slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2023
කුසල් මෙන්ඩිස්ට හොඳ අවස්ථාවක්

sinhala editor

ඇෆ්ගනිස්තානය හමුවේ බංග්ලාදේශ පිල ලද ලකුණු 89 ක ජයත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ශ්‍රී ලංකාව හමුවේ ලද කඩුලු 8 ක පරාජයත් සමඟ බංග්ලාදේශය කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමේ අවධානම් තත්ත්වයක් උද්ගත වුවත් ඇෆ්ගනිස්තානය හමුවේ ලද ජයත් සමඟ ඔවුන් අවධානම් කළාපයෙන් බැහැර වී සිටියි.

ඒ් අනුව හෙට (05 දා) ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ තීරණය වඩාත්ම අවධානයට පාත්‍ර වී තිබෙන්නේ ඇෆ්ගනිස්තානු කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ඇති අවසාන අවස්ථාව බවට පත්ව තිබෙන බැවිනි. හෙට තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට බංග්ලාදේශය ද සුදුසුකම් ලබන අතර තරගය පරාජයට පත් වුවහොත් ඉදිරියට යනු ලබන කණ්ඩායම් කවුරුන්ද යන්න තීරණය කෙරෙනුයේ ශුද්ධ ලකුණු වේගයට අනුවය.  එහි ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර බංග්ලාදේශය එහි දෙවැනි ස්ථානයේ පසු වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය අතර තරගයට සහභාගිවීමෙන් අනතුරුව ලාහෝර් බලා පිටත්ව ගොස් සිටියි.  ශ්‍රී ලංකාව අවසන් වතාවට ඇෆ්ගනිස්තානු පිල මුණ ගැසුණේ මීට මාස 2 කට පමණ පෙර හම්බන්තොටදී පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදීය. එම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද දෙවැනි සහ තෙවැනි තරග ජය ලබමින් තරගාවලියේ ජය අත්කර ගැනීමට සත්කාරකයින්ට සමත්විය.

දෙරට මේ දක්වා එක්දින තරග 10 කදී මුණ ගැසි තිබෙන අතර ඉන් තරග 6 කදී ශ්‍රී ලංකා පිල ජය වාර්තා කරද්දී ඇෆ්ගනිස්තානය තරග 3 කදී ජය වාර්තා කරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම සම්ප්‍රදායක් ලෙසින් ජයග්‍රාහී සංයුතිය නොවෙනස්ව තරග වදිනු ලබන බව සාමාන්‍ය තත්ත්වයක් බැවින් හෙට තරගයේදීද කණ්ඩායමේ වෙනස්කමක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක.

ලාහෝර් තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් සැලකෙයි. එය වඩාත්ම සාක්ෂාත් වූයේ ඊයේ පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට සමත්වීමයි. එබැවින් ලකුණු අතරට පැමිණීමට නොහැකිව සිටින කුසල් මෙන්ඩිස්ට හෙට තරගයේදී ලකුණු අතරට පිවිස යළිත් සුපුරුදු රිද්මයට අනුගත වීමට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

එමෙන්ම මෙම තරගාවලියේදී අසාර්ථක වුණු දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංකටද සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට පෙර ලකුණු අතරට පැමිණීමටද හෙට තරගය වඩා වැදගත් වෙනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නවතම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව එහි 8 වැනි ස්ථානයේත් ඇෆ්ගනිස්තානය එහි 9 වැනි ස්ථානයේත් සිට ගනිමින් හෙට තරගයට අවතීර්ණ වෙති. මෑතකදී ටෙස්ට් වරම් දිනූ කණ්ඩායමක් වුවද ඇෆ්ගනිස්තානය සතු හොඳ පිතිකරුවන් රැසක් මෙන්ම දඟ පන්දු යවන්නන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. රශීඩ් ඛාන්, මුජීබ් උර් රෙහ්මාන්, සහ නූර් අහමඩ් ඔවුන් සතුව ඇති දඟ පන්දු යවන්නෝ වෙති. ඊට අමතරව හිටපු නායක ගුලාබ්දීන් නබීදට හොඳින් පිට දඟ පන්දු යැවිය හැකිය. එබැවින් ඔවුන් හමුවේ තම වගකීම කුමක්ද යන්න තේරුම් ගෙන ක්‍රීඩා නොක‌‌ළහොත් ඉන් ලැබෙන ප්‍රතිවිපාකය කුමක්ද යන්න ඔවුනට අමුතුවෙන් තේරුම් කර දිය යුතු නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් පතිරණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්. 

ඇෆ්ගනිස්තාන කණ්ඩායම – හෂ්මාතුල්ලා ශහිඩි (නායක), ඊබ්‍රහිම් සද්‍රාන්, ඉක්‍රම් අලිඛිල්
නජිබුල්ලා සද්‍රාන්, රාමනුල්ලා ගුර්බාස්, රියාස් හසන්, ගුලාබ්දීන් නයිබ්, කරීම් ජැනට්, මොහොමඩ් නබී, රාමට් ෂා, රශීඩ් ඛාන්, ශ‌ෆ්‍රාෆුඩීන් අශ්රෆ්, අබ්දූල් රහ්මාන්, ෆසල්හක් ෆරූකි, මොහොමඩ් සලීම්, මුජීබ් ‌උර් රෙහ්මාන්, නූර් අහමඩ්.

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee