slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2023
නවෝද් සහ ෂෙනාල්ගෙන් ශතක

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 501ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 7කට ලකුණු 298ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන හා අංක 4 පිතිකරු ෂෙනාල් ධනුෂ්ක ශතක රැස්කරමින් ඉනිම ගොඩනැගූ අතර, දිනය නිමා වෙද්දී කල්හාර සේනාරත්න නොදැවී ලකුණු 12ක් හා ෂශික දිල්ෂාන් නොදැවී ලකුණු 5ක් ලබා සිටියහ.

නවෝද් පරණවිතාන පන්දු 188කදී හතරේ පහර 18ක් එල්ල කරමින් ලකුණු 136ක් ලබාගත් අතර, ෂොනාල් දිනූෂ පන්දු 172කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමග ලකුණු 106ක් වාර්තා කළේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට පන්දු 295කදී ලකුණු 223ක අනගි සබඳතාවක් ගොඩ නැගුණි. නවෝද් හා ෂොනාල් හැරුණුකොට අහන් වික්‍රමසිංහ ලකුණු 23ක් ලබාගත් අතර, අනෙක් දැවීගිය පිතිකරුවන් සිව් දෙනකුම ලකුණු 5ට අඩුවෙන් දැවී ගියහ.

බංග්ලාදේශ නැගීඑන පිල වෙනුවෙන් අයිච් මොල්ලා පන්දු 299කදී හතරේ පහර 19ක් සමඟ ලකුණු 147ක් ලැබූ අතර, මහමුදුල් හසන් ජෝයි පන්දු 86කදීි ලකුණු 66ක්, සහදට් හොසේන් පන්දු 156කදී හයේ 2ක් හා හතරේ 6ක් සමඟ ලකුණු 93ක් හා ප්‍රිටොම් කුමාර් පන්දු 61කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 69ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා නැගී එන පිලේ ඒෂාන් මාලිංග කඩුලු 5ක් හා නිපුන් ප්‍රේමරත්න කඩුලු 2ක් බිඳ හෙලූහ.

කාසියේ වාසිය තමන් සතු කරගත් බංග්ලාදේශ නැගීඑන නායක මහමුදුල් හසන් ජෝයි පළමුව පන්දුවට පහර දීමට තීරණය අතර, අයිච් මොල්ලා හා මහමුදුල් හසන් අතර දෙවැනි කඩුල්ලට පන්දු 181කදී ලකුණු 120ක් හා අයිච් මොල්ලා හා සහදට් හොසේන් අතර තෙවැනි කඩුල්ලට පන්දු 273කදී ලකුණු 150ක සම්බන්ධතාවක් ගොඩනැගුණි.

බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම කඩුලු 9කට ලකුණු 501යි – අයිච් මොල්ලා 147, මහමුදුල් හසන් ජෝයි 66, සහදට් හොසේන් 93, නව්රෝස් නබිල් 41, ප්‍රිටොම් කුමාර් 69 ( ඒෂාන් මාලිංග 106/5, නිපුන් ප්‍රේමරත්න 84/2, කල්හාර සේනාරත්න 124/1, ශෂික දුල්ෂාන් 92/1)

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම කඩුලු 7කට ලකුණු 298යි – නවෝද් පරණවිතාන 136, ෂොනාල් දිනූෂ 106, අහන් වික්‍රමසිංහ 23 ( හසන් මුරාඩ් 55/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee