slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2023
සුපිරි කණ්ඩායම් 4 අතරේ තරග ආර්. ප්‍රේමදාස පිටියේදී

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය මූලික කාලසටහනට අනුව පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

මේ දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ‌අවසන් මහ තරගය ඇතුළු සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීම කෙරෙහි අවධාන යොමු කළද ඉදිරි දිනවලදී කොළඹට ඇද හැළෙන වර්ෂාවේ අඩුවක් වනු ඇති බව අපේක්ෂා කරමින් තරග කාල සටහනේ ‌වෙනසක් නොකිරීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ සියලුම තරග සැප්තැම්බර් මස 09 වැනිදා කොළඹ ආර්. ‌ප්‍රේමදාස ක්‍රීඩාංණයේ පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන 17 වැනිදා පැවැත්වෙනු ඇත.

ඉකුත් අගෝස්තු මස 31 වැනිදා ආරම්භ වුණු ආසියානු කුසලාන තරගාවලියේ තරග 3 ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඒහිදී වැඩිම අවධානය යොමු වුනු තරගයක් වුණු ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee