතර ඒම එක්දින තරග 3 ට අමතරව විස්සයි-20 තරග 3 ක්ද පැවැත්වෙනු ඇත.

හෙට පිටත් වන කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඊට නවසීලන්තය සමඟ පැවැති තරගාවලියට සහභාගිවූ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනාට අමතරව එක් ක්‍රීඩිකාවක් වැඩි පුර කණ්ඩායමට එකතු කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. වේග පන්දු යවන්නියක වන අචිනි කුලසූරිය පමණක් කණ්ඩායමට අලුතින් එක්ව ඇති ක්‍රීඩිකාව වන්නීය. කණ්ඩායමේ උප නායිකාව ලෙස ඔෂධී රණසිංහ කටයුතු කරනු ලබයි.

ලෝක ශූරතා සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකා කාන්තා පිල එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටිමින් මෙම තරගාවලියට අවතීර්ණ වෙයි. ඔවුන් අවසන් වතාවට නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමට සමත්වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 3 අතරට පැමිණීමට අවස්ථාව උදාවිය.

එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 12 කට ක්‍රීඩා කොට ඉන් තරග 4 ක් ජය ලබා සිටියි. සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවසානයේ පළමු ස්ථාන 5 පසුවන කණ්ඩායම් 5 සහ සත්කාරක ඉන්දීයාව පමණක් ප්‍රධාන තරග වටයට ස්වයංක්‍රීයවම සුදුසුකම් ලබන බැවින් මෙම තරගාවලි‌යේ එක් තරගයක් හෝ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින්ම වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), ඔෂධී රණසිංහ (උප නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, අචිනි ‌කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හන්සිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee