slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2023
බංග්ලාදේශ නැගී එන පිල තරගාවලිය සම කරයි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙසින් සම තත්ත්වයකට පත්විය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නැගි එන පිල පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින්ට ආරාධනා කළ අතර, ඕවර් 50කදී ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 7කට ලකුණු 297ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම කඩුලු 2කට ලකුණු 200ක් ලබා සිටියදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය.

බංග්ලාදේශ නැගී එන පිලේ නායක ප්‍රන්ටික් නව්රෝස් නබී නොදැවි ලකුණු 92ක් හා මහමුදුල් හසන් ජෝයි නොදැවී 57ක් ලබා ශ්‍රී ලංකා නැගී එන පිලට ප්‍රබල තර්ජන ගෙන දෙමින් පන්දුවට පහර දුන්හ. නව්රෝස් නබී පන්දු 116කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් එල්ල කළ අතර, හසන් ජෝයි පන්දු 96කදී හතරේ පහර 4ක් එල්ල කළේය.

ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන දුන් නායක අහන් වික්‍රමසිංහ පන්දු 79කදී හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 77ක් ලබා ඉනිම ශක්තිමත් කළ අතර, අහන් හා නවෝද් පරණවිතාන අතර, සිවුවැනි කඩුල්ලට පන්දු 79කදී ලකුණු 74ක සම්බන්ධතාවක් ගොඩනැගුණි. නවෝද් පන්දු 53කදී හතරේ 3ක් සමග ලකුණු 37ක් ලබාගත් අතර, ෂොනාල් දිනූෂ පන්දු 70කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 62ක් ලබා ගත්තේය.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අතර අවසන් හෙවත් තෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ 22 වැනිදා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 7ක් දැවී ලකුණු 297යි – ෂොහාන් ඩී ලිවේරා 23, නවෝද් පරණවිතාන 37, අහන් වික්‍රමසිංහ 77, ෂොනාල් දිනූෂ 62, විජේකාන්ත් වියෙස්කාන්ත් 25, චමිඳු වික්‍රමසිංහ නොදැවී 28 ( මුස්ෆික් හසාන් 56/3, අහමඩ් ෂාරිෆ් 53/2)

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 36කදී කඩුලු 2කට ලකුණු 200යි – ප්‍රවීස් හොසෙන් එමෝන් 35, ප්‍රන්ටික් නව්රෝස් නබී නොදැවි 92, මහමුදුල් හසන් ජෝයි නොදැවී 57 ( චාමික ගුණසේකර 34/1, චමිඳු වික්‍රමසිංහ 28/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee