slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2023
පර්සි අබේසේකරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් ලක්ෂ 50 ක්

sinhala editor

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතම ‘දිරිගන්වන්නකු’ ලෙසින් කටයුතු කරනු ලබන පර්සි අබේසේකර මහතා වෙනුවෙන් රුපියල් මිලියන 5 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. අබේසේකර මහතාගේ යහපැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා සහයෝගයක් දැක්වීමක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල් පරිත්‍යාගය සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.

“තරග දිරිගන්වන්නකු ලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පර්සි ලබා දීලා තිබෙන දායකත්වය අපමණයි. ඔහු ක්‍රීඩකයින් මෙන්ම සමස්ථ ක්‍රීඩාවේම ශක්තියේ කුළුණක්. ඔහුහේ යහපැවැත්ම ගැන සොයා බලන්න ‌අපිට ලැබුණු හොඳම වෙලාව මේක” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

පර්සි මහතාගේ සුව දුක් විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ඒ් මහතාගේ නිවසට ගිය මොහාන් ද සිල්වා මහතා ඒම මුදල් පරිත්‍යාගය පර්සි අබේසේකර වෙත සිදුකරන ලදී.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest