slc
logo
Home   |    News
ඔක්තෝබර් 15, 2023
නායකත්වයේ වෙනසක් සිදුකරමින් ශ්‍රී ලංකාව හෙට ඔස්ට්‍රේලියාව මුණ ගැසෙයි

sinhala editor

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට (16 දා) පැවැත්වෙන තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් විසින් සිදුකරනු ඇත. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවනු ලබන 26 වැනි නායකයා ලෙසින් කුසල් මෙන්ඩිස් හෙට තරයේදී ඉතිහාස ගත වද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලක්නව්හි ඒකානා ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට තරග වදිනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර පැවැති පෙරහුරු තරග වලදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 158 ක්ද, දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 76 ක්ද සහ පාකිස්තානයට එරෙහිව ලකුණු 122 ක් ලබා ගනිමින් පිතිකරුවකු ලෙස වඩාත් සාර්ථකත්වයට පත්වීමට මෙන්ඩිස් සමත්ව සිටියි. මෙහිදී කණ්ඩායමේ නායකත්වය හිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටින මෙන්ඩිස්, තම දක්ෂතාවලට නායකත්වයේ වගකීමට පීඩනයක් නොවන බවයි. තමන්ට මීට පෙරද ිවිධ තරගාවලිවලදී කණ්ඩායම මෙහෙයවා ඇති බවද සඳහන් කර සිටි අංක 3 පිතිකරුවා නායකත්වය යනු තමන්ට අලුත් දෙයක් නොවන බවද සඳහන් කර සිටියේය.

ජාත්‍යන්තර තලයේ නායකකයකු ලෙස තරග මෙහෙයවා නැතත් කුසල් වයයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ, ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ මෙන්ම ක්‍රීඩා සමාජ තරගවලදීද නායකත්වය දරා තිබේ. “නායකත්වයේ වගකීම ලැබුණා කියලා මගේ පිතිකරණය වෙනස් කිරීමේ උවමනාවක් නැහැ. මෙහේ ඇවිල්ලත් මම පෙරහුරු තරගයේදී කණ්ඩායමේ නායකත්වය දැරුවා. ඒ නිසා නායකත්වය මගේ පිතිකරණයට බාධාවක් කරගන්නේ නැතුව කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව සුපුරුදු පිතිහරඹයේ යෙදෙන්න මම බලාපොරොත්තු වෙනවා“ යැයි තරගයට පෙර අද (15 දා) පැවැති මාධ්‍ය හමුවේදී නව නායකයා අදහස් දක්වා සිටියේය.

දසුන් ශානක වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්ව කණ්ඩායමට එක් කිරීමට ලෝක කුසලාන තාක්ෂනික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. දසුන්ට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණද ආබාධයකට ලක්ව තිබෙන නමුත්, ඔහු වෙනුවට කිසිවකු කණ්ඩායමට ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන නොමැත. සදහන් වන ආකාරයට මතිෂගේ ආබාධත තත්ත්වයට සුව අතට පත්වීම සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බවට වෛද්‍යවරුන් නිිඟමනය කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් තරග 2 කට ක්‍රීඩා කළ අතර එම තරග 2 ම පරාජයට පත්විය. මූලික තරග වටයේ ශ්‍රී ලංකාවට තවත් තරග 7 කට ක්‍රීඩා කිරීමට නියමිත  අතර ශ්‍රී ලංකාවේ හෙට දිනයේ ප්‍රතිවාදීන් වන ඔස්ට්‍රෙිලියාවද මේ දක්වා තරග 2 කට ක්‍රීඩා කර තිබෙන අතර එම තරග 2ම පරාජයට පත්ව තිබීම විශේෂත්වයක් වේ.

ලෝක කුසලාන ඉතිහාසයේදී දෙපිළ අවස්ථා 11 කදී මුණ ගැසී තිබෙන අතර ඉන් තරග 8 ක ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු පිල සමත්ව සිටියි. එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ අවස්ථා 2 කදී පමණි. ඉන් එක් අවස්ථාවක් වන්නේ 1996 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී වන අතර අනෙක් තරගය වන්නේ එම තරගාවලියේදීම ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමට ඔවුන් නොපැමිණීම හේතුවෙන් ලද නිතරග ජයග්‍රහණය වේ.

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee