slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2023
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ලකුණු 102කින් ජය ලබයි

sinhala editor

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී ලකුණු 102ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දසුන් ශානක දිනා මුලින් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර, ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 428ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර් 44.5කදී සියලු දෙනා දැවී ලකුණු 326ක් ලබා ගත්තේය.

මෙම තරගයේදී වාර්තා රැසක් අලුත් වීම ද විශේෂත්වයකි.

දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල ලෙස ටෙම්බා බවුමාගේ කඩුල්ල දවා ගැනීමට දිල්ෂාන් මධුශංක ලකුණු පුවරුව 10ක් වෙද්දී සමත්වී හොදින් තරගයට අවතීර්ණ වුවද, ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩී කොක් සමග පිටියේ එක්වූ වැන් ඩර් ඩුසෙන් දකුණු අප්‍රිකාවේ ඉනිමට නව ජීවයක් එක් කළේය. පළමු ඕවර් 10දී කඩුල්ලක් දැවී ලකුණු 48ක් දකුණු අප්‍රිකාව ලබාගත්තද, කුවින්ටන් සහ වැන් ඩර් ඕවර් 20ක් වෙද්දී ලකුණු 118ක් එක් කිරීමට සමත් වූහ.

දැවැන්ත ප්‍රහාර එල්ල කළ කුවින්ටන් ඩි කොක් පන්දු 84කදී ලකුණු 100ක් රැස් කළ අතර, ශතකය රැස්කළ පසු මතිෂ පතිරණගේ ඊළඟ පන්දුවෙන් ඔහු දැවී ගියේය. කුවින්ටන් සහ වෑන් ඩර් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 204ක් රැස් කිරීමට සමත් වූ අතර, අනතුරුව එක්වූ ඒඩ්න් මාක්ක්‍රම් සහ වැන් ඩර් ඩුසන් තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 39කදී ලකුණු 50ක් එක් කිරීමට සමත් වූහ.

වැන් ඩේ ඩුසන් පන්දු 110 කදී හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් සමග ලකුණු 108ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය. ඩුසන් ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ ඒඩ්න් මාක්ක්‍රම් සහ හෙන්රි ක්ලාසන් ලකුණු පුවරුව වේගයෙන් කරකවන්නට විය.

මාක්ක්‍රම් සහ ක්ලාසන් දකුණු අප්‍රිකා 4වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36කදී ලකුණු 78ක් එක් කිරීමට සමත් විය. පන්දු 20 කදී හයේ 3ක් හා හතරේ පහරක් සමග වේගවත් ලකුණු 32ක් රැස් කළ ක්ලාසන් ගේ කඩුල්ල දවා ගැනීමට කසුන් රාජිත සමත් වුවද, ඒඩ්න් මාක්ක්‍රම් පන්දු 49 කදී ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර එය ලෝක කුසලාන තරගාවලියකදී පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොතේ සටහන් විය.

මාක්ක්‍රම් පන්දු 56 කදී හයේ 3ක් හා හතරේ 14ක් සමග ලකුණු 106ක් රැස් කරනු ලැබූ අතර දිල්ශාන් මධුශංකගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට දකුණු අප්‍රිකාව කඩුලු 5කට ලකුණු ලකුණු 383ක් වී තිබිණි. දකුණු අප්‍රිකානු පිතිකරුවෝ සිය ඉනිමේ අවසන් පන්දු ඕවර් 10 තුළදී ලකුණු 137ක් රැස් කිරීමට සමත්වීමෙන් ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා පොතේ සටහන් විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු 5ක් සහ එක් දුවද්දි දවා ගැනීමේ අවස්ථාවක් ගිලිහි යෑම ප්‍රබල පාඩුවක් විය.

කේසේ වුවද කුසල් මෙන්ඩිස්ගේ ආක්‍රමණශීලි ප්‍රහාරය ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී බලාපොරොත්තු එක් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට පැතුම් නිශ්ශංක ලකුණු නොලබා දැවී ගියේ මාර්කෝ ජැන්සන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ ගැටීමෙනි. අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකානු පන්දු යවන්නට එරෙහිව කුසල් මෙන්ඩිස් පන්දු 42කදී හයේ 8ක් හා හතරේ පහර 4ක් සමග ලකුණු 76ක් ලබාගත් අතර, කාගිසෝ රබාඩාගේ පන්දුවකට ක්ලාසන් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු සධීර සමරවික්‍රම ලකුණු 23ක් ගලා දැවී ගිය අතර, ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 39ක් එක් කළහ. ධනංජය ද සිල්වා ලකුණු 11ක් ලබා දැවී ගිය පසු චරිත් අසලංක හා නායක දසුන ශානක දැඩි වෙහෙසකින් ඉනිම ගොඩනැංවූහ. චරිත් අසලංක පන්දු 65කදී හයේ 4ක් හා හතරේ 8ක් සමග ලකුණු 79ක් රැස් කරගෙන සිටියදී ලුන්ගී එන්ගිඩිගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක හෙන්ඩ්රිකස් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. අසලංක – ශානක යුගලය ශ්‍රී ලංකා ඉනිමේ 6වැනි කඩුල්ලට පන්දු 72කදී ලකුණු 82ක සම්බන්ධතාවයක් එක් කළහ.

බොහෝ විවේචන මැද කලකට පසු ලකුණු අතරට පැමිණීමට නායක දසුන් ශානක පන්දු 62 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 68ක් රැස් කළ අතර, පන්දු යවන්නෙකු ලෙස ප්‍රකට කසුන් රාජිත පන්දු 31කදි හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 33ක් රැස් කළේය.

ලෝක කුසලාන තරගයක පළමු වතාවට එක් ඉනිමකදී පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස් කළ තරගය (කුවින්ටන් ඩි කොක්, වැන්ඩේ ඩුසන් සහ ඒඩ්න් මාක්ක්‍රම්), කණ්ඩායම් දෙකක් විසින් තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව (ලකුණු 754ක්)ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව (දකුණු අප්‍රිකාව කඩුලු 5කට ලකුණු 428) නවදිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම එක්දින ලකුණු ගණන (දකුණු අප්‍රිකාව ලකුණු 428ක්) හා ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය ( ඒඩන් මාක්‍රම් පන්දු 49කදී) මෙම තරගයේදී වාර්තා පොතේ සටහන් විය.

දකුණු අප්‍රිකාව 

ක්වින්ටන් ඩි කොක් ඇ. ද සිල්වා ප. පතිරණ 100 
ටෙම්බා බවුමා ක.මු.කළා. ප. මධුශංක       8 
වැන් ඩර් ඩුසන් ඇ. සමරවික්‍රම ප.වෙල්ලාලගේ 108 
ඒඩන් මාක්‍රම් ඇ. රාජිත ප. මධුශංක          106 
හෙන්රිච් ක්ලාසන් ඇ. ශානක ප. රාජිත                                32
ඩේවිඩ් මිලර්  නොදැවී                                                       39 
මාර්කෝ ජැන්සන් නොදැවී                                                12
අතිරේක                                                                          23
එකතුව (ඕවර් 50කදී කඩුලු 5කට)                                     428

කඩුලු වැටීම: 1-10, 2-214, 3-264, 4-342, 5-383 

පන්දු යැවීම : කසුන් රාජිත 10- 1- 90- 1, ඩිල්ෂාන් මධුශංක 10 - 0 - 86 - 2, දසුන් ශානක 6 - 0 - 36 - 0, ධනංජය ද සිල්වා 4 - 39 - 0, මතීෂ පතිරණ 10 - 0 - 95 - 1, දුනිත් වෙල්ලාලගේ 10 - 0 - 81 - 1

ශ්‍රී ලංකාව
පැතුම් නිශ්ශංක ප. ජැන්සෙන්                                     0
කුසල් ජනිත් පෙරේරා ප. ජැන්සෙන්                                        7
කුසල් මෙන්ඩිස් ඇ. ක්ලාසන් ප. රබාඩා                                  76
සධීර සමරවික්‍රම ප. ජැන්සෙන්                                               23
චරිත් අසලංක ඇ. හෙන්ඩ්රිකස් (අතිරේක) ප. එන්ගිඩී               79
ධනංජය ද සිල්වා ඇ. පෙහෙල්ක්වායෝ (අතිරේක) ප. මහාරාජ්   11
දසුන් ශානක  ප. මහාරාජ්                                                       68
දුනිත් වෙල්ලාලගේ ඇ. ක්ලාසන් ප. කොට්සී                             0  
කසුන් රාජිත ඇ. මාක්රම් ප. කොට්සී                                       33
මතීෂ පතිරණ ප. රබාඩා                                                          5
ඩිල්ෂාන් මධුශංක   නොදැවී                                                    4
අතිරේක                                                                             20
එකතුව (ඕවර් 44.5කදී)                                                        326
කඩුලු වැටීම: 1-1, 2-67, 3-109, 4- 111, 5- 150,  6-232, 7-233, 8-291, 9-322, 10-326
පන්දු යැවීම : ලුන්ගි එන්ගීඩී 8 -1 - 49 -1, මාර්කෝ ජැන්සෙන් 10 - 0 - 92 - 2, කගිසෝ රබාඩා 7.5 - 0 - 50 - 2, කේෂව් මහාරාජ් 10 - 0 - 68 - 3, ජෙරල්ඩ් කෝට්සි 9 - 0 - 68 - 3




Active filters

Recent Posts

  • පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය
    ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී […]
  • එස්.එස්.සී සහ කෝල්ට්ස් දක්ෂතා දක්වති
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ මේජර් අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (09) ආරම්භ වු තරග අතුරින් එස්.එස්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් කැපී පෙනෙන දක්ෂතා […]
  • ශ්‍රී ලංකාව දශකයකට පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක් ලබයි
    එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර තරගාවලිය 1-2 ක් ලෙස […]
  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee