slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2023
බංග්ලාදේශ නැගී එන පිල තරගාවලිය සම කරයි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙසින් සම තත්ත්වයකට පත්විය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නැගි එන පිල පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින්ට ආරාධනා කළ අතර, ඕවර් 50කදී ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 7කට ලකුණු 297ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම කඩුලු 2කට ලකුණු 200ක් ලබා සිටියදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය.

බංග්ලාදේශ නැගී එන පිලේ නායක ප්‍රන්ටික් නව්රෝස් නබී නොදැවි ලකුණු 92ක් හා මහමුදුල් හසන් ජෝයි නොදැවී 57ක් ලබා ශ්‍රී ලංකා නැගී එන පිලට ප්‍රබල තර්ජන ගෙන දෙමින් පන්දුවට පහර දුන්හ. නව්රෝස් නබී පන්දු 116කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් එල්ල කළ අතර, හසන් ජෝයි පන්දු 96කදී හතරේ පහර 4ක් එල්ල කළේය.

ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන දුන් නායක අහන් වික්‍රමසිංහ පන්දු 79කදී හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 77ක් ලබා ඉනිම ශක්තිමත් කළ අතර, අහන් හා නවෝද් පරණවිතාන අතර, සිවුවැනි කඩුල්ලට පන්දු 79කදී ලකුණු 74ක සම්බන්ධතාවක් ගොඩනැගුණි. නවෝද් පන්දු 53කදී හතරේ 3ක් සමග ලකුණු 37ක් ලබාගත් අතර, ෂොනාල් දිනූෂ පන්දු 70කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 62ක් ලබා ගත්තේය.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අතර අවසන් හෙවත් තෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ 22 වැනිදා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 7ක් දැවී ලකුණු 297යි – ෂොහාන් ඩී ලිවේරා 23, නවෝද් පරණවිතාන 37, අහන් වික්‍රමසිංහ 77, ෂොනාල් දිනූෂ 62, විජේකාන්ත් වියෙස්කාන්ත් 25, චමිඳු වික්‍රමසිංහ නොදැවී 28 ( මුස්ෆික් හසාන් 56/3, අහමඩ් ෂාරිෆ් 53/2)

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 36කදී කඩුලු 2කට ලකුණු 200යි – ප්‍රවීස් හොසෙන් එමෝන් 35, ප්‍රන්ටික් නව්රෝස් නබී නොදැවි 92, මහමුදුල් හසන් ජෝයි නොදැවී 57 ( චාමික ගුණසේකර 34/1, චමිඳු වික්‍රමසිංහ 28/1)

Active filters

Recent Posts

  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest