slc
logo
Home   |    News
ඔක්තෝබර් 26, 2023
බංග්ලාදේශ නැගීඑන පිල කඩුලු 7 ට ලකුණු 472 යි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තරගය නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 500 සීමාව ආසන්නයට පැමිණිමට සමත්ව සිටියහ. දිනය අවසන් වන විට බංග්ලාදේශ නැගීඑන ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 7 කට ලකුණු 472 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

බංග්ලාදේශ නැගීඑන පිලේ කොඳු නාරටිය වූ ආරම්භක පිතිකරු ආයිච් මොල්ලා ලකුණු 147 ක් ලබා ගනිමින් දැවැන්ත ලකුණු සංඛ්‍යාව ගොඩනැගීමේ පුරෝගාමියා බවට පත්වුයේ. පන්දු 299 ක් ඒ සදහා වැය කළ මොල්ලා ඊට හතරේ පහර 19 ක්ද එල්ල කළේය. ඉනිමේ සිව්වැනි පිතිකරුවා ලෙසින් මොල්ලා දැවී යන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 374 ක් ලෙසින් සටහන්ව තිබිණ.

මහමුදුල් හසන් ජෝයි අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වූවේය. ලකුණු 66 ක ලබා සිටියදී නිපුන් මාලිංගගේ පන්දුවක් හමුවේ හසන් ජෝයි පිටියෙන් ඉවත්ව ගියද මොල්ලාට එක් වුණු ශහාදාත් හොසේන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 ක් එක් කිරීමට දායකත්වය දැක්වීය. හොසේන් සහ මොල්ලා දෙදෙනාම ලකුණු 28ක් ඇතුළත දැවී ගියද පසු පෙළින් පැමිණි ප්‍රිෙටාම් කුමාර් පන්දු 47 කදී ලකුණු 44 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියි. ඉදිරි පෙළ පිතිකරුවන් මෙන්ම මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ද ලකුණු අතරට පිවස සිටියහ. පන්දු යැවීමේදී එෂාන් මාලිංග ලකුණු 97 කට කඩුලු 3 ක් බිද හෙළද්දී එෂාන් මාලිංග කඩුලු 2 ක් බිඳ හෙළුවේය. හෙට තරගයේ තෙවැනි දිනයයි.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පළමු ඉනිම කඩුලු 7 ට ලකුණු 472 යි – (අයිච් මොල්ලා 147, නව්රෝස් නබිල් 41, මහමුදුල් හසන් ජෝයි 66, ශහාදාත් හොසේන් 93, අබ්දුල් අල් පමුන් 26, ප්‍රිෙටාම් කුමාර් 44*, අහමඩ් ශරීෆ් 10, හසන් මුරාද් 21, එෂාන් මාලිංග 97/3, නිපුන් ප්‍රේමරත්න 84/2, කල්හාර සේනාරත්න 124/1, ශෂික දුල්ශාන් 72/1)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee