slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2023
බංග්ලාදේශ නැගීඑන පිලට එරෙහි ශ්‍රී ලංකා නැගීඑන සංචිත නම් කරයි

sinhala editor

සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කණ්ඩායමේ නැගිඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එක්දින සහ සිව්දින තරගාවලි වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් දෙකක් නම් කර තිබීම කැපි පෙනෙන සිදුවීමක් වේ.

මෙහිදී පළමුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද එක්දින සංචිතයේ නායකත්වය අහන් වික්‍රමසිංහට ලබා දී තිබෙන අතර සිව්දින තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකම සොනාල් දිනූෂට පවරා තිබේ.

දෙරරට අතර තරගාවලිය ඔක්තෝම්බර් මස 17 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භ වන අතර එම තරග 3 න් අනතුරුව සිව්දින තරගාවලිිය ආරම්භ වනු ඇත. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගනයෙන්දී පැවැත්වෙනු ඇත.

එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම – ෂෙවෝන් ඩැනියල්, සොහාන් ද ලිවේරා, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ (නායක), මොහොමඩ් ශමාස්, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, චමිඳු විජේසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, අෂේයින් ඩැනියල්, චාමික ගුණසේකර, එෂාන් මාලිංග, වනුජ සහන්, නිපුන ප්‍රේමරත්න.

සිව්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – අභිෂේක් ලියනාරච්චි, නවෝද් පරණවිතාන, පවන් රත්නායක, සොහාන් ද ලිවේරා, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ (නායක), චමිදු විජේසිංහ(පළමු සිවුදින තරගය සඳහා), සකුන ලියනගේ, ශෂික දුල්ශාන්, කවිඳු නදීෂාන්, කල්හාර සේනාරත්න, චාමික ගුණසේකර, එෂාන් මාලිංග, නිපුන් ප්‍රේමරත්න, ටී. විතූසාන්, චමිඳු වික්‍රමසිංහ. (දෙවැනි සිව්දින තරගය සදහා)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee