slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2023
ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

sinhala editor

19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූළස්ථානයේ පැවැති සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව සහන් ආරච්චිගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සිය ගුවන් ගමන ඇරඹුවේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රබල ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන යන රටවල් සමගින් තරග වදිනු ලබන අතර ඔවුන් අර්ධ අවසන් පූර්ව තරග වටය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

මෙම තරගාවලියේදී ‘ඒ‘ කාණ්ඩය යටතේ නේපාලය, මොංගෝලියාව සහ මාලදිවයිනද ‘බී‘ කාණ්ඩයෙන් කාම්බෝජය, හොංකොං සහ ජපානය ද තරග වදින අතර ‘සී‘ කාණ්ඩයෙන් මැලේසියාව, සිංගප්පූරුව සහ තායිලන්තයද තරග වදිති.

මූලික වටයේ තරග ඔක්තෝම්බර් මස 02 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම කාණ්ඩ 3 ජයග්‍රාහකයින් ඉහතින් සඳහන් ප්‍රධාන රටවල් සමගින් අර්ධ අවසන් තරග වටයේදී තරග වැදිනු ඇත. එම තරග වටයේ තරග ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරනු ලබන අතර එම තරතය ඔක්තෝබර් මස 04 වැනිදා සී කාණ්ඩයේ ජයග්‍රාහකයින් සමග තරග වදිනු ඇත.

තරගාවලියේ අවසන් පූර්ව තරග ඔක්තෝබර් 06 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය මෙන්ම තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා වන තරග ඔක්තෝම්බර් 07 වැනිදා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට පිටව යන්නෙ අවසන් වතාවට රන් පදක්කම් ලාභී කන්ඩායම ලෙසිි. 2014 වසරේ දකුණු කොරියාවේ පැවැති තරගාවලියේදී ළහිරු තිරිමාන්නගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිිස්තානය පරාජයට පත් කරමින් එම රන් පදක්කම දිනා ගැනීමට සමත්වූවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – සහන් ආරච්චිගේ (නායක), ලසිත් කෘෘස්පුල්ලේ, ෂෙවෝන් ඩැනියල්, අෂේන් බණ්ඩාර, අහන් වික්‍රමසිංහ, ළහිරු උදාර, රවිදු ප්‍රනාන්දු, රනිත ලියනාරච්චි, නුවනිඳු ප්‍රනාන්දු, සචිත ජයතිලක, විජයකාන්තා වියස්කාන්ත්, නිමේෂ් විමුක්ති, ළහිරු සමරකෝන්, නුවන් තුෂාර, ඉසිත විජේසුන්දර.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee