slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2023
පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විශාලතම ජය ලබයි

sinhala editor

එක්දින තරග ඉතිහාසයේ ලකුණු 13000 සීමාව කරා වේගයෙන් පැමිණි පළමු පිතිකරුවා බවට පත්වීම, ආසියානු කුසලාන තරගාවලියේදී පිතිකරුවන් යුගලයක් වාර්තා කරන ලද ඉහළම කඩුලු සම්බන්ධතාවයේ වාර්තාවට දායකත්වය ලබාදීම මෙන්ම එකම ක්‍රීඩාංගණයක පිට පිට තරග 4 කදී ශතක 4 ක් වාර්තා කළ ලොව දෙවැනි පිතිකරුවා බවට පත්වීම ආදී වාර්තා කීපයකටම විරාත් කෝලිගේ දායකත්වය සටහන් වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පාකිස්තානයට එරෙහිව අද පැවැති තරගයෙන් ලකුණු 228 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11 දා) සමත්විය. මෙය දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ පාකිස්තානයට ඒරෙහිව ඉන්දියාව ලද විශාලතම තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

වර්ෂාව හේතුවෙන් දින දෙකක් පුරා විහිදුණු මෙම තරගයේදී ලකුණු 357 ක අසීරු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 32 ක් ඇතුළත ඉන්දීය පන්දු යවන්නෝ සීමා කළේ ලකුණු 128 ක් පුවරුවේ සටහන්ව තිබියදීය. පාකිස්තානු පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් පන්දුවාර 8 කදී ලකුණු 25 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගත්තේය. ආබාධයන්ට ලක්වීම හේතුවෙන් නසීම් ෂා සහ හැරිස් රාවුෆ් පන්දුවට පහර දීමට නොපැමිණි නිසා ඉන්දීය ඉනිම කඩුලු 8 දීම නිමාවට පත්විය.

කඩුලු 2 ක් පමණක් දැවී ඉන්දියාව ලබා ගත් ලකුණු 356, දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායම් 2 ම වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව සම කරන්නක් විය. 2005 වසරේදී විශාකාපට්නම්හිදී පාකිස්තානු පිල කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුණු 356 ය එහි සම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන්ව තිබිණ.

වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය නතර කරන විට කඩුල්ලේ රැඳී සිටි වරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් වූ සම්බන්ධතාව ලකුණු 233 ක් දක්වා රැගෙන ගියේ නොබිඳිව තබා ගනිමිනි. දෙදෙනාම ශතක වාර්තා කිරීම නිසා අද අභිබවා ගියේ 2012 වසරේ එහි හොඳම සම්බන්ධතවයට හිමිකම් කීය මොහොමඩ් හෆීස් සහ නසීර් ජමෂෙඩ් විසින් තබා තිබූ ලකුණු 224 ක සම්බන්ධතාවයයි. එමෙන්ම එය පාකිස්තානයට එරෙහිව ඉන්දීය පිතිකරුවන් යුගලක් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවයද වූවේය. මීට පෙර මෙහි ඉහළම ලකුණු සම්බන්ධතාව වූයේ 1996 වසරේදී සචින් ටෙන්ඩුල්කාර් සහ නව්ජෝත් සිං සිදූ අතර වාර්තා වුණු ලකුණු 231 ක සම්බන්ධතාවයයි.

අද දිනයේදී ලකුණු 98 පසු කිරීමත් සමඟ විරාත් කෝලි එක්දින තරග ඉතිහාසයේ ලකුණු 13,000 සපුරාගත්තේ ඒම දස්කම ලොව දක්වන ලද පස්වැනි පිතිකරුවා බවට පත්වෙමිනි. ඒහි ඇති විශේෂත්වය වන්නේ අවම ඉනිම සංඛ්‍යාවකින් එම සීමාව පසු කර පිතිකරුවාගේ වාර්තාවද කෝලි තමන් සතු කර ගැනීමයි. මීට පෙර ලකුණු 13,000 කඩ ඉම වේගයෙන්ම සපුරා ගත් පිතිකරුවා බවට පත්ව සිටියේ සචින් ටෙන්ඩුල්කාර් (ඉනිම 321) වන අතර කෝලි අද ඒය අභිබවා ගියේ සිය 267 වැනි ඉනිමේදීය.

පන්දු 94 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා අවසන් පන්දුවේ එල්ල කරන ලද හයේ පහරද සමඟින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමඟින් ලකඅුණු 122 ක් ලබා ගත්තේ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 13,024 ක් දක්වා ඉහළට දමා ගනිමිනි. එමෙන්ම අද වාර්තා කරන ලද ශතකය කෝලිගේ එක්දින තරග දිවියේ 47 වැන්න මෙන්ම 77 වැනි ජාත්‍යන්තර ශතකයද විය.

ඉන්දියාව පන්දුවාර 50 කදී කඩුලු 2 කට ලකුණු 356 යි – (විරාත් කෝලි 122*, ලෝකේෂ් රාහුල් 111*, රෝහිත් ෂර්මා 56, ශුබ්මන් ගිල් 58, ශදාබ් ඛාන් 71/1, ශහීන් ෂා අෆ්රිඩි 79/1)

පාකිස්තානය පන්දුවාර 32 කදී ලකුණු 128 යි – (ෆකාර් සමාන් 27, බාබර් අසාම් 10, අඝා සල්මාන් 23, ඉෆ්තිකාර් අහමඩ් 23, කුල්දීප් යාදව් 25/5, හර්දික් පාණ්ඩ්‍යා 17/1, ‌ජස්ප්‍රිට් බුම්රා 18/1)

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

USD United States (US) dollar