slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2023
නේපාලය පරදවා ඉන්දියාව අවසන් හතරට

sinhala editor

ආසියානු කුසලාන එ ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති තරගයේදී නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ ඉන්දියානු කණ්ඩායම ‘ඒ්’ කාණ්ඩය යටතේ දෙවැනි තැනට පත් වෙමින් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ් අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාවට අමතරව පාකිස්තානය අවසන් සිව්දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා සිටිති.

ජයග්‍රහණය සඳහා කුණු 230 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 23 කදී ලකුණු 145 ක් වශයෙන් වෙනස් විය. ඒ වන විටත් යවා තිබූ පන්දුවාර 2.1 දී කිසිවකු නොදැවී ලකුණු 17 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම පන්දු 17 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේ එකම පිතිකරුවකු හෝ දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් අපහසු වුණු පසුබිමකදීය.

නායක රෝහිත් ෂර්මා පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 74 ක්ද ශුබ්මන් ගිල් පන්දු 62 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින් ලකුණු 67 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ. මොවුන් දෙදෙනා දවා ගැනීම වෙනුවෙන් අවස්ථා 3 ක් ලබා දුන් නමුත් ඒ් සෑම අවස්ථාවක්ම නේපාල පන්දු රකින්නන් අතින් ගිලිහී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම පන්දුවාර 48.2 ක් අවසනදී ලකුණු 230 ක් ලබා ගැනිමට සමත්විය. නේපාල ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු අසීෆ් ෂෙයික් පන්දු 97 කදී ලකුණු 58 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. මැද පෙළින් පැමිණි සෝම්පාල් කාමි පන්දු 56 කදී ලකුණු 48 ක් ලබා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා නේපාල පිල රැගෙන ගියේය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු රවීන්ද්‍ර ජඩේජා පන්දුවාර 10 ලකුණු 40 කට සීමා කළේ ඉදිරි පෙළ කඩුලු 3ම හිමිකරුවා බවට පත්වෙමිනි.

නේපාලය පන්දුවාර 48.2 කදී ලකුණු 230 යි – (කුෂාල් භුර්තෙල් 38, අසීෆ් ෂෙයික් 58, ගුල්සෙන් ජා 23, දිපේන්ද්‍ර සිංහ 29, සෝම්පාල් කාමි 48, රවීන්ද්‍ර ජඩේජා 40/3, මොහොමඩ් ශිරාජ් 61/3)

ඉන්දියාව පන්දුවාර 20.1 කදී කිසිවකු නොදැවී ලකුණු 147 යි – රෝහිත් ෂර්මා 74*, ශුබ්මන් ගිල් 67*)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee