slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2023
ශ්‍රී ලංකා යොවුන් පිල මේ මසදී පාකිස්තානයේ සංචාරයක

sinhala editor

පාකිස්තානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඔක්තෝම්බර් මස 12 වැනිදා පාකිස්තානය බලාපිටත්ව යනු ඇත. එම තරගාවලිය යටතේ එක සිවුදින තරගාවලියක් සහ පන්දුවාර 50 තරග 5 ක ඇතුළත් වේ. මෙම සියලුම තරග ඔක්තෝම්බර් 15 වැනිදා සිට 31 වැනිදා දක්වා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය ඔක්තෝම්බර් 15 වැනිදා ආරම්භ වන සිවුදින තරගයෙන් ආරම්භ වන අතර එම තරගයෙන් පසු ඔක්තෝම්බර් මස 22 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන ඇත.

2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් දෙපිළම යොදා ගනු ලබන මෙම තරගාවලියට ක්‍රීඩා කළ හැක්කේ 2004 වසරේ සැප්තැම්බර් මස 01 වැනිදා හෝ ඊට පසු උපන් ක්‍රීඩකයින්ට පමණි.

මෙම තරගාවලියේ මේ වසරේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවනු ලබන සිව්වැනි තරගාවලිය වන්නේය. මීිට පෙර මෙම වසර මුලදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී සිව්කොන් තරගාවලියදට පසුව ඇෆ්ගනිස්තානයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගිවූ අතර අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණඩායම සමග සිය මව්බිමේදී සිව්දින සහ එක්දින තරගාවලියකට ක්‍රීඩා කළේය. එම තරගාවලියේ සිවුදින තරගාවලිය 1-0 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එක්දින තරගාවලියද 2-1 ක් ලෙස ජය වාර්තා කළේය.

තරග කාල සටහන

ඔක්තෝම්බර් 15-18 – පළමු සිවුදින තරගය

ඔක්තෝම්බර් 22 – පළමු එක්දින තරගය

ඔක්තෝම්බර් 24 – දෙවැනි එක්දින තරගය

ඔක්තෝම්බර් 27 – තෙවැනි එක්දින තරගය

ඔක්තෝම්බර් 29 – සිවුවැනි එක්දින තරගය

ඔක්තෝම්බර් 31 – පස්වැනි එක්දින තරගය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar