slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2023
ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය පෙරමුණ ගනිති

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (17 දා) පැවැති පළමු පන්දුවාර 50 තරගයෙන් ලකුණු 99 ක ජයක් (ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව) වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පෙරමුණට පැමිණියේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අහන් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණඩායම පන්දුවට පහර දෙමින් සිටියදී 49 වැනි පන්දුවාරයේ පළමු පන්දුව යැවීමත් සමඟ වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වන විටත් කඩුලු 8 ක් දැවී ලකුණු 245 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත් වූයෙන් නැවතත් ප්‍රතිවාදී බංග්ලාදේශ පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 47 කදී ලකුණු 251 ක ඉලක්කයක් හිමිවිය.

එය හඹා යෑමේදී බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 38 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි. සංචාරක පිල වෙනුවෙන් මැද පෙළ පිතිකරු අබ්දුල්ලා අල් මනුම් පන්දු 84 කදී ලකුණු 64 ක් ලබා ගනිද්දී සෙසු පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට අෂෙයින් ඩැනියල් ප්‍රමුඛ සත්කාරක පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු ඩැනියෙල් පන්දුවාර 10 දී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 30 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත් අතර වේග පන්දු යවන එෂාන් මාලිංග ලකුණු 36 කට කඩුලු 3 ක් දවාලූවේය.

පන්දුවට පහර දීමේදී අර්ධ ශතක 3 ක් වාර්තා කිරීමට නැගී එන පිතිකරුවෝ සමත්වූහ. මෙහිදී නායක අහන් වික්‍රමසිංහ පන්දු 53 කදී නොදැවී ලකුණු 68 ක් ලබා ගත්තේ ඉනිමෙ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. අහන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත්විණ. ඔහුට අමතරව ආරම්භක පිතිකරු මොහොමඩ් ශමාස් පන්දු 89 කදී ලකුණු 62 ක් සහ නවෝද් පරණවිතාන පන්දු 71 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 66 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා නැගී එන ඉනිම ශක්තිමත් කළහ.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පන්දුවාර 48.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 245 යි – (මොහොමඩ් ශමාස් 62, පවන් රත්නායක 19, නවෝද් පරණවිතාන 66, අහන් වික්‍රමසිංහ 68*, රිපෝන් මොන්ඩොල් 32/4)

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 38 කදී සියලු දෙනා දැවී ලකුණු 152 යි – (අබ්දුල්ලා අල් මමුන් 64, රිෂාඩ් හොසේන් 15, මහමුදුල් හසන් ජෝයි 18, රිපෝන් මොන්ඩොල් 14, අෂේන් ඩැනියෙල් 30/4, විජයකාන්ත් වියස්කාන්ත් 44/2, එෂාන් මාලිංග 36/3)

 

Active filters

Recent Posts

  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest