slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2023
ශ්‍රී ලංකාව පහසු ජයකින් ආසියානු කුසලාන අරඹයි

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ශ්‍රී ලංකාව අත කරගත්තේය. මෙම තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ පැවැති පළමු තරගය වූ මෙයින් ශ්‍රී ලංකාව ජය ගැනීම සුපිරි හතර දෙනාගේ වටයට යෑමේ වැඩි අවස්ථා උදාකර ගැනීමට සමත්වී සිටියි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කොට ඕවර් 42.4කදී ලකුණු 164ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් ලබා එම ඉලක්කය හඹා ගියහ. ශ්‍රී ලංකා පළමු කඩුලු 3ක් ලකුණු 43කට දැවී ගොස් තිබියදී පිටියේ එක් වූ සධීර සමරවික්‍රම හා චරිත් අසලංක සිවුවැනි කඩුල්ලට පන්දු 110කදී ලකුණු 78ක සම්බන්ධතාවක් ගොඩ නැගීම හේතුවෙන් තරගයේ ජයග්‍ර හණය පහසු විය.

බංග්ලාදේශ පිතිකරුවන් 4ක්ම දවාගත් 20 හැවිරිදි මතීෂ පතිරණ තම එක්දින ජාත්‍යන්තර දිවියේ හොදම පන්දු යැවීම මේ තරගයේදී වාර්තා කළේය. මතීෂ ඕවර් 7.4ක් යවා ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙළීය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සධීර සමරවික්‍රම පන්දු 77කදී හතරේ පහර 6ක් සමග ලකුණු 54ක් ලබාගත් අතර, ඔහුට අනගි සහයක් දුන් චරිත් අසලංක 9 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 77කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 62ක් ලබා ගත්තේය. නායක දසුන් ශානක නොදැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

නායක දසුන් ශානක ප්‍රමුඛ පිරිවර බංග්ලාදේශයට එරෙහිව සැලසුම් සහගතව පිටිය හැසිරවීම හේතුවෙන් මුල සිටම ප්‍රතිවාදීන්ට පීඩනය එල්ල වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශය පළමු ඕවර් 25දී කඩුලු 4ක් දැවී ලකුණු 97ක් ලබාගත් අතර, එවිට මුල්පෙළ අඩාලවීම ඔවුන්ට මතුව තිබූ ප්‍රබලතම ගැටලුව විය.  නජිමුල් හොසේන් ෂැන්ටෝ ලකුණු 2ක් ලබා සිටියදී දසුන් ශානකට දුන් උඩ පන්දුව අතහැරිමෙන් පසු ඔහු ලකුණු 89ක් ලබා ගැනීම හැර ශ්‍රී ලංකා පන්දු රැකීම උසස් අයුරින් තිබිණි. ෂැන්ටෝ පන්දු 122කට මුහුණදී හතරේ පහර 7ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේය.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටැනිසිඩ් හසන් දෙවැනි ඕවරයේදී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත්වූ අතර, අනෙක් ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් ලකුණු 16කට දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූවේය. එවිට ලකුණු පුවරුව ලකුණු 25ක් විය. නායක ෂකීබ් අල් හසන් වේග පන්දු යවන මතීෂ පතිරණ ට ගොදුරුවීම බංග්ලාදේශ ඉනිමේ හැරවුම් ලක්ෂයක් විය. මතීෂගේ පන්දුවකට එල්ල කළ පහර කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලෙස පැමිණීමෙන් ෂකීබ් ලකුණු 5කට දැවී ගියේය.

ටවුහිඩ් හිරිඩෝයි හා නජිමුල් හොසේන් ෂැන්ටෝ එක්ව 4 වැනි කඩුල්ලට පන්දු 80කදී ලකුණු 59ක් එක්කළ අතර, අනතුරුව පිටියට පිවිසි මුෂ්ෆිකර් රහීම් හා ෂැන්ටෝ පන්දු 53කදී ලකුණු 32ක් 5 වැනි කඩුල්ලට එක් කළහ. මෙහෙදි හසන් මිරාස් හා මහිදි හසාන් යන දෙදෙනාම ලකුණු 35ක් තුල දැවී ගිය අතර, වැඩිම ලකුණු වාර්තා කළ නජිමුල් හොසේන් ෂැන්ටෝ වෙත මහීෂ් තීක්ෂණ එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ශ්‍රී ලංකාව සහභාගීවන මීළග තරගය මේ 5 වැනිදා පාකිස්තානයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශය පන්දුවාර 42.4 කදී සියලු දෙනා දැවී ලකුණු 164  – මොහොමඩ් නයීම් 16, නජිමුල් හොසේන් ෂැන්ටෝ 89, ටවුහිඩ් හිරිඩෝයි 20, මුෂ්ෆිකර් රහීම් 13, මහීෂ් තීක්ෂණ 19/2, ධනංජය ද සිල්වා 35/1, මතීෂ පතිරණ 32/4, දුනිත් වෙල්ලාලගේ 30/1, දසුන් ශානක 16/1)

ශ්‍රී ලංකාව  පන්දුවාර 39 කදී කඩුලු 5ක් දැවී ලකුණු 165 යි පැතුම් නිස්සංක 14, කුසල් මෙන්ඩිස් 5, සධීර සමරවික්‍රම 54, චරිත් අසලංක නොදැවී 54, දසුන් ශානක නොදැවී 14, ටස්කින් අහමඩ් 34/1, ෂොරිෆුල් ඉස්ලාම් 23/1, ෂකීබ් අල් හසන් 29/2, මෙහෙදි හසන් 35/1)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest