slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2023
බංග්ලාදේශ පිලෙන් ප්‍රභල ආරම්භයක්

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 167 ක් ලබා සිටියේය.

බංග්ලාදේශ නැගීඑන පිල වෙනුවෙන් අයිච් මොල්ලා පන්දු 143 කදී ලකුණු 74 ක්ද මහමුදුල් හසන් ජෝයි පන්දු 72 කදීි ලකුණු 49 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති. කාසියේ වාසිය තමන් සතු කරගත් බංග්ලාදේශ නැගීඑන නායක මහමුදුල් හසන් ජෝයි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඉනිම ආරම්භබ කළ නව්රෝස් නබිල් ලකුණු 41 ක් ලබා සිටියදී කල්හාර සේනාරත්නගේ පන්දුවක් හමුවේ ඔහු අතටම පෙරළා උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පන්දුවාර 46 කදී කඩුල්ලක් දැවී ලකුනු 167 යි – (අයිච් මොල්ලා 74*, මහමුදුල් හසන් ජෝයි 49*, නව්රෝස් නබිල් 41, කල්හාර සේනාරත්න 30/1)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest