slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2023
ලෝක කුසලාන තරගාවලියේදීත් වනිඳුගේ තැන දුශාන් හේමන්තට

sinhala editor

BY CHAMILA KARAWITA

ඔක්තෝම්බර් මස 05 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට අවසන් මොහොතේ හෝ පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ සහභාගිත්වය අපේක්ෂා කළද ඔහුගේ ආබාධිත තත්ත්වය තවමත් පූර්ණ අතට පත් නොවීම හේතුවෙන් අද (26 දා) පස්වරුවේ පිටත්ව යන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදි කළවයේ ආබාධයකට ගොදුරු වූ වනිඳු තවමත් සුවය ලබමින් සිටින බැවින් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කෙරෙනු ඇත. කෙසේ වෙතත් ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක පසුවනු ඇතැයි වෛද්‍යවරුන් නිඟමනයට පැමිණියහොත් පමණක් තරගාවලිය අතරතුරදී ආදේශකයකු ලෙස වනිඳුගේ සේවය කණ්ඩායමට ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුවේ. එහෙත් එවැනි අවස්ථාවක් වනිඳුට උදා වන්නේ කණ්ඩායමේ නම් කර ඇති 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ ක්‍රීඩකයකු ආබාධයකට ලක් වුවහොත් පමණි.

අදාළ ආබාධිත තත්ත්වය නිසා වනිඳු හසරංගට ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිකර දෙමින් ඉකුත්දා නිමාවට පත් වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි විය. ලොව විස්සයි-20 පන්දු යවන්නන් අතර අංක 1 ස්ථානයට පැමිණෙමින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටින වනිදු හසරංග වෙනුවට මෙම වතාවේදීත් දුශාන් හේමන්තව කණ්ඩායම් එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.

ඒ හැරුණු කොට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවුණු වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මදුශංකද ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනා අතරට ඇතුළත් කර තිබේ. මොවුන් දෙදෙනා කණ්ඩායමට පැමිණීමේදී ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද වේග පන්දු යවන්නන් වන ප්‍රමෝද් මදුෂාන් සහ බිනුර ප්‍රනාන්දුට ස්ථාන අහිමිිව තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අතිරේක ක්‍රීඩකයින් ලෙස එක්වීමේ අරමුණින් තුන් ඉරියව් චාමික කරුණාරත්නද ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද පිටත්ව යනු ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 වැනිදා) පස්වරුවේදීි ඉන්දියාව බලා පිටත්ව යනු ලබන අතර කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් 17 දෙනාට අමතරව පුහුණු කාර්යය මණ්ඩලයට 13 දෙනෙකු ඇතුළත්ව සිටිති. ඒ අතර කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙසින් මහේල ජයවර්ධන මහතාද කණ්ඩායම සමඟ පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම –

  1. දසුන් ශානක (නායක)
  2. කුසල් මෙන්ඩිස් (උප නායක)
  3. පැතුම් නිස්සංක
  4. කුසල් ජනිත් පෙරේරා
  5. දිමුත් කරුණාරත්න
  6. චරිත් අසලංක
  7. ධනංජය ද සිල්වා
  8. සධීර සමරවික්‍රම
  9. දුශාන් හේමන්ත
  10. මහීෂ් තීක්ෂණ
  11. දුනිත් වෙල්ලාලගේ
  12. කසුන් රජිත
  13. ළහිරු කුමාර
  14. මතීෂ පතිරණ
  15. ඩිල්ෂාන් මදුශංක

අතිරේක

1. චාමික කරුණාරත්න

කණ්ඩායම් නිලධාරීන් – මහින්ද හලංගොඩ (කලමනාකරු), ක්‍රිස් සිල්වර්වුඩ් (ප්‍රධාන පුහුණුකරු), මහේල ජයවර්ධන (පුහුණු උපදේශක), නවීඩ් නවාස් (සහාය පුහුණුකරු), පියල් විජේතුංග (දඟ පන්දු පුහුණුකරු), දර්ශන ගමගේ (වේග පන්දු පුහුණුකරු), ඇන්ටන් රූක්ස් (පන්දු රැකීමේ පුහුණුකරු), ග්‍රාන්ට් ලූඩන් (අභ්‍යාසක), ක්‍රිස් ක්ලාක් (භෞත චිකිත්සක), ශිරන්ත නිරෝෂන (පරිගණක දත්ත විශ්ලේෂක), රොහාන් ප්‍රියදර්ශන (සම්බාහක), පී. කිරිඇල්ල (වෛද්‍යතුමා), ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (තේරීම් කමිටු ප්‍රධානී)

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee