slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2023
රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති

sinhala editor

චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු සඳහන් කර සිටියාය.

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නායිකාව එසේ සදහන් කර සිටියාය.

“ඇත්තටම මේ ජයග්‍රහණය පිළිබඳව මට ගොඩක් සතුටුයි. අපි කණ්ඩායමක් විදියට මේ ගැන ගොඩක් සතුටට පත් වෙනවා. මේ වසර අපිට ඉතා හොඳ වසරක්“ යැයි අතපත්තු සඳහන් කර සිටියාය.

“අපි එංගලන්තය පරාජය කොට විස්සයි-20 තරගාවලිය ජයග්‍රහණය කළා. ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් අපිට පරාජය කිරීමට හැකියාව ලැබුණා. අපේ බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමටයි. අපේ පන්දු යැවිම සහ පන්දු රැකීම මේ වන විට ඉතා හොද මට්ටමක සිටිනවා. පිතිහරඹයත් දියුණු කරලා හදා ගත්තොත් අපිට ලෝක කුසලාන දිනා ගන්න හැකියාව තියෙනවා‘ යැයි අතපත්තු සදහන් කර සිටියාය.

ආසියානු ක්‍රීඩා තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවේ  ප්‍රතිවාදීන් බවට පත් වුණු ඉන්දීය කාන්තා පිල හමුවේ ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අනුශූරතාව හෙවත් රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවූවාය.

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee