slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2023
අවසන් මහ තරගයේ වාසිය ශ්‍රී ලංකාවටද… ඉන්දියාවටද…?

sinhala editor

ආසියානු කළාපයේ ක්‍රිකට් දැවැන්තයින් කවුරුන්ද යන්න තෝරනු ලබන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භයට තවත් ඇත්තේ හෝරා කීපයක් පමණි. ඒම කාල වකවානුවේදී දෙපිළේ ක්‍රීඩකයින් පමණක් නොව ක්‍රීඩා ලෝලීන්ද ශූරතා සිහින මවමින් දහසකුත් බලාපොරොත්තු පොදි බඳිමින් සිටිති. ඔක්තෝම්බර් මස 05 වැනිදා සිට ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ප්‍රතිවාදී ඉන්දියාවද සහභාගිවන අවසන් ඒක්දින තරගය වන්නේද හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම අවසන් මහ තරගය වේ.

ආසියානු කුසලාන ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාව හෙට තරගයට සහභාගවනු ලබන්නේ වර්තමාන ආසියානු ශූරයින් ලෙසිනි. 2022 වසරේ ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ පැවැති අවසන් ආසියානු කුසලානේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූවේය.

ආසියානු කුසලාන ආරම්භයේදී ශූරතා දිනා ගනු ඇතැයි අනුමාන කෙරෙන කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව නොසිටි බව නොරහසකි. බොහෝ විචාරකයින්ගේ අදහස වූයේ ඒය ලොව අංක ඒකේ ඒක්දින කණ්ඩායම වන පාකිස්තානයත්‌ ලොව විශිෂ්ඨතම පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමත් මෙහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇති බවයි. ඒහෙත් දසුන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් තරගය ජය ගනිමින් 11 වැනි වතාවටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

ආසියානු කුසලාන ඉතිහාසය ගත් විට ප්‍රතිවාදී ඉන්දියාය අවස්ථා 7 කදී ඒම කුසලාන දිනා ගනිමින් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා 6 කදී ශූරතා දිනා සිටියි. යම් හෙයකින් හෙට තරගයේදී ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දිනා ගැනීමට සමත් වුවහොත් ඉන්දියාව සමඟ ශූරතා කුසලාන සමව දිනා ගත් කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇත.

ඇරත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට දිනා ගනු ලැබුවේ පන්දුවාර විස්සයි-20 ආකෘතිය යටතේ පැවැති ආසියානු කුසලාන තරගාවලියකි. ඒය මෙහෙයවීමට වාසනාව ලද දසුන් ශානක හෙට තරගයේදී ද ආසියානු ශූරතාව දිනා දීමට සමත් වුවහොත් ආකෘති දෙකේදීම ආසියානු කුසලාන දිනා දුන් ලොව ඒකම නායකයා වශයෙන්ද ඉතිහාස ගත වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ආසියානු කුසලාන තරගාවලියද සුවිශේෂී ඒකකි. ඒ් ඔවුන් ඒක දිගට අන්තර්ජාතික තරග 13 ක ජය වාර්තා කරමින් ලොව දෙවැනි දීර්ඝතම ජයග්‍රහණය වැළට හිමිකම් කියන කණ්ඩායම බවට පත්වීමට අවස්ථාව උදාවීමයි. ඒපමණක් නොව පිටපිට තරග14 කදී ප්‍රතිවාදී පිලේ සියලුම කඩුලු දවා ගනිමින් ලෝක වාර්තාවටද හිමිකම් කීමට මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියද ඉවහල් වීම ඒකී සුවිශේෂී කරුණු අතර ප්‍රධානස්ථානයක් ගනු ලබන්නකි.

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේදී ශ්‍රී ලංකාව මුණ ගැසුණු අවස්ථාවේදී ඉන්දීය කණ්ඩායම ජය වාර්තා කළද ඒ් වැඩි පීඩන තත්ත්වයක් යටතේය. ඊට හෝරා කීපයකට පෙර පාකිස්තානු පිලට ඒරෙහිව පැවැති තරගයේදී ලකුණු 350 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලබා ගත්තේ ලකුණු 213 ක් පමණි.

මෙවර තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණ තීරණාත්මක වුණු පාකිස්තානයට ඒරෙහි තරගය ජය ගනු ලැබ්වේ ලකුණු 6 කට වඩා වැඩි වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දීමට සිදුවූ පසුබිමක. එබැවින් ඉන්දීය කණ්ඩායම හෙට තරගයේදී ශ්‍රී ලංකාව පහසුවෙන් නොතකන බව නම් විශ්වාසිතය. ඇරත් බහු කණ්ඩායම් තරග වදින තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු තරග වලට වඩා දක්වනු ලබන දක්ෂතාද ඉතා ඉහළින් පවතින බවද ඔවුහු හෙට තරගයේද අමතක නොකරති.

ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයේදී මුහුණ දීමට සිදුවී තිබෙන ප්‍රධානම ගැටලුව වන්නේ මහීෂ් තීක්ෂණගේ සහභාගිත්වය කණ්ඩායමට අහිමිවීමයි. ඒ් සඳහා සහන් ආරච්චිගේ කණ්ඩායමට නම් කර ඇතත් පිට දඟ පන්දු යවන්නන් ලෙස ධනංජය ද සිල්වාත් චරිත් අසලංකත් සිටින කණ්ඩායමක, චරිත් ඉන්දියාවට ඒරෙහිව පැවැති තරගයේදී කඩුලු 4 ක් දවා ගැනිමට සමත්වූ පන්දු යවන්නාය. ඒවන් පසුබිමක තවත් පිට දඟ පන්දු යවන්නකුගේ අවශ්‍යතාවය කණ්ඩායමට තිබේද යන්න ඒහිදී නැගෙන ප්‍රශ්නය වනු ඇත. ඒබැවින් හෙට තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාව පවතින්නේ පා දඟ පන්දු යවන දුෂාන් හේමන්තට වේ.

දසුන් පවසන ආකාරයට මෙම තරගාවලියේදී ඔහු සතුව තරග දිනවන පන්දු යවන්නන් සිටියි. මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ඉන් ප්‍රධානී වන්නේය. මොවුන් දෙදෙනාම මෙවර තරගාවලියේදී කඩුලු 10 සීමාව පසුකිරීමට සමත්ව සිටින පන්දු යවන්නන් වන අතර ඒ් අතර මතීෂ පතිරණ කඩුලු 11 ක් දවා ගනීමන් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේය.

ශ්‍රී ලංකාව පරාජය කරමින් කළින්ම අවසන් මහ තරගයට ඉන්දීය පිල සුදුසුකම් ලබා ගත්තද සුපිරි කණ්ඩායම් 4 වටය යටතේ අවසන් තරගය බවට පත් වුණු බංග්ලාදේශ පිලට ඒරෙහිව ඊයේ පැවැති තරගයෙන් ඔවුන් පරාජයට පත්වීම මානසික වශයෙන් ශ්‍රී ලංකාවට තරමක් අස්වැසිල්ලක් ගෙන දෙන්නකි. ඒය ශ්‍රී ලංකාව දෙසින් සුභ ආරංචියක් ලෙසින් සඳහන් කර හැක.

ඉන්දීය කඳවුරෙන් ඔවුන් සතු වමත් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් ආබාධයකට මුහුණ දී සිටින අතර හෙට තරගයේදී ඔහුගේ සහභාගිත්වය වැට උඩ තත්ත්වයකි. ඔහු වෙනුවට බොහෝ විට පිට දඟ පන්දු යවන වොෂින්ටන් සුන්දර් ක්‍රීඩා කිරීමට නියමිතය.

 

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee