slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2023
පාකිස්තානයට එරෙහිව ඉන්දියාව විශාලතම ජය ලබයි

sinhala editor

එක්දින තරග ඉතිහාසයේ ලකුණු 13000 සීමාව කරා වේගයෙන් පැමිණි පළමු පිතිකරුවා බවට පත්වීම, ආසියානු කුසලාන තරගාවලියේදී පිතිකරුවන් යුගලයක් වාර්තා කරන ලද ඉහළම කඩුලු සම්බන්ධතාවයේ වාර්තාවට දායකත්වය ලබාදීම මෙන්ම එකම ක්‍රීඩාංගණයක පිට පිට තරග 4 කදී ශතක 4 ක් වාර්තා කළ ලොව දෙවැනි පිතිකරුවා බවට පත්වීම ආදී වාර්තා කීපයකටම විරාත් කෝලිගේ දායකත්වය සටහන් වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පාකිස්තානයට එරෙහිව අද පැවැති තරගයෙන් ලකුණු 228 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11 දා) සමත්විය. මෙය දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ පාකිස්තානයට ඒරෙහිව ඉන්දියාව ලද විශාලතම තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

වර්ෂාව හේතුවෙන් දින දෙකක් පුරා විහිදුණු මෙම තරගයේදී ලකුණු 357 ක අසීරු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 32 ක් ඇතුළත ඉන්දීය පන්දු යවන්නෝ සීමා කළේ ලකුණු 128 ක් පුවරුවේ සටහන්ව තිබියදීය. පාකිස්තානු පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් පන්දුවාර 8 කදී ලකුණු 25 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගත්තේය. ආබාධයන්ට ලක්වීම හේතුවෙන් නසීම් ෂා සහ හැරිස් රාවුෆ් පන්දුවට පහර දීමට නොපැමිණි නිසා ඉන්දීය ඉනිම කඩුලු 8 දීම නිමාවට පත්විය.

කඩුලු 2 ක් පමණක් දැවී ඉන්දියාව ලබා ගත් ලකුණු 356, දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායම් 2 ම වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව සම කරන්නක් විය. 2005 වසරේදී විශාකාපට්නම්හිදී පාකිස්තානු පිල කඩුලු 9 ක් දැවී රැස් කරන ලද ලකුණු 356 ය එහි සම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන්ව තිබිණ.

වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය නතර කරන විට කඩුල්ලේ රැඳී සිටි වරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් වූ සම්බන්ධතාව ලකුණු 233 ක් දක්වා රැගෙන ගියේ නොබිඳිව තබා ගනිමිනි. දෙදෙනාම ශතක වාර්තා කිරීම නිසා අද අභිබවා ගියේ 2012 වසරේ එහි හොඳම සම්බන්ධතවයට හිමිකම් කීය මොහොමඩ් හෆීස් සහ නසීර් ජමෂෙඩ් විසින් තබා තිබූ ලකුණු 224 ක සම්බන්ධතාවයයි. එමෙන්ම එය පාකිස්තානයට එරෙහිව ඉන්දීය පිතිකරුවන් යුගලක් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවයද වූවේය. මීට පෙර මෙහි ඉහළම ලකුණු සම්බන්ධතාව වූයේ 1996 වසරේදී සචින් ටෙන්ඩුල්කාර් සහ නව්ජෝත් සිං සිදූ අතර වාර්තා වුණු ලකුණු 231 ක සම්බන්ධතාවයයි.

අද දිනයේදී ලකුණු 98 පසු කිරීමත් සමඟ විරාත් කෝලි එක්දින තරග ඉතිහාසයේ ලකුණු 13,000 සපුරාගත්තේ ඒම දස්කම ලොව දක්වන ලද පස්වැනි පිතිකරුවා බවට පත්වෙමිනි. ඒහි ඇති විශේෂත්වය වන්නේ අවම ඉනිම සංඛ්‍යාවකින් එම සීමාව පසු කර පිතිකරුවාගේ වාර්තාවද කෝලි තමන් සතු කර ගැනීමයි. මීට පෙර ලකුණු 13,000 කඩ ඉම වේගයෙන්ම සපුරා ගත් පිතිකරුවා බවට පත්ව සිටියේ සචින් ටෙන්ඩුල්කාර් (ඉනිම 321) වන අතර කෝලි අද ඒය අභිබවා ගියේ සිය 267 වැනි ඉනිමේදීය.

පන්දු 94 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා අවසන් පන්දුවේ එල්ල කරන ලද හයේ පහරද සමඟින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමඟින් ලකඅුණු 122 ක් ලබා ගත්තේ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 13,024 ක් දක්වා ඉහළට දමා ගනිමිනි. එමෙන්ම අද වාර්තා කරන ලද ශතකය කෝලිගේ එක්දින තරග දිවියේ 47 වැන්න මෙන්ම 77 වැනි ජාත්‍යන්තර ශතකයද විය.

ඉන්දියාව පන්දුවාර 50 කදී කඩුලු 2 කට ලකුණු 356 යි – (විරාත් කෝලි 122*, ලෝකේෂ් රාහුල් 111*, රෝහිත් ෂර්මා 56, ශුබ්මන් ගිල් 58, ශදාබ් ඛාන් 71/1, ශහීන් ෂා අෆ්රිඩි 79/1)

පාකිස්තානය පන්දුවාර 32 කදී ලකුණු 128 යි – (ෆකාර් සමාන් 27, බාබර් අසාම් 10, අඝා සල්මාන් 23, ඉෆ්තිකාර් අහමඩ් 23, කුල්දීප් යාදව් 25/5, හර්දික් පාණ්ඩ්‍යා 17/1, ‌ජස්ප්‍රිට් බුම්රා 18/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee