slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2023
ශ්‍රී ලංකා පිල අපරාජිතව අවසන් 4ට

sinhala editor

BY CHAMILA KARAWITA

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාගවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් ලකුණු 02 ක අතිශය තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට අපරාජිතව අද (05 දා) රාත්‍රියේදී සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ.

‘බී’ කාණ්ඩය යටතේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම කවුරුන්ද යන්න තෝරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට මෙන්ම ඇෆ්ගනිස්තානයට අතිශයින්ම තීරණාත්මක වුණු මෙම තරගයේදී සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඇෆ්ගනිස්තානුවන්ට පන්දුවාර 37.1 ක් ඇතුළත ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 292 ක ඉලක්කය සපුරා ගත යුතු විය. එහෙත් ඔවුනට පන්දුවාර 37.4 ක් අවසනදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 289 ක් පමණි.

තීරණාත්මක අවසන් පන්දුවේදී ඇෆ්ගනිස්තානට ලකුණු 03 ක් ලබා ගත යුතු වුවත් එම පන්දුව යැවූ ධනංජය ද සිල්වා මුජීබ් උර් රේහ්මාන්ගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම් ගෙන ආවේය. අතැකින් නොනැවතුණු ධනංජය එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ෆසල්රුක් ෆරුකිගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පමණක් ‌නොව තරගයේ ජයග්‍රහණයද රැගෙන ආවේය.

ලකුණු 121 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී පිටියට පිවිසි මොහොමඩ් නබීගේ පිතිකරණය නොවන්නට මෙම තරගය මෙතරම් මුහුණුවරක් නොගන ඇත. ඔහු පන්දු 32 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් රැස් කළේ ශ්‍රී ලංකා නායකයාගේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ජයගහණය පතා තරගය නැරඹි සියලු දෙනාගේම ‘නළලත’ රැළි ගන්වමිනි.

ඔහුට නොදෙවැනි සහායක් ලබා දුන් නායක හෂ්මතුල්ලා ශහිදී ද පන්දු 66 කදී ලකුණු 59 ක් රැස් කොට ඇෆ්ගනිස්තානු පිල වෙනුවෙන් උපරිම මෙහෙය ඉටු කළේය. දුනිත් වෙල්ලාලගේ විසින් ක්‍රියාත්මක කරන ලද 37 වැනි පන්දුවාරයේදී ඇෆ්නිස්තානු පිලට ලකුණු 15 ක් අවශ්‍ය වූ අතර රෂීඩ් ඛාන් අවසන් පන්දු 3 ටම හතරේ පහර 3 ක් ඒල්ල කරමින් එම පරතරය ලකුණු 03 දක්වා අඩු කර දුන්නේය. ඔහු එල්ල කරන ලද හතරේ පහර 3 න් අවසන් හතරේ පහර අවසන් පන්දුවේදී ලබා ගත් හෙයින් අනෙක් පන්දුවාරයට මුහුණ දීමේ අවස්ථාව ඔහුට නොමැති විය. ඒ අතරින් උපරිම වාසිය ලබා ගගත් ධනංජය ද සිල්වා පන්දුවට පහර දීමට පැමිණි රහ්මාන් (00) සහ ෆරුකිව (00) පන්දු 4 ක් ඇතුළතදී දවා ගත්තේය. ශ්‍රී ලංකා ජය සනිටුහන් වන විටත් කරකියා ගත දෙයක් නොමැතිව අනෙක් අන්තයේ රැඳී සිටි රෂීඩ් ඛාන් පන්දු 16 කදී ලකුණු 27 ක් ලබා සිටියේය.

මෙම තරගයට පෙර පිට පිටම 11 වතාවක් ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ම දවා ගනිමින් තබා තිබෙන වාර්තාව තවත් 12 වශයෙන් ඉහළට දමා ගැනීමටද මෙම තරගය අවස්ථාවක් කර ගත්තේය.

පන්දු 63 කින් ලකුණු 62 ක් රැස් කළ දිමුත් කරුණාරත්න (32) සහ පැතුම් නිස්සංක (41) ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළහ. කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවන් දෙදෙනාට අමතරව සධීර සමරවික්‍රමගේද කඩුල්ල දවා ගත් ගුල්බාදීන් නයිබි ශ්‍රී ලංකා පි අසීරුතාවයකට පත් කළේ කුණු 63 කට කිසිවකු නොදැවී තිබු ලකුණු 86 කදී කඩුලු 3 ක් බවට පත් කරමිනි.

ලකුණු පිපාසයකින් සිටින කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත්තේ චරිත් අසගංක සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක අගනා සම්බන්ධතාවක් පවත්වමිනි. රෂීඩ් ඛාන්ගේ පන්දුවකට පෙරළා ඔහු අතටම උඩ පන්දුවක් දී අසලංකා දැවි යන විට පන්දු 43 කදී ලකුණු 36 ක් ලබා සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 2 කින් තම ඉනිම සරසාලමිනි.

පන්දු 84 කට මුහුණ දුන් කුසල් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් කුණු 92 ක් ලබා සිටියදී දැවී ගියේ පන්දු යවන්නාගේ දක්ෂතාව නිසා නොව දසුන් ශානක එල්ල කර පහරකින් වීම කණගාටුදායක තත්ත්වයක විය. දසුන් එල්ල කරන ලද පහර පන්දු යවන්නාගේ අතේ වැදී පන්දු යැවූ අන්තයේ කඩුල්ලේ දැවටෙන විටත් කුසල් මෙන්ඩිස් සීමා ඉරට ඉදිරියෙන් සිටි බැවින් ඔහුට පහසුවෙන්ම ශතකයක් කරා යෑමට තිබූ අවස්ථාව ද අවහිර විණ. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානයෙන් කුසල් මෙන්ඩිස් පිදුම් ලැබීය.

එම දැවී යෑමෙන් යවන ලද දෙවැනි පන්දුවේදී නායක දසුන් ශානක දැවී ගිය අතර ධනංජය ද සිල්වාටද වැඩි වේලාවෙක් පිටියේ රැදී සිටීමට අවස්ථාව නොලැබිණ. කෙසේ වෙතත් 7 වැනි කඩුල්ලට ඒක් වුණු දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ පන්දු 63 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 300 ආසන්නයට රැගෙන ගියහ. තවමත් ළාබාල වයසේ පසු වුවද පරිණත ක්‍රීඩකයකු ලෙසින් පන්දුවට පහර දුන් වෙල්ලාල‌ේ පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 33 ක් ලබා ගත්තේ කඩුල්ල නොබිඳිව තබා ගනිමිනි. අවසන් පන්දුවේදී තීක්ෂණ දැවී යන විට පන්දු 24 කදී ලකුණු 28 ක් ලබා සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ද තම ඉනිමට ඒල්ල කරමිනි.

ඉදිරි පෙල කඩුලු 3 සහ තීක්ෂණගේ කඩුල්ල දවා ගත් ගුල්බාදීන් නයිබ් ලකුණු 60 කට කඩුලු 4 ක් දවා ගනිමින් ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව ල ප 4 6
පැතුම් නිස්සංක ඇ.නජිබුල්ලා සද්‍රාන් ප.ගුල්බාදීන් නයිබ් 41 40 6 0
දිමුත් කරුණාරත්න ඇ.මොහොමඩ් නබී ප. ගුල්බාදීන් නයිබ් 32 35 6 0
කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී ගියා රශීඩ් ඛාන් 92 84 6 3
සධීර සමරවික්‍රම ඇ.රාමනුල්ලා ගුර්බාස් ප. ගුල්බාදීන් නයිබ් 3 8 0 0
චරිත් අසලංක ඇ.සහ ප.රශීඩ් ඛාන් 36 43 2 1
ධනංජය ද සිල්වා ප.මුජීබ් උර් රෙහ්මාන් 14 19 1 0
දසුන් ශානක ප.රශීඩ් ඛාන් 5 8 1 0
දුනිත් වෙමල්ලාලගේ නොදැවී 33 39 3 1
මහීෂ් තීක්ෂණ ප. ගුල්බාදීන් නයිබ් 28 24 2 1
අතිරේක 7
ඒකතුවම පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 291
කඩුලු වැටීම / 1-63 (දිමුත් 10.2), 2-80 (පැතුම් 14.4), 3-86 (සධීර 16.5), 4-188 (අසලංක 33.2), 5-221 (ධනංජය 38.1), 6-226 (කුසල් මෙන්ඩිස් 39.1), 7-227 (දසුන් 39.3), 8-291 (තීක්ෂණ 49.6)
පන්දු යැවීම
ෆසල්හක් ෆරූකි 7-1-52-0 මුජීබ් උර් රෙහ්මාන් 10-0-60-1
ගුල්බාදීන් නයිබ් 10-0-60-4 මොහොමඩ් නබී 10-0-35-0
රශීඩ් ඛාන් 10-0-63-2 කරීම් ජැනට් 3-0-20-0
ඇෆ්ගනිස්තානය
රාමනුල්ලා ගුර්බාස් ඇ.කුසල් මෙන්ඩිස් ප.කසුන් රජිත 4 8 1 0
ඊබ්‍රහිම් සද්‍රාන් ප.කසුන් රජිත 7 14 1 0
ගුල්බාදීන් නයිබ් කඩුල්ල මුවා කළා ප.කසුන් රජිත 22 16 4 0
රහමට් ෂා ඇ.මතීෂ ප.කසුන් රජිත 45 40 5 1
හෂ්මතුල්ලා ශහිදි ඇ.කසුන් රජිත ප.දුනිත් වෙල්ලාලගේ 59 66 3 1
මොහොමඩ් නබී ඇ.ධනංජය ද සිල්වා ප.මහීෂ් තීක්ෂණ 65 32 6 5
කරීම් ජනට් ඇ.දිමුත් කරුණාරත්න ප.දුනිත් වෙල්ලාලගේ 22 13 1 2
නජිබුල්ලා සද්‍රාන් ඇ.දුෂාන් හේමන්ත ප.කසුන් රජිත 23 15 1 2
රශීඩ් ඛාන් නොැදවී 27 16 4 1
මුජීබ් උර් රෙහ්මාන් ඇ.සධීර සමරවික්‍රම ප.ධනංජය ද සිල්වා 0 3 0 0
ෆසල්හක් ෆරූකි කඩුල්ල මුවා කලා ප.ධනංජය ද සිල්වා 0 3 0 0
අතිරේක 15
එකතුව පන්දුවාර 37.4 කදී සියලු දෙනා දැවී ලකුණු 289
කඩුලු වැටීම / 1-10 (ගුර්බාස් 2.2), 2-27 (ඊබ්‍රහිම් 4.6), 3-50 (නයිබ් 8.1), 4-121 (ෂා 18.4), 5-201 (නබී 26.3), 6-234 (ජට් 31.1), 7-237 (හෂ්මතුල්ලා 31.5), 8-276 (නජිබුල්ලා 35.4), 9-289 (රෙහ්මාන් 37.1)
පන්දු යැවීම
කසුන් රජිත 10-0-79-4 මහීෂ් තීක්ෂණ 10-0-62-1
දුනිත් වෙල්ලාලගේ 4-0-36-2 මතීෂ පතිරණ 10-0-63-1
දසුන් ශානක 2-0-32-0 ධනංජය ද සිල්වා 1.4-0-12-2

 

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee