slc
logo
Home   |    News
ඔක්තෝබර් 30, 2023
ඉදිරි තරග සියල්ල ජයගත යුතුයි – නවීඩ් නවාස්

sinhala editor

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ජයගත යුතු බව දන්නා නිසා කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම තරග සැහැල්ලුවට නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසීය. ඒ මහතා පවසන්නේ ඉදිරි සෑම තරගයක්ම පහසුවෙන් ජයග්‍රහණය කිරීම අපහසු බවයි. නවාස් මහතා මේ බව පැවැසූවේ අද පූනේ මහාරාෂ්ට ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයට පෙර ඔක්තෝබර් 29 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.

“ඇෆ්ගනිස්තානය ඇත්තටම හොඳ කණ්ඩායමක්. ඒ වගේම ඉදිරි හැම තරගයක්ම අපිට අමාරු ගේම් එකක්. ඒ වගේම අපි ඉන්න තත්ත්වයේ ඉඳන් ඉදිරියට තරග සියල්ල දිනන්න අවශ්‍යයි. ඒ නිසා අපි කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්නේ නැහැ“ නවාස් මහතා පැවැසීය.

“අපි ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග කිහිපයක් ක්‍රීඩා කොට තිබෙනවා. පසුගිය ආසියානු කුසලානයේදීත් ක්‍රීඩා කළා. ඒ තරගවලදී අපි දිනුවා වගේම පැරදුණා. ඒ නිසයි මා කියන්නේ කණ්ඩායමක් එදා දවසේ ක්‍රීඩා කරන ආකාරය මත ජය පරාජය රඳා පවතිනවා කියා. සියල්ල රඳා පවතින්නේ ක්‍රීඩකයින් දවසේ ක්‍රීඩා කරන ආකාරය මත. අඩුවෙන් වැරදි කරන කණ්ඩායම වාසි ගන්නවා. ඒ වගේම තමයි අපි පසුගිය සති දෙක තුළ අවධානය යොමු කළේ පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුන වර්ධනය කර ගන්නයි. ඒ අංශ තුනේ හොඳම ක්‍රීඩාව ගෙන ඒමට අප උත්සාහ කරනවා“

“පුහුණුවීම් අතරතුරදී ළහිරු කුමාරගේ වම් පාදයේ මාංශ පේශිවල අපහසුතාවයක් ඇති වීම නිසා ඔහුට ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණා. මේ තත්ත්වය ඔහුට දිගටම පන්දු යැවීමට අභියෝගයක් නිසා 28දා සවස ස්කෑන් පරීක්ෂණයක් කළා. එහිදී වෛද්‍ය මතය වුණේ මාංශ පේශිවල ඉරීමක් ඇති බවයි. ඔහුට නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නම්, සති තුනක පමණ පුනරුත්ථාපන ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ නිසා ඔහු වෙනුවට දුෂ්මන්ත චමීරට කණ්ඩායමට එක්වන්න අයිසීසී තාක්ෂණ කමිටුව අවසරය දුන්නා. ඇෆ්ගනිස්තානයට එහෙි තරගයට චමීර ක්‍රීඩා කරනවා. මොකද අපි ක්‍රීඩා කරන්නේ වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් එක්කයි“ නවීඩ් නවාස් මහතා සඳහන් කළේය.

“පූනේ හොඳ තණතීරුවක්. මේ වසරේ ජනවාරි මාසයේදී අපි ඉන්දියාවට එරෙහිව විස්සයි තරගයක් ක්‍රීඩා කළේ මේ තණතීරුවේ. ඒ තරගය අපි දින්නා. මම හිතන්නේ මේක හොඳ තණතීරුවක් වෙයි. ඒ වගේම මේ තණතීරුවේ පසුගියදා එක්දින තරග පහක් පමණ පවත්වා තිබෙනවා. එම තරගවල ඉහළ ලකුණු ලබා ගත් තරග කිහිපයක් තිබුණා. ඉතින් අපි හිතනවා මේ තණතීරුව හොඳ එකක් වෙයි කියලා. අපේ පිතිකරුවන්ට ලකුණු ගොඩක් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය. ඒ වගේම අපි හිතනවා හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලා“

“කුසල් ජනිත් පෙරේරා තරග පහකින් එක් තරගයකදී ලකුණු 78ක් රැස් කළා. අනෙක් ඉනිම හතරේදීම ඔහු අසාර්ථක වුණා. කුසල් ජනිත් පෙරේරාට කණ්ඩායම වෙනුවෙන් යම් යම් රාජකාරි පැවැරී තිබුණා. ඔහු ආබාධයෙන් පස්සේ ආයෙත් ක්‍රිකට් ගහන්න ආවේ. ඔහුගේ උරහිසේ ආබාධයෙන් පසු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වුණේ. කුසල්ගෙන් බලාපොරොත්තු වූ දේ අපට ලැබුණේ නැහැ. නමුත් අපි ඔහුට ඉතා පැහැදිලි උපදෙස් හා අවස්ථාව දීලා තිබුණා නිදහසේ පහර දෙන්න. කුසල් මොන වගේ ක්‍රීඩකයෙක්ද කියලා අපි දැනගෙන හිටියා. ඔහුගේ සුපුරුදු ශෛලියට ක්‍රීඩා කිරීමේ නිදහස තිබුණා. තේරීම් කමිටුව දිමුත් කරුණාරත්න දෙස බලනවා“ නවීඩ් නවාස් මහතා පැවැසීය.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee